MCQ - Engineering Technology

මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 50ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

Mix Quiz 20

1 / 20

1. තීන්ත ආලේප කිරීම සඳහා භාවිත වන විසිකරයක (Spray gun) දළ රූප සටහනක් පහත දැක්වේ. මෙහි A, B සහ C යන ස්ථානවල පීඩනය පිළිවෙළින් PA, PB සහ PC වේ. වාතය අසම්පීඩ්‍ය දුස්‍රාවී නොවන තරලයක් සේ සැලකූ විට, පහත දක්වා ඇති සම්බන්ධතා අතුරෙන් PA, PB සහ PC අතර වඩාත් නිවැරදි සම්බන්ධතාව කුමක්ද?

2 / 20

2. මෘදු වානේ කොටසක පිහිටා ඇති සිදුරක විෂ්කම්භය වැඩි කර ගැනීම සඳහා භාවිත කළ නොහැකි යන්ත්‍රය වනුයේ,

3 / 20

3. රූපයේ දක්වා ඇත්තේ වැඩබිමක භාණ්ඩ ඉහළට එසවීම සඳහා යොදාගන්නා යාන්ත්‍රණයකි. එහි W ගැඩවිලාව සහ G ගැඩවිල් රෝදය අතර වේග අනුපාතය 20:1 කි. G රෝදයේ අරය 10 cm වන අතර D සිලින්ඩරයේ අරය 20 cm වේ. D සිලින්ඩරය සහ G ගැඩවිල් රෝදය S ඊෂාව මගින් දෘඪව සම්බන්ධ කර ඇත. M මෝටරයේ භ්‍රමණ වේගය 100 rad/s වන විට A බාල්දියේ සිරස් වේගය තත්පරයට මීටර (m/s) කොපමණ ද?

4 / 20

4. මෝටර් රථයක තිරිංග පද්ධතිය හා සම්බන්ධ පහත ප්‍රකාශ අතුරෙන් වැරදි ප්‍රකාශය කුමක්ද?

5 / 20

5. පාපැදියක දැති රෝද සහ දම්වැල් එළවුම් පද්ධතියේ, එළවුම් රෝදය දැති රෝද 3 කින් සහ එළවෙන රෝදය දැති රෝද 6 කින් සමන්විත වේ. මෙම ජව සම්ප්‍රේෂණ පද්ධතිය මගින් ලබාගත හැකි වේග අනුපාත ගණන කොපමණද ?

6 / 20

6. පරිපථයේ දැක්වෙනුයේ සන්ධි ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක් (JFET) වර්ධකයක් ලෙස භාවිත වන අවස්ථාවකි. සොරොව් ධාරාව (ID) 3 mA නම් VGS හා VDS පිළිවෙළින්,

7 / 20

7. රූපයේ දක්වා ඇති ජව සැපයුම් පරිපථය සලකා බලන්න. එහි භාවිත කර ඇති පරිණාමකය 230 V/22 V වන අතර සෙනර් ඩයෝඩයෙහි සෙනර් වෝල්ටීයතාව 12 V ක් වේ. පහත A, B හා C වලින් දක්වා ඇත්තේ පරිපථය දෝෂ සහිත අවස්ථා 3ක දී ලබාගත් V1, V2, හා V3, වෝල්ටීයතා වේ.

A   -    V1 = 0V,  V2 = 0V,  V3 = 0V

B   -    V1 = 230V,  V2 = 30V,  V3 = 30V

C   -    V1 = 230V,  V2 = 30V,  V3 = 0V

ඉහත A, B සහ C අවස්ථාවලට අදාළ දෝෂ සහිත උපාංග, පිළිවෙළින්, වනුයේ,

8 / 20

8. පහත සඳහන් කවර පරාමිතියක් මගින් සිලින්ඩර 4ක් සහිත සිව්පහර පුළිඟු ජ්වලන එන්ජිමක, එන්ජිමේ භ්‍රමණ වේගය නිර්ණය කළ නොහැකි ද?

