MCQ - Engineering Technology

මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 50ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

Mix Quiz 15

1 / 20

1. රූපයේ දැක්වෙන ද්‍රාව ජව සම්ප්‍රේෂණ සංකේතය මගින් නිරූපණය වනුයේ,

2 / 20

2. පරිපථයේ දැක්වෙනුයේ සන්ධි ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක් (JFET) වර්ධකයක් ලෙස භාවිත වන අවස්ථාවකි. සොරොව් ධාරාව (ID) 2 mA නම්, VGS හා VDS පිළිවෙළින්,

3 / 20

3. රූපයේ දක්වා ඇති සරල ධාරා පරිපථය සලකා බලන්න. ඉහත පරිපථයේ I3 ධාරාව,

4 / 20

4. ප්‍රමිති සහ පිරිවිතර සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

A - පිරිවිතර යනු යම් ආයතන විශාල සංඛ්‍යාවකට අදාළ වන සේ බලාත්මක කරන ලද ක්‍රියාවලියකි.

B - යම් නිෂ්පාදකයෙකු තනනු ලබන භාණ්ඩයක ජ්‍යාමිතික, යාන්ත්‍රික, විද්‍යුත්, රසායනික යනාදී පරාමිති පිරිවිතර වශයෙන් හැඳින්විය හැකි ය.

C - ප්‍රමිති සෑමවිටම මුදුන් පමුණුවාගත හැකි පරාමිති වන අතර පිරිවිතර එසේ නොවේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

5 / 20

5. ඩීසල් එන්ජිමක් සම්බන්ධව පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න.

A - ක්ෂණික ත්වරණයේ දී කළු දුම පිට වේ.

B - සිසිල් අවස්ථාවේ පණගැන්වූ විට සුදු දුම පිටවේ.

C - ධාවනයේ දී නිල් දුම පිට වේ.

මේ අතුරෙන් පිස්ටන වළලු ගෙවීයාම හේතු කොට ගෙන දැකිය හැකි නිරීක්ෂණය/නිරීක්ෂණ වනුයේ,

6 / 20

6. මෝටර් රථයක දකුණු පස ඉදිරි රෝදයේ පමණක් ඇතුළු දාරය අසාමාන්‍ය ලෙස ගෙවී ඇති බව නිරීක්ෂණය විය. මේ සඳහා හේතු විය හැක්කේ, දෝෂ සහිත

7 / 20

7. පහත දැක්වෙන කුමන වායු, දෙමං (two-way) උත්ප්‍රේරක පරිවර්තකයක් (catalytic converter) මගින් වෙනත් වායු බවට පරිවර්තනය කරයිද?

8 / 20

8. ප්‍රතිසම හා සංඛ්‍යාංක සංඥා සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

A - දෙන ලද අවස්ථාවක දී සංඛ්‍යාංක සංඥා නියත අගය දෙකකින් ඕනෑම එක් අගයක් ගන්නා අතර ප්‍රතිසම සංඥා යම් පරාසයක් තුළ ඕනෑම එක් අගයක් ගනී.

B - ප්‍රතිසම සංඥා වලට සාපේක්ෂව සංඛ්‍යාංක සංඥා වලට විද්‍යුත් ඝෝෂාවේ බලපෑම අඩු වේ.

C - සංඛ්‍යාංක සංඥා, ප්‍රතිසම සංඥා වලට සාපේක්ෂව පහසුවෙන් ගබඩා කළ හැක.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

9 / 20

9. මූර්ජණය හා සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

A - වාහක තරංගයේ සංඛ්‍යාතය සංඥාවේ සංඛ්‍යාතයට වඩා වැඩි ය.

B - සංඛ්‍යාත මූර්ජණයේ දී වාහක තරංගයේ සංඛ්‍යාතය සංඥාවේ විස්තාරයට අනුව වෙනස් කෙරේ.

C - විස්තාර මූර්ජණයේ දී වාහක තරංගයේ විස්තාරය සංඥාවේ සංඛ්‍යාතයට අනුව වෙනස් කෙරේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

10 / 20

10. කේන්ද්‍රාපසාරී පොම්ප සම්බන්ධව වැරදි ප්‍රකාශය කුමක්ද?

11 / 20

11. පහත සඳහන් නිෂ්පාදන ක්‍රම සලකා බලන්න.

