මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 50ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

Mix Quiz 27

1 / 18

1. දම්වැල් මැනුමකදී ලබාගත් මිනුම් දැක්වෙන ක්ෂේත්‍ර පොත් සටහනක් රූපයේ දැක්වේ. දී ඇති තොරතුරු ඇසුරෙන්, ABCD භූ ලක්ෂණයෙහි වර්ග ඵලය කුමක්ද?

2 / 18

2. පුද්ගලයකුට විදුලි සැර වැදෙන අවස්ථාවක් සලකා බලන්න. මෙහිදී සිදු විය හැකි අනතුරේ බරපතල බව රඳා පවතිනුයේ පහත කරුණු අනුව බව සිසුවකු පවසන ලදී.

A - ශරීරය හරහා ගලායන විදුලි ධාරාවේ ප්‍රමාණය

B - ශරීරය හරහා විදුලි ධාරාව ගලායන මාර්ගය

C - ශරීරය හරහා විදුලි ධාරාව ගලායන කාල සීමාව

ඉහත සඳහන් කරුණු අතුරෙන්, නිවැරදි කරුණ/කරුණු වනුයේ,

3 / 18

3. රූපයේ දක්වා ඇති කාරකාත්මක වර්ධක පරිපථය සලකා බලන්න. සෙනර් ඩයෝඩයෙහි සෙනර් විභවය 5.1 V වේ. මෙහි Vout විභවය කුමක්ද?

4 / 18

4. දැනට ශ්‍රී ලංකාව තුළ වාණිජ වශයෙන් විදුලිය උත්පාදනයට යොදාගනු නොලබන පුනර්ජනනීය බල ශක්තිය කුමක්ද?

5 / 18

5. රූපයේ දක්වා ඇත්තේ ට්‍රාන්සිස්ටර වර්ධක පරිපථයකි. මෙම පරිපථයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමේදී එය දෝෂ සහිත බව නිරීක්ෂණය විය. එහිදී මනින ලද විභවයන් පහත පරිදි වේ. VE = 0V,   VC = 12V හා VB = 2.83 V මෙම දෝෂය වනුයේ,

6 / 18

6. මෝටර් වාහන ස්නේහක පද්ධතිය මගින් ස්නේහනය නොවන්නේ කුමක්ද?

7 / 18

7. රූපයේ දැක්වෙනුයේ ජල විදුලි බලාගාරයක ආකෘතියකි. මෙහි, A අකුරෙන් දක්වා ඇත්තේ,

8 / 18

8. D වර්ගයේ පිළිපොළ (D-flip-flop) දෙකක් සහිත සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපථයක් රූපයේ දැක්වේ. ආරම්භක අවස්ථාවේ Q1 = 1 ද, Q₂= 0 ද, වූ විට Q₂ හි ප්‍රතිදාන සංඥාව නිවැරදිව නිරූපණය කරන රූපසටහන කුමක්ද ?

9 / 18

9. උපකරණ ස්ථාන 2 ක් යොදාගනිමින් A, B සහ C නම් ස්ථානවල ඌනිත උස සෙවීමට සිදු කළ මට්ටම් ක්‍රියාවලියක දී ලබාගත් පාඨාංක පහත දැක්වේ.

A හි දී පසු දර්ශන පාඨාංකය   - 1.6 m

C හි දී පෙර දර්ශන පාඨාංකය - 1.4 m

A, B හා C ස්ථානවල ඌනිත උස පිළිවෙළින් 100.0 m, 100.8 m, සහ 100.0 m නම්, B හි දී ලබාගත් පෙර දර්ශන සහ පසු දර්ශන පාඨාංක පිළිවෙළින් වනුයේ,

10 / 18

10. රූපයේ දක්වා ඇත්තේ වානේ තහඩු වලින් සාදන ලද තියුණු දැති සහිත පොල්ගාන හිරමණ තලයකි. හැඩයම් කිරීම මගින් ඒවා මහා පරිමාණයෙන් සෑදීම සඳහා 10 mm ඝනකම් අච්චුවක් සෑදිය යුතුව ඇත. මෙම අච්චුව සෑදීම සඳහා සුදුසු නිෂ්පාදන යන්ත්‍රය වනුයේ,