9 / 20

9. ගොඩනැගිල්ලක පිටත බිත්ති ආවරණය කර සැරසීම සඳහා රූපයේ දක්වා ඇති පරිදි තුනී තහඩු කොටස් 300 ක් කපා ගැනීමට අවශ්‍යව ඇත. මේ සඳහා භාවිත කළ හැකි වඩාත් සුදුසු CNC යන්ත්‍ර වර්ගය වන්නේ.

10 / 20

10. මිනුම් ලබා ගැනීමේ දී සම්මත ක්‍රමවේද භාවිතයෙන් (Standard methods of measurements) අත්වන වාසියක් වන්නේ,

11 / 20

11. රූපයේ දැක්වෙනුයේ D වර්ගයේ පිළිපොලක (D-flip flop) පරිපථ සටහනකි. එහි සත්‍යතා සටහන වනුයේ කුමක්ද?

12 / 20

12. P, Q හා R යනු සංඛ්‍යාංක පරිපථයක ප්‍රදාන 3 කි. PQR මගින් ද්විමය සංඛ්‍යාවක් නිරූපණය කරයි. P යනු එම ද්විමය සංඛ්‍යාවේ විශාලතම ස්ථානයයි. පහත පරිපථ අතුරෙන් කුමන පරිපථයක් / පරිපථ, අගය 5ට වඩා වැඩි සංඛ්‍යා හඳුනා ගැනීමට භාවිත කළ හැකිද?

13 / 20

13. රූපයේ දක්වා ඇති කාරකාත්මක වර්ධක පරිපථයේ I1, ධාරාව වනුයේ,

14 / 20

14. නිෂ්පාදනයක, ඇලුමිනියම් සහ වානේ කොටස් දෙකක් එකලස් කිරීම සඳහා භාවිත කළ නොහැකි ක්‍රමය වනුයේ,

15 / 20

15. නිති මූට්ටු (Constant mesh) වර්ගයේ ගියර පෙට්ටියක දළ සටහනක් රූපයේ දැක්වේ. A සිට I දක්වා වූ ගියර රෝදවල ඇති දැති සංඛ්‍යාව වගුවේ දක්වා ඇත. ප්‍රදාන ඊෂාවෙහි භ්‍රමණ වේගය 3000 rpm නම් ප්‍රතිදාන ඊෂාව මගින් ලබාගත හැකි උපරිම භ්‍රමණ වේගය rpm කොපමණ ද?

16 / 20

16. රූපයේ දක්වා ඇති ට්‍රාන්සිස්ටර වර්ධක පරිපථයේ නැඹුරුම් ලක්ෂ්‍යයේ දී (Q-point) IBQ, ICQ හා VCEQ පිළිවෙළින්,

17 / 20

17. මෝටර් රථයක එළවුම් රෝද පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

A - එළවුම් රෝද මත යෙදෙන ව්‍යාවර්තය, නිමි එළවුමේ දැති අනුපාතය මත රඳා පවතියි.

B - එළවුම් රෝද විසින් මාර්ගය මත යෙදෙන බලය, එළවුම් රෝදයෙහි විෂ්කම්භය මත රඳා පවතියි.

C - එළවුම් රෝද වලට ලැබෙන ජවය, රෝද මගින් මාර්ගය මත යෙදෙන ව්‍යාවර්තය තීරණය කරයි.

මෙම ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

18 / 20

18. දී ඇති ද්‍රාව පරිපථ සටහන සලකන්න. එහි P ලෙස සඳහන් කර ඇති කොටුව තුළට වඩාත් ගැළපෙන කපාටයේ සංකේතය කුමක්ද?

19 / 20

19. රූපයේ පෙන්වා ඇති පරිදි කතිර ජැක්කුවක් (Scissor Jack) භාවිත කර 250 kg භාරයක් ඔසවා ස්ථාවර ලෙස තබා ඇත. එහි A කොටසෙහි ක්‍රියාත්මකවන බල වර්ගය කුමක්ද?

20 / 20

20. පහත දක්වා ඇති ක්‍රියාවන් අතුරෙන් කම්මල් වැඩ සේ සැලකිය නොහැක්කේ,

Your score is

The average score is 0%

0%