මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

01 - මූලික විදුලි විද්‍යාව

1 / 10

1. විදුලි බල්බයක් 24 V සරල ධාරා සැපයුමකට සම්බන්ධ කර ඇත. බල්බය මිනිත්තු 5 ක් පමණ වේලාවක් දල්වා තැබීමෙන් පසු එහි අග්‍ර අතර ප්‍රතිරෝධය 288 2 බව සොයා ගන්නා ලදී. බල්බයේ ක්ෂමතාව වනුයේ,

2 / 10

2. ධාරිත්‍රකයක ධාරිතාව වන 5 uF වලට සමාන වනුයේ,

3 / 10

3. පුර්ණ පරිමාණ උත්ක්‍රමණය (Full scale deflection ) 0-500 V dc දක්වා වූ පරාසයකට යොමු කරන ලද සල දඟර වර්ගයේ බහුමානයක (Multimeter) අග්‍ර දෙකට 240 V, 50 Hz ප්‍රත්‍යාවර්ත සයිනාකාර වෝල්ටීයතා විදුලියක් ලබා දුන් විට දර්ශකය මගින් පෙන්වන පාඨාංකය,

4 / 10

4. මෙම සටහනේ දැක්වෙන එකලා ප්‍රත්‍යාවර්ත ධාරා පරිපථයේ ධාරිත්‍රකය හරහා ක්‍රියාකාරී විභව අන්තරය,

5 / 10

5. ගෘහස්ථ විදුලි උපකරණයකින් විදුලි කාන්දුවක් ඇතිවුවහොත් පද්ධතියේ විදුලිය ස්වයංක්‍රීයව විසන්ධි කිරීම සඳහා ක්‍රියාත්මක විය යුතු උපාංගය වන්නේ,

6 / 10

6. රූපයේ පෙන්වා ඇති ඩෙල්ටා ආකාරයට සම්බන්ධ කර ඇති තෙකලා විබැරෙහි කලා වෝල්ටීයතාව හා කලා ධාරාව පිළිවෙළින් කොපමණ ද?

7 / 10

7. ඉලෙක්ට්‍රොනික පරිපථවල භාවිත වන දෝලකයක් (Oscillator) පිළිබඳ වූ ප්‍රකාශ පහක් පහත දැක්වේ.

A - එය බාහිර ප්‍රදානයකින් තොර ව ප්‍රතිදාන තරංගයක් නිකුත් කරන වර්ධකයකි.

B - එය බාහිර ප්‍රදානයක් යෙදූ විට ප්‍රතිදාන තරංගයක් නිකුත් කරන වර්ධකයකි.

C - එය ප්‍රතිදාන සංඥාවෙන් කොටසක් සමකලාවෙන් යුක්ත ව ප්‍රදානයට ප්‍රතිපෝෂණය කරනු ලබන වර්ධකයකි.

D - එය නියත සංඛ්‍යාතයකින් සහ නියත හැඩයකින් වෝල්ටීයතා තරංගයක් ලබාගත හැකි වර්ධකයකි.

E - එය ප්‍රතිදාන සංඥාවෙන් කොටසක් ප්‍රතිවිරුද්ධ කලාවෙන් යුක්ත ව ප්‍රදානයට යොමු කළ වර්ධකයකි.

මේවායින් නිවැරදි ප්‍රකාශ වනුයේ,

8 / 10

8. දෝලනේක්ෂයේ තිරස් අක්ෂය 1ms/div සහ සිරස් අක්ෂය 2v/div යන අගයන්ට යොමු කර ඇති විට තිරයේ දිස්වන සයිනාකාර තරංගයේ සංඛ්‍යාතය සහ වෝල්ටීයතාවයේ වර්ග මධ්‍යන්‍ය මූල අගය පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.

9 / 10

9. පුද්ගලයකු විදුලි ඉස්තිරික්කයක් භාවිත කරමින් සිටින විට ඉන් විදුලිය කාන්දු වීමක් සිදු වී ඔහුට විදුලි සැර වදී. මෙහි දී පළමුව ක්‍රියාත්මක විය යුත්තේ නිවසේ විදුලි පරිපථයේ ඇති කිනම් ආරක්ෂණ උපකරණය ද?

10 / 10

10. ජාත්‍යන්තර විදුලි ඉංජිනේරු අණපනත් සහ රෙගුලාසිවලට අනුව එකලා විදුලි සැපයුම් පද්ධතියක සජීවී, උදාසීන සහ භූගත රැහැන් වල වර්ණ පිළිවෙළින් විය යුත්තේ,

Your score is

The average score is 0%

0%