03 - විදුලි ජවය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම සහ භාවිතය
1 / 10
1. මෝටර් පාලක පරිපථයක හඳුනානොගත් කොටසක් පහත දක්වා ඇති පරිදි පරීක්ෂණයකට භාජනය කරන ලදී.
මෙම කොටස තුළ තිබිය හැක්කේ කුමක්ද?
2 / 10
2. මහා පරිමාණ ජල විදුලි බලාගාරයක් හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - ප්‍රධාන උමගේ කෙළවරේ සිට බලාගාරය තෙක් ශීඝ්‍ර බෑවුමක් ඔස්සේ ජලය ගෙන එන්නේ නළ වැල (Penstock) මගිනි.
B -කප්ලාන් (Kaplan) හා ෆ්‍රැන්සිස් (Francis) යනු ආවේග වර්ගයේ තල බමර වේ.
C - පද්ධතියේ සංඛ්‍යාතය නියමිත අගයේ පවත්වා ගැනීමට මහා පරිමාණ ජල විදුලි බලාගාරයක් භාවිතකළ හැකිය.
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
3 / 10
3. දැනට ශ්‍රී ලංකාව තුළ වාණිජ වශයෙන් විදුලිය උත්පාදනයට යොදාගනු නොලබන පුනර්ජනනීය බල ශක්තිය කුමක්ද?
4 / 10
4. රූපයේ දක්වා ඇත්තේ සරල ධාරා මෝටර් වර්ග තුනක ධාරාව අනුව වේගය විචලනය වන ආකාරයයි. a, b හා c වක්‍ර මගින් අනුපිළිවෙළින් දැක්වනුයේ,
5 / 10
5. සමමුහුර්තක මෝටරයක් (synchronous motor) හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - එහි නියත වේගයක් ඇති අතර එම වේගය භාරයෙන් ස්වායත්ත වේ.
B - එහි ස්ථායුක දඟරයට සරල ධාරා වෝල්ටීයතාවක් සැපයිය යුතු ය.
C - එය විදුලි පද්ධතිවල ජව සාධකය ඉහළ නැංවීම සඳහා යොදාගත හැකි ය.
සමමුහුර්තක මෝටරයක් (Synchronous motor) යනු AC මෝටර් වර්ගයක් වන අතර, ඒ සම්බන්ධ ප්‍රකාශ මෙසේ සලකා බැලිය හැක:
A ප්‍රකාශය - මෙම මෝටරය සැපයුම් සංඛ්‍යාතයට සහ ධ්රැව ගණනට අනුකූලව නියත වේගයකින් (Synchronous speed) ක්‍රියාත්මක වන අතර, බර වෙනස් වුවද එම වේගය ස්වායත්තව (නියතව) පවතී. (නිවැරදියි)
B ප්‍රකාශය - සමමුහුර්තක මෝටරක රෝටරයට (භ්‍රමකයට) DC සැපයුමක් ලබා දෙන අතර, ස්තායුකයට (Stator) AC සැපයුමක් ලබා දේ. (ප්‍රකාශයේ ස්ථායුකයට සරල ධාරා ලබා දිය යුතු යැයි පැවසීම වැරදියි)
C ප්‍රකාශය - අධි-උත්තේජනය (Over-excitation) කරන ලද සමමුහුර්තක මෝටර්, විදුලි පද්ධතිවල ජව සාධකය (Power factor) ඉහළ නැංවීම සඳහා ධාරිතීය බරක් (Synchronous condenser) ලෙස යොදාගත හැක. (නිවැරදියි)
6 / 10
6. රූපයේ දැක්වෙනුයේ ජල විදුලි බලාගාරයක ආකෘතියකි. මෙහි, A අකුරෙන් දක්වා ඇත්තේ,
7 / 10
7. සූර්ය පැනල පද්ධති සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - ගෘහස්ථ සූර්ය පැනල පද්ධති මහා පරිමාණයෙන් සම්බන්ධ කිරීම නිසා දිවා කාලයේ දී අඩු වෝල්ටීයතා බෙදා හැරීමේ මාර්ගවල වෝල්ටීයතාව, නාමික අගය ඉක්මවා ඉහළ යා හැකි ය.
B - සුර්ය පැනල පද්ධතියක ප්‍රත්‍යාවර්ත ධාරා (AC) වෝල්ටීයතා ප්රදානය, අපවර්තකයක් (inverter) ආධාරයෙන් සරල ධාරා (DC) වෝල්ටීයතා ප්‍රතිදානයක් බවට පරිවර්තනය කර විදුලි බල ජාලයට සම්බන්ධ කරනු ලැබේ.
C - විදුලි පද්ධතියේ සංඛ්‍යාතය 50 Hz අගයෙහි පාලනය කිරීම සඳහා සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ විශාල පරිමාණයේ සූර්ය බලාගාර භාවිත කළ හැකිය.
8 / 10
8. නියත වේගයකින් ක්‍රියාකරන අඩු භාර වාහක පද්ධතියක් (conveyor system) සඳහා මෝටරයක් තෝරා ගැනීමට ඇත. මෙම යෙදවුම සඳහා වඩාත් ම සුදුසු සරල ධාරා මෝටරය වනුයේ,
9 / 10
9. ස්වයං සැකබු (self-excited) සරල ධාරා ජනකයකින් විදුලිය ජනනය නොවන බව නිරීක්ෂණය විය. මෙයට හේතුවක් නොවන්නේ කුමක්ද?
10 / 10
10. උපපථ එතුම්, ශ්‍රේණිගත එතුම් සහ සංයුක්ත එතුම් මෝටර සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - උපපථ එතුම් මෝටරයක ආසන්න වශයෙන් නියත වේගයක් ඇත.
B - ශ්‍රේණිගත එතුම් මෝටරයක ආසන්න වශයෙන් නියත ව්‍යාවර්තයක් ඇත.
C - සංයුක්ත පථ එතුම් මෝටරයක ආසන්න වශයෙන් නියත වේගයක් හා නියත ව්‍යාවර්තයක් ඇත.
Your score is
The average score is 0%