මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 50ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

Mix Quiz 16

1 / 20

1. ගොඩනැගිල්ලක බිත්ති තුළට භූමියේ ඇති ජලය අවශෝෂණය වීම අවහිර කරන සරල අත්තිවාරමක කොටස වනුයේ,

2 / 20

2. ඉදිකිරීමේ ව්‍යාපෘතියක දී කොන්ත්‍රාත්කරු විසින් පොළොවට බිම් උළු යෙදීම සඳහා වර්ග මීටරයට රු. 6,000 ක මුදලක් ඉල්ලා සිටියි. බිම් උළු යෙදිය යුතු බිම් වර්ග ඵලය 150 m2 කි. කොන්ත්‍රාත්කරුගේ තක්සේරුව අනුව ද්‍රව්‍ය පිරිවැය රු. 300,000 ක්, කම්කරු කුලිය රු. 200,000 ක් සහ උඩිස් වියදම රු. 60,000 ක් වේ. මෙම ව්‍යාපෘතිය මගින් කොන්ත්‍රාත්කරු ලබන ලාභය වනුයේ,

3 / 20

3. සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න.

A - උවදුරක් යනු ජීවිතයට, සෞඛ්‍යයට, දේපල වලට හෝ පරිසරයට බලපාන අනතුරකි.

B - අනතුරක් ඇති වීමේ සම්භාවිතාව මත අවදානම රඳා පවතී.

C - මනා පුහුණුව මගින් සියලු උවදුරු වළකාගත හැකිය.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

4 / 20

4. යෝජිත ව්‍යාපෘතියක පිරිවැය තක්සේරු කිරීම පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ සලකන්න.

A - එමගින් ව්‍යාපෘතියේ නාස්තිය අවම වනු ඇත.

B - එමගින් ව්‍යාපෘතියේ කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇත.

C - එමගින් ඉදිකරන අවධියේ දී ඉදිකිරීම් ක්‍රම වේද තෝරා ගැනීමේ නම්‍යශීලිත්වය ඉහළ නංවනු ඇත.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

5 / 20

5. කුරුලු තුඩ මූට්ටුවක (Birdsmouth joint) ගැඹුර මගින් විශේෂයෙන් බලපෑමක් ඇති කරනුයේ,

6 / 20

6. ව්‍යාපාර ක්‍රියාවලියක් තුළ වෙළඳ පොළ සමීක්ෂණ පිළිබඳ පහත කරුණු සලකන්න.

A - පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා පිළිබඳ දත්ත ලබාගැනීම සඳහා ප්‍රශ්නාවලි ඵලදායි ලෙස යොදාගත හැකිය.

B - ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා වෙළඳ පොළ සමීක්ෂණ වාර්තාවක් අවශ්‍ය වේ.

C - සම්මුඛ සාකච්ඡා තුළින් රැස්කරන දත්ත ද්විතීයික දත්ත ලෙස සැලකේ.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

7 / 20

7. මැනුම් රේඛාවක දිග 25 m වේ. එම රේඛාව 1:500 පරිමාණයට නිරූපණය කළ විට, එහි දිග වනුයේ,

8 / 20

8. දිගින් වැඩි ගඩොල් බිත්ති බැඳීමේ දී, ගඩොල් බිත්තියේ ව්‍යූහාත්මක ආරක්ෂාව සඳහා සෑම 3.5 m කට වරක් කුඩා පරතරයක් තබනු ලැබේ. මෙයට අදාළ වන ද්‍රව්‍ය ගුණාංගය වනුයේ,

9 / 20

9. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළ පහත සඳහන් ප්‍රකාශ සලකන්න.

A - දේශීය නිෂ්පාදන අපනයනය, දේශීය ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කරයි.

B - ආනයන ආදේශන භාවිතය, දේශීය ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කරයි.

C - නිෂ්පාදන අමුද්‍රව්‍ය ආනයන තහනම, දේශීය ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කරයි.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

10 / 20

10. මූලික කළමනාකරණ ක්‍රියාකාරකම් පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද?

11 / 20

11. දිග මනින උපකරණයක ක්‍රමාංකන දෝෂයක් ඇත. එය සෑම සත්‍ය සෙන්ටිමීටරයක් ම 1 mm ක් අඩුවෙන් පෙන්වයි. මෙම උපකරණය මගින් පාදයක සත්‍ය දිග 20 cm වූ සමචතුරස්‍රයක පාදයක දිග මනින ලදී. මෙම මිනුම් ඇසුරින් ගණනය කළ විට සම චතුරස්‍රයේ වර්ගඵලය වනුයේ,

12 / 20

12. ඝන කසල කළමනා කරණය පිළිබඳව පහත වගන්ති සලකන්න.