11 / 18

11. රූපයේ දක්වා ඇත්තේ සරල ධාරා මෝටර් වර්ග තුනක ධාරාව අනුව වේගය විචලනය වන ආකාරයයි. a, b හා c වක්‍ර මගින් අනුපිළිවෙළින් දැක්වනුයේ,

12 / 18

12. රූපයේ දැක්වෙනුයේ ඉලෙක්ට්‍රොනික පරිපථයක් හා එහි ප්‍රදාන සංඥාව (Vin) යි. පරිපථයේ D1, හා D₂ සෙනර් ඩයෝඩයන්හි පෙර නැඹුරු වෝල්ටීයතාවයන් 0.7 Vක් වන අතර, සෙනර් වෝල්ටීයතා පිළිවෙළින් 3.3 V ක් හා 5.1 Vක් වේ.  එහි ප්‍රතිදාන සංඥාව (Vout) දැක්වෙන රූපසටහන කුමක්ද?

13 / 18

13. ස්වයං සැකබු (self-excited) සරල ධාරා ජනකයකින් විදුලිය ජනනය නොවන බව නිරීක්ෂණය විය. මෙයට හේතුවක් නොවන්නේ කුමක්ද?

14 / 18

14. දී ඇති නිෂ්පාදන ක්‍රියාවලි හා සැසඳෙන ද්‍රව්‍ය ගුණ / නිෂ්පාදන ක්‍රම වේදය වනුයේ කුමක්ද?

15 / 18

15. රූපයේ දක්වා ඇති මාන වලින් යුතු රෝදයක් නිපදවීම සඳහා, විෂ්කම්භය 300 mm වූ ද ඝනකම 40 mm වූ ද සිලින්ඩරාකාර මෘදු වානේ වැඩකොටසක් සපයා ඇත. මෙම රෝදය නිපදවීම සඳහා යොදාගත හැකි නිෂ්පාදන ක්‍රියාවලිය වනුයේ කුමක්ද?

16 / 18

16. පහත සඳහන් මූර්ජිත (modulated) සංඥා සලකා බලන්න. ඉහත සංඥා අතුරෙන් විස්ථාර මූර්ජනය (amplitude modulation) නිරූපණය කරනුයේ,

17 / 18

17. 24 W, 12 V සරල ධාරා සුත්‍රිකා පහනක්, පරිපූර්ණ ධාරිත්‍රකයක් හා වහරුවක් 12 V සරල ධාරා විදුලි සැපයුමකට රූපයේ දැක්වෙන පරිදි සම්බන්ධ කර ඇත. සවිකරන අවස්ථාවේ දී ධාරිත්‍රකය සම්පුර්ණයෙන්ම විසර්ජනය වී ඇත. පරිපථයේ වහරුව සංවෘත කළ විට,

18 / 18

18. මෝටර් පාලක පරිපථයක හඳුනානොගත් කොටසක් පහත දක්වා ඇති පරිදි පරීක්ෂණයකට භාජනය කරන ලදී.

  • ශ්‍රේණිගතව සවිකරනු ලැබූ ප්‍රතිරෝධකයක් හරහා සරල ධාරා (DC) සැපයුමකට සම්බන්ධ කළ විට මුල් අවස්ථාවේ ධාරාවක් ගලා ගොස් එය ශුන්‍ය විය.
  • ශ්‍රේණිගත ප්‍රතිරෝධකයක් හරහා සංඛ්‍යාතය විචල්‍ය කළ හැකි ප්‍රත්‍යාවර්ත ධාරා (AC) විදුලි සැපයුමකට සම්බන්ධ කර, සැපයුමේ සංඛ්‍යාතය වෙනස් කරන විට, එක් සංඛ්‍යාතයක දී ධාරාව උපරිම වී ඉන් අනතුරුව තවදුරටත් සංඛ්‍යාතය වැඩි කරන විට ධාරාව ක්‍රමයෙන් අඩු විය.

මෙම කොටස තුළ තිබිය හැක්කේ කුමක්ද?

Your score is

The average score is 0%

0%