මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

03 - විදුලි ජවය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම සහ භාවිතය

1 / 10

1. මෝටර් පාලක පරිපථයක හඳුනානොගත් කොටසක් පහත දක්වා ඇති පරිදි පරීක්ෂණයකට භාජනය කරන ලදී.

  • ශ්‍රේණිගතව සවිකරනු ලැබූ ප්‍රතිරෝධකයක් හරහා සරල ධාරා (DC) සැපයුමකට සම්බන්ධ කළ විට මුල් අවස්ථාවේ ධාරාවක් ගලා ගොස් එය ශුන්‍ය විය.
  • ශ්‍රේණිගත ප්‍රතිරෝධකයක් හරහා සංඛ්‍යාතය විචල්‍ය කළ හැකි ප්‍රත්‍යාවර්ත ධාරා (AC) විදුලි සැපයුමකට සම්බන්ධ කර, සැපයුමේ සංඛ්‍යාතය වෙනස් කරන විට, එක් සංඛ්‍යාතයක දී ධාරාව උපරිම වී ඉන් අනතුරුව තවදුරටත් සංඛ්‍යාතය වැඩි කරන විට ධාරාව ක්‍රමයෙන් අඩු විය.

මෙම කොටස තුළ තිබිය හැක්කේ කුමක්ද?

2 / 10

2. මහා පරිමාණ ජල විදුලි බලාගාරයක් හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - ප්‍රධාන උමගේ කෙළවරේ සිට බලාගාරය තෙක් ශීඝ්‍ර බෑවුමක් ඔස්සේ ජලය ගෙන එන්නේ නළ වැල (Penstock) මගිනි.

B -කප්ලාන් (Kaplan) හා ෆ්‍රැන්සිස් (Francis) යනු ආවේග වර්ගයේ තල බමර වේ.

C - පද්ධතියේ සංඛ්‍යාතය නියමිත අගයේ පවත්වා ගැනීමට මහා පරිමාණ ජල විදුලි බලාගාරයක් භාවිතකළ හැකිය.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

3 / 10

3. දැනට ශ්‍රී ලංකාව තුළ වාණිජ වශයෙන් විදුලිය උත්පාදනයට යොදාගනු නොලබන පුනර්ජනනීය බල ශක්තිය කුමක්ද?

4 / 10

4. රූපයේ දක්වා ඇත්තේ සරල ධාරා මෝටර් වර්ග තුනක ධාරාව අනුව වේගය විචලනය වන ආකාරයයි. a, b හා c වක්‍ර මගින් අනුපිළිවෙළින් දැක්වනුයේ,

5 / 10

5. සමමුහුර්තක මෝටරයක් (synchronous motor) හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - එහි නියත වේගයක් ඇති අතර එම වේගය භාරයෙන් ස්වායත්ත වේ.

B - එහි ස්ථායුක දඟරයට සරල ධාරා වෝල්ටීයතාවක් සැපයිය යුතු ය.

C - එය විදුලි පද්ධතිවල ජව සාධකය ඉහළ නැංවීම සඳහා යොදාගත හැකි ය.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

6 / 10

6. රූපයේ දැක්වෙනුයේ ජල විදුලි බලාගාරයක ආකෘතියකි. මෙහි, A අකුරෙන් දක්වා ඇත්තේ,

7 / 10

7. සූර්ය පැනල පද්ධති සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - ගෘහස්ථ සූර්ය පැනල පද්ධති මහා පරිමාණයෙන් සම්බන්ධ කිරීම නිසා දිවා කාලයේ දී අඩු වෝල්ටීයතා බෙදා හැරීමේ මාර්ගවල වෝල්ටීයතාව, නාමික අගය ඉක්මවා ඉහළ යා හැකි ය.

B - සුර්ය පැනල පද්ධතියක ප්‍රත්‍යාවර්ත ධාරා (AC) වෝල්ටීයතා ප්‍රදානය, අපවර්තකයක් (inverter) ආධාරයෙන් සරල ධාරා (DC) වෝල්ටීයතා ප්‍රතිදානයක් බවට පරිවර්තනය කර විදුලි බල ජාලයට සම්බන්ධ කරනු ලැබේ.

C - විදුලි පද්ධතියේ සංඛ්‍යාතය 50 Hz අගයෙහි පාලනය කිරීම සඳහා සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ විශාල පරිමාණයේ සූර්ය බලාගාර භාවිත කළ හැකිය.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

8 / 10

8. නියත වේගයකින් ක්‍රියාකරන අඩු භාර වාහක පද්ධතියක් (conveyor system) සඳහා මෝටරයක් තෝරා ගැනීමට ඇත. මෙම යෙදවුම සඳහා වඩාත් ම සුදුසු සරල ධාරා මෝටරය වනුයේ,

9 / 10

9. ස්වයං සැකබු (self-excited) සරල ධාරා ජනකයකින් විදුලිය ජනනය නොවන බව නිරීක්ෂණය විය. මෙයට හේතුවක් නොවන්නේ කුමක්ද?

10 / 10

10. උපපථ එතුම්, ශ්‍රේණිගත එතුම් සහ සංයුක්ත එතුම් මෝටර සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - උපපථ එතුම් මෝටරයක ආසන්න වශයෙන් නියත වේගයක් ඇත.

B - ශ්‍රේණිගත එතුම් මෝටරයක ආසන්න වශයෙන් නියත ව්‍යාවර්තයක් ඇත.

C - සංයුක්ත පථ එතුම් මෝටරයක ආසන්න වශයෙන් නියත වේගයක් හා නියත ව්‍යාවර්තයක් ඇත.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

Your score is

The average score is 0%

0%