04 - බිම් මැනීම සහ මට්ටම් ගැනීම
1 / 10
1. A සහ B ස්ථාන දෙකක් අතර ඇල දුර 20.00 m කි. A හි සහ B හි ඌනිත උස පිළිවෙළින් 100.00 m සහ 103.00 m කි. 1:1000 පරිමාණයට අඳින ලද බිම් සැලැස්මක් මත A සහ B ස්ථාන දෙක අතර දුර වනුයේ,
2 / 10
2. මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක දී භාවිත කරන ලද වගුවක් පහත දැක්වේ. ඉහත වගුවේ, A සහ B ස්ථාන වලට අදාළ පාඨාංක පිළිවෙළින් වනුයේ,
3 / 10
3. දම්වැල් මැනුමකදී ලබාගත් මිනුම් දැක්වෙන ක්ෂේත්‍ර පොත් සටහනක් රූපයේ දැක්වේ. දී ඇති තොරතුරු ඇසුරෙන්, ABCD භූ ලක්ෂණයෙහි වර්ග ඵලය කුමක්ද?
4 / 10
4. බිම් මැනුම සහ මට්ටම් ගැනීම හා සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දැක් වේ.
A - බිම් මැනුමේ දී සහ මට්ටම් ගැනීමේ දී යම්කිසි ස්ථානයක නිරපේක්ෂ පිහිටීම සෙවීමට මිනුම් ගනු ලැබේ.
B - පූර්ණයේ සිට කොටසට මැනීම මගින් මැනුමේ දෝෂවල බලපෑම අවම කර ගත හැකිය.
C - මට්ටම් ක්‍රියාවලියක් ආරම්භ කළ යුත්තේ පිල් ලකුණකින් හෝ තාවකාලික පිල් ලකුණකින් පමණි.
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
5 / 10
5. තියඩොලයිට්ට්ටු මැනුමක දී ලබාගත් මිනුම් කිහිපයක් පහත දැක්වේ. ඉහත මිනුම අනුව, A ස්ථානයට සාපේක්ෂව D ස්ථානය පිහිටා ඇත්තේ,
6 / 10
6. මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකට අදාළ සම්පූර්ණ නොකරන ලද වගුවක් පහත දැක්වේ. වගුවෙහි A සහ B ස්ථාන වලට ගැළපෙන අගයයන් පිළිවෙළින් වනුයේ,
7 / 10
7. දම්වැල් මැනුම පිළිබඳ ව පහත ප්‍රකාශ සලකා බලන්න.
A - මිනුම් ගැනීම සඳහා ඉඩම මත ත්‍රිකෝණ පිහිටුවා ගනු ලැබේ.
B - කුඩා පරිමාණයේ බිම් සැලසුම් පිළියෙළ කිරීමට යොදා ගත නොහැකි ය.
C - භූ ලක්ෂණ සඳහා මිනුම් ගැනීමට අනුලම්බ ක්‍රමය යොදා ගැනේ.
8 / 10
8. එක් මැනුම් ස්ථානයක් භාවිතයෙන් සිදු කරන තියඩොලයිට්ටු මැනුමක් හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - සියලුම භූ ලක්ෂණ මැනුම් ස්ථානයට හොඳින් දෘශ්‍ය විය යුතු ය.
B - තියඩොලයිට්ටුවෙහි තාවකාලික සැකසුම් ක්‍රියාවලියේ දී, එය මධ්‍යගත කිරීම, මට්ටම් කිරීම සහ අසම්පාතය ඉවත් කිරීම සිදු කරනු ලැබේ.
C - මෙම මැනුමේ දී භූ ලක්ෂණ සඳහා මිනුම් ගැනීමට අනුලම්භ ක්‍රමය යොදාගත හැකි ය.
9 / 10
9. පහත ප්‍රකාශ සලකා බලන්න.
A - සිරස් සහ තිරස් කෝණ මැනීමට තියඩොලයිට්ටුව යොදාගත හැකි ය.
B - සිරස් කෝණ මැනීමට ප්‍රිස්ම මාලිමාව යොදාගත හැකි ය.
C - තිරස් තලයේ කෝණ මැනීම සඳහා පමණක් ක්ලිනොමීටරය යොදාගත හැකි ය.
10 / 10
10. ABC ත්‍රිකෝණාකාර ඉඩමක් සඳහා ලබාගත් අනුලම්භ මිනුම් ඇතුළත් ක්ෂේත්‍ර පොත් සටහනක් රූපයේ දැක්වේ. සියලු මිනුම් මීටර වලිනි. ඉඩමේ වර්ග ඵලය කොපමණ ද?
Your score is
The average score is 0%