මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

04 - මූලික විදුලි විද්‍යාව

1 / 10

1. නිවසක විදුලි සැපයුමට සම්බන්ධ කර ඇති තුන්කූරු පේනුවක් සහිත විදුලි කේතලයක ලෝහමය මතුපිට ස්පර්ශ කළ විට විදුලිසැර වැදී ශේෂ ධාරා පරිපථ බිඳිනය ක්‍රියාත්මක වී නිවසේ විදුලිය විසන්ධි වේ. මීට අමතර ව විදුලි කේතලය ක්‍රියාත්මක වන විට නිවසේ විදුලි සැපයුමට සම්බන්ධ කර ඇති තුන්කුරු පේනු සහිත අනෙකුත් විදුලි උපකරණ වල ලෝහමය මතුපිට ස්පර්ශ කළ විටදී ද විදුලිසැර වැදී ශේෂ ධාරා පරිපථ බිඳිනය ක්‍රියාත්මක වී විදුලිය විසන්ධි වේ. මේ ක්‍රියාදාමය හා සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

A - නිවසේ භූගත රැහැන විසන්ධි වී ඇත.

B - කේතලය දෝෂ සහිතය.

C - එම නිවසෙහි ශේෂ ධාරා පරිපථ බිඳිනය දෝෂ සහිතය.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

2 / 10

2. එක සමාන අගයෙන් යුතු ප්‍රතිරෝධක හතරක් නියත සරල ධාරා වෝල්ටීයතා ප්‍රභවයක් හරහා සම්බන්ධ කළ හැකි ආකාර හතරක් රූප සටහන්වල දැක්වේ. එක් එක් අවස්ථාවේ දී පරිපථයේ ගලායන ධාරාව I1, I2, I3 සහ I4 ලෙස දක්වා ඇත. I1, I2, I3 සහ I4 අතර නිවැරදි සම්බන්ධතාව වනුයේ,

3 / 10

3. දී ඇති පරිපථ සටහන සලකන්න. ධාරිත්‍රකය සම්පුර්ණයෙන් ආරෝපණය වීම සඳහා ගතවන කාලය, ආසන්නව,

4 / 10

4. ජලයේ ගිල්වා ඇති ගිල්ලුම් තාපකයක් තුළින් ප්‍රත්‍යාවර්ථ ධාරාවක් ගැලීමට සැලැස් වූ විට, මිනිත්තු 2 කින්, ජලයේ උෂ්ණත්වය තාපාංකය දක්වා වැඩි විය. සමාන තත්ත්ව යටතේ 3 A වූ සෘජු ධාරාවක් එම තාපකය තුළින් ගලායාමට සැලැස් වූ විට මිනිත්තු 8 කින් ජලයේ උෂ්ණත්වය තාපාංකය දක්වා වැඩි විය. ජලයෙන් තාපය හානි නොවේ නම්, තාපකයේ ප්‍රතිරෝධකය හරහා ගලා ගිය ප්‍රත්‍යාවර්ථ ධාරාවෙහි වර්ග මධ්‍ය යන මූල අගය කොපමණද?

5 / 10

5. ප්‍රායෝගික සරල ධාරා වෝල්ටීයතා ප්‍රභවයක්, නියත සරල ධාරා වෝල්ටීයතාවයක (VS) හා ප්‍රතිරෝධයක (RS) ශ්‍රේණිගත සංයෝජනයක් ලෙස ආකෘති ගත කළ හැකිය. එවන් වෝල්ටීයතා ප්‍රභවයේ අග්‍ර (terminals) හරහා විවෘතපරිපථ වෝල්ටීයතාව 12.4 V ලෙස මැන ගන්නා ලදී. වෝල්ටීයතා ප්‍රභවයේ අග්‍ර හරහා 2 W ප්‍රතිරෝධක භාරයක් සම්බන්ධ කළ විට අග්‍ර අතර වෝල්ටීයතාව 12 V දක්වා පහළ වැටුණි. VS හා RS අගයයන් පිළිවෙළින් වනුයේ,

6 / 10

6. එක්තරා නිවසක ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධ නොවන (Off-grid) සූර්ය පැනල (Solar photovoltaic) පද්ධතියක් සවිකිරීමට අවශ්‍යව ඇත. එම නිවසේ දිනක සාමාන්‍ය විදුලි පරිභෝජනය 2.8 kWh කි. බැටරි සම්පූර්ණයෙන් ම විසර්ජනය කළ හැකි යැයි සලකා මෙම විදුලි අවශ්‍යතාව සැපයීම සඳහා 12 V, 120 Ah බැටරි කීයක් අවශ්‍ය වේ ද?

7 / 10

7. දී ඇති පරිපථ සටහන සලකන්න. මෙහි, R ප්‍රතිරෝධයෙහි අගය,

8 / 10

8. රූපයේ පෙන්වා ඇති X පරිපථය හා සම්බන්ධ පහත සඳහන් නිරීක්ෂණ සලකා බලන්න.

--> සරල ධාරා ජව සැපයුමකට සම්බන්ධ කළ විට 100 mA ධාරාවක් අඛණ්ඩව ගලා යයි.

--> ප්‍රත්‍යාවර්ත ධාරා ජව සැපයුමකට සම්බන්ධ කර සංඛ්‍යාතය නියතව පවත්වා ගනිමින් වෝල්ටීයතාවය වැඩි කරන විට, ගලායන ධාරාව වැඩි වේ.

--> ප්‍රත්‍යාවර්ත ධාරා ජව සැපයුමකට සම්බන්ධ කර වෝල්ටීයතාවය නියතව තබාගනිමින් සංඛ්‍යාතය වැඩි කරන විට, ගලායන ධාරාව අඩු වේ.

ඉහත නිරීක්ෂණ වලට අනුව X පරිපථය විය හැක්කේ,

9 / 10

9. තෙකලා විදුලි පද්ධතියක් හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - සමබල තෙකලා විදුලි පද්ධතියක මුළු සක්‍රීය ජවය එක් කලාවක සක්‍රීය ජවය මෙන් 3 ගුණයකි.

B - සමබල තෙකලා විදුලි පද්ධතියක කලා දෙකක් අතර වෝල්ටීයතාවය එක් කලාවක වෝල්ටීයතාවය මෙන් √3 ගුණයකි.

C - සමබල තෙකලා විදුලි පද්ධතියක කලා වෝල්ටීයතාවයන් දෙකක් අතර කලා වෙනස 180° ක් වේ. ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

10 / 10

10. ධාරිත්‍රකයක ධාරණාව පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - තහඩු අතර පරතරයට අනුලෝමව සමානුපාතික වේ.

B - තහඩුවල ක්‍රියාකාරී වර්ගඵලයට අනුලෝමව සමානුපාතික වේ.

C - මාධ්‍යයේ පාර වේද්‍යතාවට ප්‍රතිලෝමව සමානුපාතික වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

Your score is

The average score is 0%

0%