මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

04 - නිෂ්පාදන තාක්ෂණය

1 / 10

1. රූපයේ දැක්වෙනුයේ පොරකටු දැතිරෝද එළැවුමක කොටසකි. මෙහි A, ප්‍රමත අගය 750 W/1200 rpm වූ විදුලි මෝටරයක් මගින් ධාවනය කෙරේ. A, B, සහ C වල දැති ප්‍රමාණයන් පිළිවෙළින් 50, 20 සහ 100 වේ. පොරකටු දැතිරෝද යුගලයක් අතර යාන්ත‍්‍රික කාර්යක්ෂමතාව 90% කි. රූපය පරිමාණයට ඇඳ නැත. C හි භ්‍රමණ වේගය සහ ප්‍රතිදාන ජවය පිළිවෙළින්,

2 / 10

2. ජනෙල් උළුවහු සඳහා යොදා ගැනෙන ඇලුමිනියම් පැනල නිෂ්පාදනය සඳහා භාවිත කෙරෙන නිෂ්පාදන ශිල්පීය ක්‍රමය වනුයේ,

3 / 10

3. පරිගණක ආශ්‍රිත (CNC) යන්ත්‍රයක් භාවිතයෙන් ලෝහ කොටසක් කපා ගැනීමට අවශ්‍ය ව ඇත. මේ සඳහා, අවශ්‍ය ක්‍රමලේඛ සකස් කළ යුතු ය. ඒ හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - යන්ත්‍රයේ යතුරු පුවරුවක් ඇති අතර, එය භාවිතයෙන් ක්‍රමලේඛ යන්ත්‍රයට කැවිය හැකි ය.

B - ක්‍රමලේඛ ලිවීම සඳහා සුවිශේෂී මෘදුකාංග ඇති අතර, එමගින් ක්‍රමලේඛ ස්වයංක්‍රීය ව ජනනය කොට යන්ත්‍රයට කැවිය හැකි ය.

C - අදාළ ක්‍රමලේඛ පරිගණකය මගින් සකස් කළ හැකි අතර, එම ක්‍රමලේඛ යන්ත්‍රයට කැවිය හැකි ය.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

4 / 10

4. දිග 5,000 mm වූ ද පළල 3,000 mm වූ ද තිරස් ව පාවෙමින් ඇති පැතලි පතුලක් සහිත පාරුවක් මත 10,000 N බරැති මෝටර් රථයක් ඇත. පාරුවෙහි බර නොසලකා හැරිය හැකි නම්, එහි පතුල මත ජලය මගින් ඇති කරන පීඩනය SI සම්මත ඒකක වලින්,

5 / 10

5. පොට ඇණයක් තද කිරීම සඳහා 15 cm දිග මිටක් සහිත රෙන්චියක් භාවිත කළ විට 100 N බලයක් එහි මිට කෙළවරෙහි යෙදිය යුතු ය. මේ සඳහා 45 cm වූ මිටක් සහිත රෙන්චියක් භාවිත කළහොත් එහි මිට කෙළවරෙහි යෙදිය යුතු බලය කොපමණ ද?

6 / 10

6. ලේයත යන්ත්‍ර වල භාවිත වන කැපුම් දියරය මගින් සිදු කරනු ලබන කාර්යයන් පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - කැපුම් කලාපය සිසිලනය කිරීම

B - කැපුම් කලාපය ස්නේහනය කිරීම

C - කැපීම් ක්‍රියාවලියේ දී ඉවත්වන ලෝහ කුඩු සෝදා හැරීම

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

7 / 10

7. නිෂ්පාදන චිත්‍ර කොටසක මානයක්  20.0 ± 0.1 mm ලෙස දක්වා ඇත. එමගින් අදහස් කරනුයේ, එම කොටසේ විෂ්කම්භය,

8 / 10

8. සංඛ්‍යාංක පාලන යන්ත්‍ර (CNC) පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - CNC යන්ත්‍ර යොදාගෙන වැඩකොටස් කැපීම යම් සමුද්දේශ ලක්ෂ්‍යයකට සාපේක්ෂව සිදු කළ යුතු ය.

B - CNC යන්ත්‍ර ක්‍රියාකාරීත්වයට අදාළ ක්‍රමලේඛ සකස් කිරීමට යන්ත්‍රයේ යතුරු පුවරුව භාවිත කළ හැකිය.

C - අතින් ක්‍රියා කළ හැකි ලේයතයකට වඩා CNC ලේයතයක කැපීම් සිදු කිරීමේ කාර්යක්ෂමතාව වැඩිය.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

9 / 10

9. ලෝහ හැඩයම් කිරීම් (forming) සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - ඇතැම් ලෝහ කාමර උෂ්ණත්වයේ දී හැඩයම් කර ගත හැකි ය.

B - ඇතැම් ලෝහ ඉහළ උෂ්ණත්වවල දී හැඩයම් කර ගත හැකි ය.

C - වැඩ කොටසක් හැඩයම් කිරීමට එහි ද්‍රව්‍ය ගුණ වැදගත් වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

10 / 10

10. මන්නා පිහියක කැපුම් දාරය රත් පිළියම් (heat treatment) කිරීම මගින් එහි කුමන ද්‍රව්‍ය ගුණය වර්ධනය වේ ද?

Your score is

The average score is 0%

0%