මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

04 - ඉලෙක්ට්‍රොනික තාක්ෂණය

1 / 10

1. ගුවන් විදුලි සම්ප්‍රේෂණය හා සම්බන්ධ විද්‍යුත් තරංග පහත දක්වා ඇත. ඉහත තරංගාකාර අතුරෙන් සංඛ්‍යාත මුර්ජිත තරංගය වනුයේ,

2 / 10

2. දීර්ඝ කෝරිඩෝවක සවිකර ඇති විදුලි බුබුලක් (Z) ස්ථාන තුනක පිහිටි ස්විච (P, Q සහ R) භාවිතයෙන් පාලනය කිරීම සඳහා යෝජිත පහත තාර්කික පරිපථ සලකා බලන්න. කුමන පරිපථයක්/පරිපථ ඉහත අවශ්‍යතාව සඳහා භාවිත කළ හැකි ද?

3 / 10

3. ප්‍රතිසම හා සංඛ්‍යාංක සංඥා සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

A - දෙන ලද අවස්ථාවක දී සංඛ්‍යාංක සංඥා නියත අගය දෙකකින් ඕනෑම එක් අගයක් ගන්නා අතර ප්‍රතිසම සංඥා යම් පරාසයක් තුළ ඕනෑම එක් අගයක් ගනී.

B - ප්‍රතිසම සංඥා වලට සාපේක්ෂව සංඛ්‍යාංක සංඥා වලට විද්‍යුත් ඝෝෂාවේ බලපෑම අඩු වේ.

C - සංඛ්‍යාංක සංඥා, ප්‍රතිසම සංඥා වලට සාපේක්ෂව පහසුවෙන් ගබඩා කළ හැක.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

4 / 10

4. රූපයේ දක්වා ඇති සරල ධාරා පරිපථය සලකා බලන්න. ඉහත පරිපථයේ I3 ධාරාව,

5 / 10

5. පහත දැක්වෙනුයේ ඉලෙක්ට්‍රොනික පරිපථයක ප්‍රදානය සඳහා යොදා ඇති ආරක්ෂක පරිපථ සටහනක කොටසකි. පහත කුමන තරංග/තරංගයක් V₂ ප්‍රතිදානය ලෙස ලැබිය නොහැකි වේද?

6 / 10

6. රූපයේ දැක්වෙනුයේ කාරකාත්මක වර්ධක පරිපථයකි. එහි ප්‍රදාන වෝල්ටීයතාව හා ප්‍රතිදාන වෝල්ටීයතාව අතර සම්බන්ධතාවය හොඳින්ම පෙන්වන ප්‍රස්තාරය වනුයේ මින් කුමක්ද?

7 / 10

7. මූර්ජණය හා සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

A - වාහක තරංගයේ සංඛ්‍යාතය සංඥාවේ සංඛ්‍යාතයට වඩා වැඩි ය.

B - සංඛ්‍යාත මූර්ජණයේ දී වාහක තරංගයේ සංඛ්‍යාතය සංඥාවේ විස්තාරයට අනුව වෙනස් කෙරේ.

C - විස්තාර මූර්ජණයේ දී වාහක තරංගයේ විස්තාරය සංඥාවේ සංඛ්‍යාතයට අනුව වෙනස් කෙරේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

8 / 10

8. පරිපථයේ දැක්වෙනුයේ ට්‍රාන්සිස්ටරය ස්විච්චියක් ලෙස යොදා ඇති භාවිතයකි. A ස්විච්චිය සංවෘත කළ විට ට්‍රාන්සිස්ටරයේ පාදම ධාරාව (Iβ) සහ සංග්‍රාහක ධාරාව (Ic) පිළිවෙළින්,

9 / 10

9. පරිපථයේ දැක්වෙනුයේ සන්ධි ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක් (JFET) වර්ධකයක් ලෙස භාවිත වන අවස්ථාවකි. සොරොව් ධාරාව (ID) 2 mA නම්, VGS හා VDS පිළිවෙළින්,

10 / 10

10. නිසග අර්ධ සන්නායක සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - කාමර උෂ්ණත්වයේ දී නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හා සමාන කුහර සංඛ්‍යාවක් ඇත.

B - ගලා යන ධාරාවට නිදහස් ඉලෙක්ට්‍රෝන පමණක් දායක වේ.

C - තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය හා මාත්‍රණය කිරීමෙන් N වර්ගයේ අර්ධ සන්නායක සැකසේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

Your score is

The average score is 0%

0%