මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

01 - නිෂ්පාදන සහ ව්‍යාපාර සංවර්ධනය

1 / 10

1. ව්‍යාපාරයක වර්තමාන වෙළෙඳපොළ තත්ත්වය අධ්‍යයනය කිරීම පිළිබඳ පහත දැක්වෙන අරමුණු සලකා බලන්න.
A - වෙළෙඳ පොළෙහි පවතින තත්ත්වය පාලනය කිරීම
B - වෙළෙඳ පොළට සුදුසු අලෙවිකරණ උපායමාර්ග තීරණය කිරීම
C - අලෙවිකරණය සඳහා ව්‍යාපාරය සතු හැකියාවන් හඳුනා ගැනීම
D - පාරිභෝගිකයන්ගේ රුචි අරුචිකම් හඳුනා ගැනීම
ඉහත අරමුණු අතරින් ව්‍යාපාරය සඳහා අලෙවිකරණ සැලසුමක් සකස් කිරීමේ දී වර්තමාන වෙළෙඳ පොළ අධ්‍යයනය කිරීමේ ප්‍රධාන අරමුණු දෙකක් වනුයේ,

2 / 10

2. කුඩා ව්‍යාපාර සඳහා රාජ්‍ය ආයතන විසින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රදානය කිරීමේ දී අදාළ වන ප්‍රකාශ කිහිපයක් පහතදැක්වේ.

A - කුඩා ව්‍යාපාර වල අවදානම අඩුය.

B - පෞද්ගලික බැංකු කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ණය ලබා දීමට මැලිවෙයි.

C - ප්‍රමාණවත් ඇප තැබීමට අපහසුතාවයක් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට පවතී.

D - කුඩා ව්‍යාපාර සඳහා කුඩා ණය ප්‍රමාණ ප්‍රදානය කිරීම සෑහේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් ක්ෂුද්‍ර මූල්‍යණය ප්‍රදානය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන අවශ්‍යයෙන්ම සලකා බැලිය යුතු වන්නේ කුමන කරුණු ද?

3 / 10

3. නිමල් අභ්‍යාස පොත් නිෂ්පාදනය කරන කුඩා පරිමාණයේ ව්‍යවසායකයෙකි. ඔහුගේ අභ්‍යාස පොත් සඳහා වන ඉල්ලුම් වක්‍රය (D) හා සැපයුම් වක්‍රය (S) හි හැසිරීම රූපයේ දැක්වෙන පරිදි ප්‍රස්තාරිකව නිරූපණය කර ඇත. ශිෂ්‍යයකු විසින් D0 චක්‍රය D1, දක්වා විතැන් විය හැකි හේතු පහත සඳහන් පරිදි ඉදිරිපත් කර ඇත.

A - නිමල්ගේ අභ්‍යාස පොත් වල මිල වැඩි කිරීම

B - පාසල් යන දරුවන්ගේ ජනගහනය වැඩිවීම

C - නිමල්ගේ ගණුදෙනුකරුවන්ගේ ආදායම අඩු වීම

ඉහත ප්‍රකාශ වලින් නිවැරදි වනුයේ,

4 / 10

4. භාණ්ඩයක සැපයුම් වක්‍රයෙහි ඇති විය හැකි හැසිරීම් රූප සටහනේ දැක්වේ.

ඒ අනුව සැපයුම් වක්‍රය S0 සිට S1 දක්වා විතැන්වීමට හේතුවක් සහ එය S0 සිට S2 එය S සිට දක්වා විතැන්වීමට හේතුවක් පිළිවෙළින්,

5 / 10

5. සුමේධ, ගනේෂන්, රිසානා සහ මයිකල්ට අදාළ තොරතුරු පහත දැක්වේ.

A - සුමේධ ඉතා අවිනිශ්චිත වෙළෙඳ පොළක තම ව්‍යාපාරය දියුණු කරමින් පවත්වා ගෙන යයි.

