මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

04 - බිම් මැනීම සහ මට්ටම් ගැනීම

1 / 10

1. A සහ B ස්ථාන දෙකක් අතර ඇල දුර 20.00 m කි. A හි සහ B හි ඌනිත උස පිළිවෙළින් 100.00 m සහ 103.00 m කි. 1:1000 පරිමාණයට අඳින ලද බිම් සැලැස්මක් මත A සහ B ස්ථාන දෙක අතර දුර වනුයේ,

2 / 10

2. මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක දී භාවිත කරන ලද වගුවක් පහත දැක්වේ. ඉහත වගුවේ, A සහ B ස්ථාන වලට අදාළ පාඨාංක පිළිවෙළින් වනුයේ,

3 / 10

3. දම්වැල් මැනුමකදී ලබාගත් මිනුම් දැක්වෙන ක්ෂේත්‍ර පොත් සටහනක් රූපයේ දැක්වේ. දී ඇති තොරතුරු ඇසුරෙන්, ABCD භූ ලක්ෂණයෙහි වර්ග ඵලය කුමක්ද?

4 / 10

4. බිම් මැනුම සහ මට්ටම් ගැනීම හා සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දැක් වේ.

A - බිම් මැනුමේ දී සහ මට්ටම් ගැනීමේ දී යම්කිසි ස්ථානයක නිරපේක්ෂ පිහිටීම සෙවීමට මිනුම් ගනු ලැබේ.

B - පූර්ණයේ සිට කොටසට මැනීම මගින් මැනුමේ දෝෂවල බලපෑම අවම කර ගත හැකිය.

C - මට්ටම් ක්‍රියාවලියක් ආරම්භ කළ යුත්තේ පිල් ලකුණකින් හෝ තාවකාලික පිල් ලකුණකින් පමණි.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

5 / 10

5. තියඩොලයිට්ට්ටු මැනුමක දී ලබාගත් මිනුම් කිහිපයක් පහත දැක්වේ. ඉහත මිනුම අනුව, A ස්ථානයට සාපේක්ෂව D ස්ථානය පිහිටා ඇත්තේ,

6 / 10

6. මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකට අදාළ සම්පූර්ණ නොකරන ලද වගුවක් පහත දැක්වේ. වගුවෙහි A සහ B ස්ථාන වලට ගැළපෙන අගයයන් පිළිවෙළින් වනුයේ,

7 / 10

7. දම්වැල් මැනුම පිළිබඳ ව පහත ප්‍රකාශ සලකා බලන්න.

A - මිනුම් ගැනීම සඳහා ඉඩම මත ත්‍රිකෝණ පිහිටුවා ගනු ලැබේ.

B - කුඩා පරිමාණයේ බිම් සැලසුම් පිළියෙළ කිරීමට යොදා ගත නොහැකි ය.

C - භූ ලක්ෂණ සඳහා මිනුම් ගැනීමට අනුලම්බ ක්‍රමය යොදා ගැනේ.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

8 / 10

8. එක් මැනුම් ස්ථානයක් භාවිතයෙන් සිදු කරන තියඩොලයිට්ටු මැනුමක් හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - සියලුම භූ ලක්ෂණ මැනුම් ස්ථානයට හොඳින් දෘශ්‍ය විය යුතු ය.

B - තියඩොලයිට්ටුවෙහි තාවකාලික සැකසුම් ක්‍රියාවලියේ දී, එය මධ්‍යගත කිරීම, මට්ටම් කිරීම සහ අසම්පාතය ඉවත් කිරීම සිදු කරනු ලැබේ.

C - මෙම මැනුමේ දී භූ ලක්ෂණ සඳහා මිනුම් ගැනීමට අනුලම්භ ක්‍රමය යොදාගත හැකි ය.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

9 / 10

9. පහත ප්‍රකාශ සලකා බලන්න.

A - සිරස් සහ තිරස් කෝණ මැනීමට තියඩොලයිට්ටුව යොදාගත හැකි ය.

B - සිරස් කෝණ මැනීමට ප්‍රිස්ම මාලිමාව යොදාගත හැකි ය.

C - තිරස් තලයේ කෝණ මැනීම සඳහා පමණක් ක්ලිනොමීටරය යොදාගත හැකි ය.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

10 / 10

10. ABC ත්‍රිකෝණාකාර ඉඩමක් සඳහා ලබාගත් අනුලම්භ මිනුම් ඇතුළත් ක්ෂේත්‍ර පොත් සටහනක් රූපයේ දැක්වේ. සියලු මිනුම් මීටර වලිනි. ඉඩමේ වර්ග ඵලය කොපමණ ද?

Your score is

The average score is 0%

0%