A - පැණි බීම බෝතල්, පොල්තෙල් භාජන ලෙස යොදා ගැනීම ප්‍රතිචක්‍රීකරණය ලෙස වර්ග කළ හැකිය.

B - මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් නිපදවීම ජිර්ණය කිරීම ලෙස වර්ග කළ හැකිය.

C - අවම ඇසුරුම් සහිත ද්‍රව්‍ය මිලදී ගැනීම අඩු භාවිතාව ලෙස වර්ග කළ හැකිය.

ඉහත වගන්ති අතුරෙන්, සත්‍ය වගන්තිය/වගන්ති වනුයේ,

13 / 20

13. වතුර ටැංකියක ජලය නියමිත මට්ටමක තබා ගැනීම සඳහා භාවිත කළ හැකි කපාට වර්ගය කුමක්ද?

14 / 20

14. මට්ටම් ක්‍රියාවලියක දී ලබාගත් මට්ටම් යටියෙහි පාඨාංක සහ එම පාඨාංක ලබාගත් ස්ථාන පිළිබඳව විස්තරයක් පහත දැක් වේ.

පාඨාංකය | ස්ථානය

1.5 m  |  ඌනිත උස 55.0 m වන පිල් ලකුණ මත

2.0 m  |  A මත

2.5 m  | B මත

 

A ස්ථානයෙහි ඌනිත උස වනුයේ,

15 / 20

15. කොන්ක්‍රීට් කිරීමේ දී ආවරණ කුට්ටි (Cover blocks) තැබීමේ ප්‍රධාන අරමුණ වනුයේ,

16 / 20

16. පෙඟවුම් වළ (Soakage pit) පිළිබඳව පහත වගන්ති සලකන්න.

A - පෙඟවුම් වළේ හරස්කඩ වෘත්තාකාර විය යුතු ය.

B - පෙඟවුම් වළ සුදුසු වන්නේ අපත ජලය සෙමින් උරාගන්නා මැටි සහිත බිම් සඳහාය.

C - පෙඟවුම් වළ භාවිත වන්නේ, භූගත ජල මට්ටම පෙඟවුම් වළේ පතුලට වඩා අවම වශයෙන් 2 m ට වඩා ගැඹුරු විට දීය.

ඉහත වගන්ති අතුරෙන්, නිවැරදි වගන්තිය/වගන්ති වනුයේ,

17 / 20

17. කොන්ක්‍රීට් හැඩයම් (Formwork) පිළිබඳ පහත වගන්ති සලකන්න.

A - හැඩයම් බොහෝ වතාවක් පාවිච්චි කළ හැකි පරිදි කල් පැවතිය යුතු ය.

B - කොන්ක්‍රීටය සවි වූ පසු එහි පෘෂ්ඨයට හානි වීමකින් තොරව හැඩයම් ඉවත් කිරීමට හැකි විය යුතු ය.

C - කොන්ක්‍රීට් කිරීමේ දී අමු කොන්ක්‍රීට්, උපකරණ සහ වැඩකරුවන් මගින් ඇතිවන භාරයන් හැඩයම්වලට දරා ගැනීමට හැකි විය යුතු ය.

ඉහත වගන්ති අතුරෙන්, නිවැරදි වගන්තිය/ වගන්ති වනුයේ,

18 / 20

18. පහත පෙන්වා ඇති යන්ත්‍ර කොටස මධ්‍ය රේඛා වටා සමමිතිකය. මෙම කොටස නිෂ්පාදනය කිරීම් සඳහා යොදාගන්නා ඉංජිනේරු ඇඳීම මත දැක්විය යුතු අවම මාන ගණන වනුයේ,

19 / 20

19. ශ්‍රී ලංකාවේ ජාතික විදුලි සැපයුම පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න.

A - 230 V සැපයුම් වෝල්ටීයතාව ප්‍රමිතියක් වේ.

B - 230 V සැපයුම් වෝල්ටීයතාව පිරිවිතරයක් වේ.

C - 230 V සැපයුම් වෝල්ටීයතාව රෙගුලාසියක් වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

20 / 20

20. පාදයක දිග 50 mm වන පතුල රහිත සමපාද චතු ස්තලයක නිවැරදි විකසන රූපය කුමක්ද?

Your score is

The average score is 0%

0%