මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

02 - බිම් මැනීම සහ මට්ටම් ගැනීම

1 / 10

1. දෙන ලද ඛණ්ඩාංක පද්ධතියකට සාපේක්ෂව A නම් ලක්ෂ්‍යයක නැගෙනහිර සහ උතුර ඛණ්ඩාංක පිළිවෙළින් (1000 m, 1000 m) විය. උතුරු අක්ෂය 1000 m කින් නැගෙනහිර දිශාවට ද, නැගෙනහිර අක්ෂය 500 m කින් උතුරු දිශාවට ද විතැන් කරන ලද්දේ නම්, A ලක්ෂ්‍යයෙහි නව නැගෙනහිර සහ උතුරු ඛණ්ඩාංක පිළිවෙළින් වනුයේ.

2 / 10

2. උනිත උස 100.30m වන ස්ථානයක් පොළොව මත පිහිටුවීම සඳහා සරල මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් සිදුකරන ලදී. මෙහි දී ඌනිත උස 100.00m වන තාවකාලික පිල් ලකුණ (TBM) මත මට්ටම් යටි පාඨාංකය 1.80 m වූයේ නම්, පිහිටුවිය යුතු ස්ථානය මත මට්ටම් යටි පාඨාංකය විය යුත්තේ,

3 / 10

3. A, B සහ C යනු තියඩොලයිට්ටු පරික්‍රමණ සම්බන්ධ ප්‍රකාශ කිහිපයකි.

A - විවෘත පරික්‍රමණ යොදාගතහොත් මැනුමේ දෝෂය සොයා ගත හැකිය.

B - පාලන ලක්ෂ්‍ය දෙකක් අතර සිදු කරන පරික්‍රමණයක්, සංවෘත පරික්‍රමණයක් වේ.

C - පරික්‍රමණයේ හැඩය ඉඩමේ හැඩයට සමාන වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍ය වනුයේ,

4 / 10

4. බිම් මැනුමේ දී සිදුවන දෝෂ පිළිබඳව පහත ප්‍රකාශ සලකා බලන්න.
A-දෝෂ එකතු වෙමින් ඉදිරියට යාම වැලැක්වීමට පාලන ලක්ෂ්‍ය (control points) යොදා ගැනේ.
B - මැනුම් ස්ථාන වැඩි ගණනක් යොදා ගැනීමෙන් මැනුමේ දෝෂය අවම කළ හැකි ය.
C - දම්වැල් මැනුමේ සිදුවන දෝෂය නිර්ණය කිරීමට ඇල අනුලම්බ රේඛා යොදා ගැනේ.
ඉහත ප්‍රකාශ අතුරින් නිවැරදි වනුයේ,

5 / 10

5. දම්වැල් මැනුමක දී යොදා ගන්නා ලද දිගින් වැඩිම වන මැනුම් රේඛාවේ දිග 100m විය. මෙම මැනුමේ මිනුම් යොදා ගනිමින් අදාළ ඉඩමේ බිම් සැලැස්ම, A4 (210 mm x 297 mm) ප්‍රමාණයේ කඩදාසියක් මත ඇඳීම සඳහා වඩාත්ම සුදුසු පරිමාණයක් වනුයේ,

6 / 10

6. තියඩොලයිට්ටු පරික්‍රමණ (traverses) සම්බන්ධ පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න.

        A - තියඩොලයිට්ටුවේ තාවකාලික සැකසුම් ක්‍රියාවලිය සිදු කරනුයේ පළමු මැනුම් ස්ථානයේ දී පමණක්ය.

        B - දුරේක්ෂය සංක්‍රාන්ති කිරීම මගින් සෑම මැනුම් ස්ථානයක දී ම සමාන්තර උතුරු දිශා පිහිටුවිය හැකි ය.

        C - පරික්‍රමණ සැමවිටම සංවෘත විය යුතු ය.

ඉහත ප්‍රකාශ අතුරින් නිවැරදි වනුයේ,

7 / 10

7. පහත රූපයේ දැක්වෙනුයේ මට්ටම් ගැනීමේ අභ්‍යාසයක දී ලබා ගත් මට්ටම් පාඨාංක කිහිපයකි.

තෝරාගත් මට්ටම් තලයකට සාපේක්ෂව තාවකාලික මට්ටම් ස්ථානයේ (TBM) ඌනිත උස (reduced level) 100 m නම්, A සහ B ස්ථාන වල ඌනිත උස වනුයේ පිළිවෙළින්,

8 / 10

8. බිම් මැනුමේ (land surveying) මූලික අරමුණ වනුයේ,

9 / 10

9. වගුවෙහි දැක්වෙනුයේ මට්ටම් ක්‍රියාවලියක දී ලබා ගන්නා ලද පාඨාංක වලින් සමහරකි. X සහ Y පාඨාංක පිළිවෙළින් වනුයේ,

10 / 10

10. මැනුම් රේඛාවකට (AB) සාපේක්ෂව කිසියම් ස්ථානයක (C) පිහිටීම සෙවීම සඳහා θ1, θ2, θ3, d, d1, d2, d3 සහ d4 මිනුම් ගැනීමේ දී යොදා ගත නොහැකි ක්‍රමයක් දැක්වෙන රූප සටහන වනුයේ කුමක්ද?

 

Your score is

The average score is 0%

0%