මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

02 - ප්‍රමාණ බිල්පත් සැකසීම සහ පිරිවැය ගණනය

1 / 10

1. ප්‍රමාණ බිල්පතක ඇතුළත් කර ඇති ලාභ ප්‍රතිශතය රඳා නොපවතින කරුණ වනුයේ,

2 / 10

2. ප්‍රමාණ බිල්පත්‍රයක අවිනිශ්චිත (Provisional) වියදම් ලෙස ඇතුළත් කරනු ලබන වැඩ අයිතමයක් වන්නේ,

3 / 10

3. ගඩොල්වල 'සියල්ල අඩංගු ද්‍රව්‍ය මිල' සම්බන්ධව පහත ප්‍රකාශ සලකා බලන්න.

A - ගඩොල් නාස්තිය වැඩි වූ විට එය වැඩි වේ.

B - පැටවුම් කුලිය නිසා එය වැඩිවන අතර, බෑමේ කුලිය නිසා එය අඩු වේ.

C - අත්පිට මුදලට සිදු කරන මිලදී ගැනීමේ දී ලැබෙන වට්ටම නිසා එය අඩු වේ .

D - ඉදිකිරීම සිදු කරන්නේ ගොඩනැගිල්ලේ කීවෙනි තට්ටුවේ ද යන්න මත එය රඳා පවතී.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශ වනුයේ,

4 / 10

4. පහත සඳහන් ලියකියවිලි සලකා බලන්න.

A - ගැටලු පත්‍රය

B - ලාභ/ අලාභ ප්‍රකාශය

C - මිනුම් පත්‍රය

ඉහත ලියකියවිලි අතුරෙන්, ප්‍රමාණ සමීක්ෂකයකු භාවිත කරන ලියකියවිල්ල/ලියකියවිලි වනුයේ,

5 / 10

5. ඒකක මිල ගණනය කිරීමේදී භාවිත නොවන්නේ කුමක්ද?

6 / 10

6. යෝජිත ව්‍යාපෘතියක පිරිවැය තක්සේරු කිරීම පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ සලකන්න.

A - එමගින් ව්‍යාපෘතියේ නාස්තිය අවම වනු ඇත.

B - එමගින් ව්‍යාපෘතියේ කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇත.

C - එමගින් ඉදිකරන අවධියේ දී ඉදිකිරීම් ක්‍රම වේද තෝරා ගැනීමේ නම්‍යශීලිත්වය ඉහළ නංවනු ඇත.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

7 / 10

7. සම්මත මිනුම් ක්‍රම සඳහා අදාළ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - ඒවා වැඩ අයිතමයන්හි මිනුම්වල ඒකකය දක්වයි

B - ඒවා වැඩ අයිතමයන්හි මිනුම් ලබා ගන්නා ආකාරය දක්වයි

C - ඒවා වැඩ අයිතමයන්හි ඒකක මිල දක්වයි

D - ඒවා වැඩ අයිතම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ දක්වයි

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශ වනුයේ,

8 / 10

8. ඉදිකිරීමේ ව්‍යාපෘතියක දී කොන්ත්‍රාත්කරු විසින් පොළොවට බිම් උළු යෙදීම සඳහා වර්ග මීටරයට රු. 6,000 ක මුදලක් ඉල්ලා සිටියි. බිම් උළු යෙදිය යුතු බිම් වර්ග ඵලය 150 m2 කි. කොන්ත්‍රාත්කරුගේ තක්සේරුව අනුව ද්‍රව්‍ය පිරිවැය රු. 300,000 ක්, කම්කරු කුලිය රු. 200,000 ක් සහ උඩිස් වියදම රු. 60,000 ක් වේ. මෙම ව්‍යාපෘතිය මගින් කොන්ත්‍රාත්කරු ලබන ලාභය වනුයේ,

9 / 10

9. ප්‍රමාණ සමීක්ෂණයේ දී භාවිත වන ඒකක මිල ගණනය කිරීම හා සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

A - අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ දී ලැබෙන වට්ටම අඩු වන විට අදාළ ඒකක මිල වැඩි වේ.

B - අමුද්‍රව්‍ය භාවිතයේ දී සිදු වන නාස්තිය වැඩිවීමත් සමග ඒකක මිල වැඩි වේ.

C - යන්ත්‍රෝපකරණ සඳහා වැය වන කුලිය වැඩිවීමත් සමග ඒකක මිල වැඩි වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

10 / 10

10. ප්‍රමාණ සමීක්ෂකයකු භාවිත කරන ලියකියවිලි හා සම්බන්ධ පහත දක්වා ඇති ප්‍රකාශ සලකා බලන්න.

A - ගැටලු පත්‍රය (query sheet) යනු වැඩබිමෙහි ඇති වන ප්‍රමාද වීම් පිළිබඳ වාර්තා තබන ලියවිල්ලයි.

B - ලුහුඬු පත්‍රය (abstract sheet) යනු මිනුම් පත්‍රයේ (taking-off sheet) සාරාංශය වාර්තා කර තබන ලියවිල්ලයි.

C - ප්‍රමාණ බිල්පතෙහි (BOQ) පළමු කොටස වන්නේ මිල නියම කිරීමේ පූර්විකාවයි (pricing preamble).

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

Your score is

The average score is 0%

0%