B - ගනේෂන් ඔහුගේ තරගකරුවන්ට මුහුණදීම සඳහා නව භාණ්ඩයක් වෙළෙඳ පොළට ඉදිරිපත් කළේය.

C- රිසානා ඇයගේ පියා ආරම්භ කළ ව්‍යාපාරය එලෙස ම ලාභ ලබමින් පවත්වා ගෙන යන්නී ය.

D - මයිකල් ව්‍යාපාරයක හිමිකරුවකු වන අතර අලාභ ලබමින් වුව ද ව්‍යාපාරය පවත්වා ගෙන යයි.

ඉහත ප්‍රකාශ වලට අනුව වැඩි වශයෙන් ව්‍යවසායක ලක්ෂණ දක්වන්නේ,

6 / 10

6. ව්‍යවසායකයකු තුළ දැකිය හැකි ගුණාංග කිහිපයක් පහත දැක්වේ.

A - අනුගාමිකයන්ට නිවැරදි මඟ පෙන්වීම

B - අනුගාමිකයන්ට ස්ව කැමැත්ත පරිදිම කටයුතු කිරීමට නිදහස දීම

C - අනුගාමිකයන්ගේ සහයෝගය ලබා ගැනීමේ හැකියාව

D - ව්‍යාපාරයට නිවැරදි අරමුණු පිහිටුවීමේ හැකියාව

E - ව්‍යාපාරික අරමුණු කෙසේ හෝ ඉටු කරවා ගැනීමේ හැකියාව

ඉහත දැක්වෙන ගුණාංග අතුරෙන් නායකත්ව ගුණාංග තුන වනුයේ,

7 / 10

7. පහත රූප සටහනේ දැක් වෙන්නේ භාණ්ඩයකට අදාළ ව වෙළෙඳ පොළෙහි හැසිරීමයි.

ඉහත රූප සටහනට අනුව සැපයුම් වක්‍රය S සිට S, දක්වා විතැන්වීමට බලපෑ හැකි ප්‍රධාන හේතුවක් විය හැක්කේ,

8 / 10

8. ලාභය බෙදා ගැනීම පිළිබඳ කිසිඳු ගිවිසුමක් හවුල්කරුවන් අතර නොමැති විට දී හවුල් ව්‍යාපාරයක ලාභය බෙදා ගතයුත්තේ.

9 / 10

9. ව්‍යාපාරයක කළමණාකරුවන් විසින් ගනු ලැබූ තීරණ කිහිපයක් පහත දැක්වේ.

A - සේවකයින් සුදුසුකම් අනුව වඩාත් ගැළපෙන අංශ වලට අනුයුක්ත කිරීම.

B - අකාර්යක්ෂම ලෙස කටයුතු කරන සේවකයින් හඳුනාගෙන ඔවුන්ට වැඩිදුර පුහුණුව ලබා දීම.

C - සේවකයින් දිරිමත් කිරීමට නව වැඩ පිළිවෙළක් තීරණය කිරීම.

ඉහත තීරණ වලට සෘජුවම අදාළවන කළමනා කරණ කුසලතා අනුපිළිවෙළ වනුයේ,

10 / 10

10. සාර්ථක ව්‍යාපාර බිහි වීම නිසා ලැබෙන වාසි කිහිපයක් පහත දැක් වේ.

A බදු ආදායම ඉහළ නැගීම

B - නව්‍යකරණය කරන ලද භාණ්ඩ සහ සේවා භාවිත කිරීමට හැකියාව ලැබීම

C - ඉහළ ආදායම් ඉපැයීමට අවස්ථා ලැබීම

D - විදේශ වෙළෙඳ පොළට බලපෑම් කිරීමට හැකි වීම

E - විරැකියාවට විසඳුමක් ලැබීම

ඉහත වාසි අතුරෙන් සමාජයට ලැබිය හැකි ඍජු වාසි තුන වනුයේ,

Your score is

The average score is 0%

0%