14. විදුලි කේතලයක්, දිගුවන් රැහැනක (extension cord) ආධාරයෙන් කෙවෙනි පිටුවානකට (socket outlet) සම්බන්ධ කර එහි වහරුව ක්රියාත්මක කරන ලදි. ඉන්පසු විදුලි කේතලයේ ලෝහ ආවරණය ස්පර්ශ කළ විට විදුලි සැර වැදීමක් ඇති විය.
පුද්ගලයකු මෙම සිදු වීම හා සම්බන්ධව පහත හේතු දක්වා ඇත.
A - කෙවෙනි පිටුවාන සහිත ගෘහස්ථ විදුලි පරිපථයට සම්බන්ධ සිඟිති පරිපථ බිඳිනය දෝෂ සහිත වීම
B - දිගුවන් රැහැන විවිධ උපාංග එකවර සම්බන්ධ කිරීම සඳහා මීට පෙර කිහිප වතාවක් භාවිත කර තිබීම
C - දිගුවන් රැහැන සම්බන්ධ කළ කෙවෙනි පිටුවාන නිසි ලෙස භූගත නොකර තිබීම
ඉහත හේතු අතුරෙන්, නිවැරදි හේතුව/හේතු වනුයේ,