මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

07 - මෝටර් රථ තාක්ෂණය

1 / 10

1. පහත සඳහන් ඉන්ධන අතුරෙන් ද්‍රව ඉන්ධනයක් නොවනුයේ කුමක්ද?

2 / 10

2. මෝටර් වාහන ස්නේහක පද්ධතිය මගින් ස්නේහනය නොවන්නේ කුමක්ද?

3 / 10

3. සිව්පහර එන්ජිමක කපාට උපරිපතනය (valve overlap) සිදු වනුයේ, පිස්ටනය

4 / 10

4. දෙමුහුන් (Hybrid) වාහන පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - ජව ප්‍රභවය (Power source) ලෙස අභ්‍යන්තර දහන එන්ජිම වෙනුවට විශේෂ විදුලි මෝටරයක් භාවිත වේ.

B - වාහනය පණගැන්වීම සඳහා විදුලි මෝටරයක් භාවිත වේ.

C - ශක්ති ගබඩා කිරීම සඳහා නිකල් - ලෝහ හයිඩ්‍රයිඩ් (NiMH) හෝ ලිතියම්-අයන් (Li-iron) වැනි කෝෂ වලින් සැදුම්ලත් අධි වෝල්ටීයතා බැටරි ඇසුරුමක් (battery pack) භාවිත වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

5 / 10

5. මෝටර් වාහනයක් පණගැන්වීමේ දී එහි ආරම්භක මෝටරයේ දව රෝදය හා සෘජුව සම්බන්ධ වන්නේ මින් කවර උපාංගය ද?

6 / 10

6. මෝටර් රථ සිසිලන පද්ධතියක් තුළ එතිලීන් ග්ලයිකෝල් සහ ජලය 60:40 මිශ්‍රණයක් යොදා ගැනීම පිළිබඳ පහතප්‍රකාශ සලකා බලන්න.

A - හිමාංකය, 0 °C ට වඩා පහළ අගයකට ගෙන ආ හැකි ය.

B - සිසිලකාරක ද්‍රවයේ උෂ්ණත්වය, 60 °C ට වඩා ඉහළ නොයනු ඇත.

C - විකිරකය මලකෑම අවම කරගත හැකි ය.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

7 / 10

7. අභ්‍යන්තර දහන එන්ජිමක සම්පීඩන අනුපාතය 11:1 සහ සහන පරිමාව (clearance volume) 50 cm වේ. මෙම එන්ජිමෙහි පිසදමන (swept volume) පරිමාව කොපමණ ද?

8 / 10

8. මෝටර් වාහන වල භාවිත වන ආරක්ෂක උපක්‍රම පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - වාහනයේ ඉදිරිපස වා මුවාවකින් ආවරණය කර තිබීම.

B - රාත්‍රී කාලයේ ධාවනයේදී වාහනයේ ඇතුළත මැනවින් ආලෝකමත් කර තිබීම.

C - ශ්‍රී ලංකාවේ දක්නට ඇති බස් රථ වල බඳේ වම සහ දකුණ යන දෙපසටම දොරටු සවිකර තිබීම.

ඉහත කරුණු අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

9 / 10

9. පහත සඳහන් ප්‍රකාශ අතුරෙන්, ඍණ අග්‍රය වාහනයේ සැකිල්ලට සම්බන්ධ කර ඇති 12 V ඊයම් අම්ල බැටරියක නඩත්තුව හා සම්බන්ධ වැරදි ප්‍රකාශය කුමක් ද?

10 / 10

10. දෙමං උත්ප්‍රේරක පරිවර්තකයක් තුළ සිදුවන ප්‍රතික්‍රියා පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - නොදැවුණු හයිඩ්‍රොකාබන ප්‍රතික්‍රියාවට ලක්වේ.

B - කාබන් මොනොක්සයිඩ් ප්‍රතික්‍රියාවට ලක්වේ.

C - නයිට්‍රජන් ඔක්සයිඩ ප්‍රතික්‍රියාවට ලක්වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

Your score is

The average score is 0%

0%