මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

03 - නිෂ්පාදන සහ ව්‍යාපාර සංවර්ධනය

1 / 7

1. පහත සඳහන් ප්‍රකාශ සලකන්න.

A - පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන පරිගණක ආශ්‍රිත දැනුම, ඉංජිනේරු තාක්ෂණවේදයේ පිබිදීම කෙරෙහි මහත් රුකුලක් වනු ඇත.

B - අන්තර්ජාල පහසුකම් දියුණු වීමත් සමගම, විවිධ රටවල ඇති නිෂ්පාදන කර්මාන්ත වල ක්‍රියාවලි සමග මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයට සෘජුව සම්බන්ධ විය හැකි වනු ඇත.

C - කෘත්‍රිම බුද්ධිය (AI) නිවැරදිව භාවිත කිරීමෙන් මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රය නව මාවතකට යොමු වනු ඇත.

ඉහත ප්‍රකාශ අතුරෙන්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අදාළ නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

2 / 7

2. ව්‍යාපාරයකට අදාළ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - අලෙවිකරණ සැලැස්මට අනුව, කිසියම් කාල සීමාවකට පසුව, ව්‍යාපාරයේ ගනුදෙනු වලින් ලැබූ ලාභය ගණනය කළ යුතුය.

B - අලෙවිකරණ සැලැස්මක පදනම විය යුත්තේ, ව්‍යාපාරයට අදාළ ශදු අත (SWOT) විශ්ලේෂණයකි.

C - අලෙවිකරණ සැලැස්ම, ව්‍යාපාරය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි පරීක්ෂා කිරීමට යොදාගත හැකි ය.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ.

3 / 7

3. ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද වෙළඳපොළ සමීක්ෂණයක දී පහත කරුණු අනාවරණය වී ඇත.

A - පුහුණු කළ හැකි ශ්‍රම බලකායක් ඇත.

B - දැනට පවත්නා තත්ත්වය යටතේ අළුත්වැඩියා කළ වාහන අමතර කොටස් සඳහා ඉල්ලුමක් පවතියි.

C - දැනට නිෂ්පාදන යන්ත්‍රෝපකරණ හිඟයක් පවතියි.

D - ක්ෂුද්‍ර ණය ලබා ගැනීමේ පහසුකම් පැවතිය ද ඒවා ලබා ගැනීම අසීරු ය.

ඉහත කරුණු අතුරෙන්, අළුත්වැඩියා කළ වාහන අමතර කොටස් ව්‍යාපාරයක් සඳහා,

4 / 7

4. නිෂ්පාදන සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - නව භාණ්ඩ හා සේවා වෙළඳ පොළට එක් කිරීමට ව්‍යවසායකයින්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වේ.

B - නව සොයාගැනීම් සියල්ල භාණ්ඩයක් හෝ සේවාවක් ලෙස වෙළඳ පොළට එක් වේ.

C - ව්‍යවසායකයින් තුළ ඇති පෞරුෂ ගතිලක්ෂණ තවදුරටත් සංවර්ධනය කළ හැකි ය.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

5 / 7

5. නිෂ්පාදන ආයතනයකට අදාළ ලාභ/අලාභ ප්‍රකාශනයක,

6 / 7

6. ශ්‍රී ලංකාවේ තේ දළු සඳහා ලැබෙන මිල පහත වැටීම වැළැක්වීම සඳහා, කුඩා තේ වතු හිමියන්ගේ සමිතියක් පිහිටුවා ගන්නා ලදී. මෙහි සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා තුනක් පහත දැක්වේ.

A - තේ ආශ්‍රිත බෝතල් කළ පානයක් නිෂ්පාදනය කර අලෙවි කිරීම.

B - තොග වශයෙන් තේ දළු අලෙවි කිරීම.

C - නිමි තේ නිෂ්පාදනය කර අලෙවි කිරීම.

ඉහත යෝජනා අතුරෙන්, තේ දළු මිල පහත වැටීමෙන් ඇතිවන බලපෑම අවම කර ගැනීම සඳහා යොදාගත හැකි යෝජනාව/යෝජනා වනුයේ,

7 / 7

7. එක්තරා මාසයක S ඡේදන ලක්ෂ්‍යය ප්‍රස්තාරයේ වම්පසට විතැන් විය. පන්තියේ සිසුන් විසින් ඉහත සිදුවීමට හේතු ලෙස පහත කරුණු දක්වා ඇත.

A - ඒකක නිෂ්පාදන පිරිවැය නියත ව ඇති විට ඒකකයක විකුණුම් මිල ආයතනය විසින් වැඩි කිරීම.

B - ඒකකයක විකුණුම් මිල නියත ව ඇති විට ඒකකයක නිෂ්පාදන පිරිවැය වැඩි වීම.

C - ඒකක නිෂ්පාදන පිරිවැය නියත ව ඇති විට ඒකකයක විකුණුම් මිල ආයතනය විසින් අඩු කිරීම. -

D - ඒකකයක විකුණුම් මිල නියත ව ඇති විට ඒකකයක නිෂ්පාදන පිරිවැය අඩු වීම.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශ/ප්‍රකාශය වනුයේ,

Your score is

The average score is 0%

0%