මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

02 - මූලික විදුලි විද්‍යාව

1 / 10

1. සංඛ්‍යාතය 50 Hz වන ප්‍රත්‍යාවර්ත ධාරා සැපයුමක් හරහා සම්බන්ධ කළ 100 uF ධාරිත්‍රකයක ප්‍රතිබාධනය (reactance) කොපමණ ද?

2 / 10

2. සාමාන්‍ය පුද්ගලයකුගේ ක්ෂණික මරණයට හේතු විය හැකි අවම ප්‍රත්‍යාවර්ත ධාරාවෙහි විශාලත්වය කොපමණද?

3 / 10

3. ගෘහ විදුලි පිහිටැවුමක විදුලි කාන්දුවක් සිදු වූ විට විදුලි සැපයුම ක්ෂණිකව විසන්ධි වීම සඳහා යොදා ගැනෙන පරිපථ උපාංගය කුමක්ද?

4 / 10

4. ශ්‍රේණිගත ලෙස සම්බන්ධ කර ඇති 6 pF වන ධාරිත්‍රක හයක සමක ධාරිතාව කොපමණ ද?

5 / 10

5. පවතින විදුලි ඉංජිනේරු ආයතනීය රැහැන් ඇදීම පිළිබඳ නියෝග වලට (Institute of Electrical Engineers-IEE-Regulations) අනුකූලව මුදු පරිපථ (ring circuits) සඳහා පහත සඳහන් කුමන වගන්ති නිවැරදි වේද?

2 A - යොතෙහි (cable) හරස්කඩ වර්ග ඵලය 2.5 mm² විය යුතු ය.

B - මුදු පරිපථයෙන් ආවරණය වන වර්ගඵලය 100 m' නොඉක්ම විය යුතු ය.

C - කෙවෙනි පිටවාන ධාරා ප්‍රමාණනය 13 A විය යුතු ය.

D - අධිබැර ආරක්ෂණ උපාංගයේ (overload protection device) ධාරා ප්‍රමාණනය 32 A විය යුතු ය.

6 / 10

6. ශ්‍රී ලංකාවේ ජාතික සැපයුම් ජාලයෙහි, තෙකලා විදුලි සැපයුමෙහි මං වෝල්ටීයතාව (Line voltage) සහ සංඛ්‍යාතය (Frequency) කොපමණ ද?

7 / 10

7. රූපයේ දැක්වෙන තෙකලා (three phase) විබැරය, 400V, 50 Hz, තෙකලා සැපයුමකට සම්බන්ධ කළ විට, විබැරයේ කලා වෝල්ටීයතාවය සහ මං ධාරාව පිළිවෙළින් වනුයේ,

8 / 10

8. විදුලි ධාරා කාන්දුවකින් ආරක්ෂා වීම සඳහා විදුලි ඉංජිනේරු ආයතනයේ (IEE) රෙගුලාසි අනුව අනිවාර්යයෙන්ම තිබිය යුත්තේ කුමක්ද?

9 / 10

9. වොට් - පැය මීටරයෙන් (Watt-hour meter) පසු ශේෂ ධාරා පරිපථ බිඳිනය (RCCB), සිඟිති පරිපථ බිඳිනය (MCB) සහ වෙන්කරනය (Isolator) සම්බන්ධ කළ යුතු නිවැරදි අනුපිළිවෙළ කුමක්ද?

10 / 10

10. ශ්‍රී ලංකාවේ ජාතික විදුලි සැපයුම් ජාලයෙන් එකලා ගෘහ සැපයුමකට ලබා ගැනීමට අවසර දී තිබෙන උපරිම ධාරාව කොපමණ ද?

Your score is

The average score is 0%

0%