මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

01 - නිෂ්පාදන තාක්ෂණය

1 / 10

1. උදළු තල වැනි ආවුද, නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා වානේ රත් හැඩයම් කිරීම හේතුවෙන් ඇති වන තත්ත්ව සම්බන්ධව පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න.

        A - වික්‍රියාව (strain) නිසා ඇති වන දැඩි බව අඩු වෙයි.

        B -ලෝහයේ තන්‍යතාව (ductility) අඩු වෙයි.

        C - අවනති ප්‍රබලතාව (yield strength) අඩු වීම නිසා හැඩයම් කිරීම පහසු වේ.

        D - ලෝහයේ ශක්තිතාව (toughness) වැඩිවෙයි.

ඉහත ප්‍රකාශ අතරින් නිවැරදි වනුයේ,

2 / 10

2. කැපුම් ආවුදයේ අනුවැටුම් චලිතය භාවිතයෙන් ද්‍රව්‍ය ඉවත් කෙරෙන යන්ත්‍රය කුමක්ද?

3 / 10

3. විද්‍යුත් චාප පෑස්සීමේ දී චාපයේ තීව්‍රතාව පාලනය කර ගන්නේ,

4 / 10

4. ඔක්සි ඇසිටිලීන් දැල්ලක් උපයෝගී කරගෙන තුනී ලෝහ තහඩුවක් කපා ගැනීමට අවශ්‍යව ඇත. මේ සඳහා යොදාගතයුතු දැල්ල වනුයේ,

5 / 10

5. ඇලුමිනියම් තහඩු යොදා ගෙන කැබිනට්ටුවක් නිපදවීම සඳහා ලෝහ එකලස් කිරීමට වඩාත් සුදුසු ක්‍රමය වන්නේ,

6 / 10

6. මොට වූ උදලු තලයක් මුවහත් කර ගැනීමට කම්මලට ගෙන ගිය විට,

A - කම්මල්කරු උදලු තලය පළමුව රත් කරනුයේ එහි ශක්තිතාව අඩු කර ගැනීමට ය.

B -කම්මල්කරුට උදලු තලය තැලීමට හැකියාව ලැබෙනුයේ රත් කළ විට එහි ආහන්‍යතාව වැඩිවන බැවිනි.

C - උදුලු තලය මුවහත් කිරීමෙන් පසු නැවත රත් කර ජලයේ ඔබනුයේ එහි දැඩි බව වැඩි කිරීමට ය.

D - උදලු තලයේ මුවහත සහ දැඩිබව නැවත ලැබුණු පසුව ඉතා කෙටි කලකින් මුවහත නැති වේ.

ඉහත ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

7 / 10

7. ගනකම 1 mm වන මෘදු වානේ තහඩුවකින් පෑස්සුම් අවම වන සේ ඝනකයක් සෑදීමට අවශ්‍ය ව ඇත. මෙහි දී මුලින් ම කළ යුත්තේ,

8 / 10

8. ලෝහ වැඩ හා සම්බන්ධ තාක්ෂණය පිළිබඳ ව ප්‍රකාශ කිහිපයක් පහත දැක් වේ.

A - ලියවන පට්ටලයක් උපයෝගී කරගෙන නිපදවිය හැක්කේ සිලින්ඩරාකාර කොටස් හෝ සිදුරු පමණි.

B - වානේ හැඩ තැලීමේ දී සුවිකාර්ය විරූපණය සිදු වේ.

C - වානේ හැඩ තැලිය හැක්කේ අධික උෂ්ණත්වයක දී පමණි.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,

9 / 10

9. කැපුම් ආවුද සඳහා යෝග්‍ය නොවන ගුණයක් වන්නේ,

10 / 10

10. ද්‍රව්‍යවල ගුණාංග කිහිපයක් පහත දැක්වේ.

           A තන්‍යතාව (Ductility)                      C - ශක්තිතාව (Toughness)

           B - ආහන්‍යතාව (Malleability)          D- භංගුරතාව (Brittleness)

දොඹකර යොතක් (crane cable) නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය වල තිබිය යුතු ප්‍රධාන ගුණාංග දෙකක් වනුයේ,

Your score is

The average score is 0%

0%