A - පෑස්සීම

B - මිටියම් කිරීම

C - ඇලවීම

ඉහත ක්‍රම අතුරෙන් ලෝහමය කොටස් ස්ථිරව එකලස් කිරීම සඳහා සුදුසු නිෂ්පාදන ක්‍රමය/ ක්‍රම වනුයේ,

12 / 20

12. පහත සඳහන් යන්ත්‍ර සලකන්න.

A - පිස්ටන එන්ජිම (Piston Engine)

B - විදුලි විදුම් යන්ත්‍රය (Electric Drilling machine)

C - නිමැදුම් යන්ත්‍රය (Grinding machine)

D - යාන්ත්‍රික හැඩ තලන යන්ත්‍රය (Mechanical Forging machine)

E - හැඩගාන යන්ත්‍රය (Shaping machine)

ඉහත සඳහන් යන්ත්‍ර අතුරෙන් චලිත පරිවර්තන යාන්ත්‍රණ ඇතුළත් යන්ත්‍ර වනුයේ,

13 / 20

13. පාපැදිවල පසුපස රෝදයට සවිකරන එකත් රෝදයෙහි (free wheel) අඩංගු, ජව සම්ප්‍රේෂණය කිරීමට භාවිත වන විශේෂ උපාංගය වනුයේ,

14 / 20

14. වාහන එන්ජින්වල භාවිත වන ස්නේහක තෙල්වල ගුණාංග කිහිපයක් පහත දැක්වේ.

A - දුස්ස්‍රාවිතාව

B - තාප සන්නායතාව

C - පෘෂ්ඨ තෙත් කිරීම

D - ජ්වලන අංකය

ඉහත ඒවා අතුරෙන් ස්නේහනය සඳහා වඩාත් ම බලපාන ගුණාංග වන්නේ,

15 / 20

15. දීර්ඝ කෝරිඩෝවක සවිකර ඇති විදුලි බුබුලක් (Z) ස්ථාන තුනක පිහිටි ස්විච (P, Q සහ R) භාවිතයෙන් පාලනය කිරීම සඳහා යෝජිත පහත තාර්කික පරිපථ සලකා බලන්න. කුමන පරිපථයක්/පරිපථ ඉහත අවශ්‍යතාව සඳහා භාවිත කළ හැකි ද?

16 / 20

16. පහත රූපයෙහි දැක්වෙන්නේ තරල යන්ත්‍ර වල භාවිත වන තිරස් වෙන්චුරි නළයකි.

A සිට B දක්වා දුස්ස්‍රාවී නොවන ඝනත්වය 1000 kg/m වන අසම්පීඩ්‍ය තරලයක් අනවරතව ගලා යන විට A හි පීඩනය 2 x 105 Pa ද, A හරහා ද්‍රවයේ සාමාන්‍ය වේගය 10 m/s ද වෙයි. A හි නළයේ හරස්කඩ වර්ග ඵලය B හි මෙන් දෙගුණයක් නම් B හි දී ද්‍රවයේ පීඩනය Pa වලින්,

17 / 20

17. පරිපථයේ දැක්වෙනුයේ ට්‍රාන්සිස්ටරය ස්විච්චියක් ලෙස යොදා ඇති භාවිතයකි. A ස්විච්චිය සංවෘත කළ විට ට්‍රාන්සිස්ටරයේ පාදම ධාරාව (Iβ) සහ සංග්‍රාහක ධාරාව (Ic) පිළිවෙළින්,

18 / 20

18. තඹ සතු කුමන ගුණාංගයක් කම්බි ඇදීමේ නිෂ්පාදන ක්‍රියාවලියේ දී ප්‍රයෝජනයට ගැනේ ද?

19 / 20

19. රූපයේ දැක්වෙන ඝර්ෂණය රහිත දම්වැල් එලවුමෙහි A එලවුම් රෝදයේ විෂ්කම්භය 100 mm වන අතර, B එලවෙන රෝදයේ විෂ්කම්භය 400 mm වේ. C යනු ආතති රෝදයකි. A රෝදයෙහි යොදා ඇති ව්‍යාවර්තය 200 N m නම්, B රෝදයට යෙදෙන ව්‍යාවර්තය කොපමණ ද?

20 / 20

20. රූපයේ පෙන්වා ඇති යන්ත්‍ර කොටස විෂ්කම්භය 63 mm වූ ලෝහ දණ්ඩකින් නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍යව ඇත. ඉහත කොටස නිෂ්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍ර වනුයේ,

Your score is

The average score is 0%

0%