මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

01 - විදුලි ජවය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම සහ භාවිතය

1 / 10

1. පොට ගණන N වන කම්බි දඟරයක්, චුම්බක ස්‍රාවය වෙනස් වීමේ සීඝ්‍රතාව (dθ/dt) වන ක්ෂේත්‍රයකට භාජනය කළ විට විද්‍යුත් චුම්බක ප්‍රේරණයට අදාළ මූලධර්ම අනුව එහි දෙකෙළවර අතර ඇතිවන ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය E0 = - N (dθ/dt) වේ. පොට 100 ක් සහිත කම්බි දඟරයක් තත්පර 0.1 ක දී චුම්බක ස්‍රාවය 0.003 Wb සිට 0.004 Wb ලෙස වෙනස්වන චුම්බක ක්ෂේත්‍රයකට භාජනය කළ විට, එහි ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලයේ විශාලත්වය,

2 / 10

2. එකලා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා විදුලි සැපයුමකින් (240 V, 50 Hz) ක්‍රියාකාරී වන විදුලි අත් විදුම් යන්ත්‍රයක (Electric hand drill) මෝටරය විනාඩියකට භ්‍රමණ 6000 ක (6000 rpm) වේගයෙන් ක්‍රියා කරවිය යුතුව ඇත. මේ සඳහා එක ම ප්‍රමත වෝල්ටීයතාවකින් (Rated voltage) සහ සමාන ජවයකින් යුතු පහත සඳහන් විදුලි මෝටර අතුරෙන් සුදුසු මෝටරය කුමක් ද?

3 / 10

3. එකලා ප්‍රේරණ මෝටරයකට විදුලිය සැපයූ විට එහි ස්වයං ආරම්භයක් (self-start) ඇති කළ හැකි ක්‍රමය වනුයේ,

4 / 10

4. සම මුහුර්ත (synchronous) මෝටර් භාවිත වනුයේ,

5 / 10

5. තෙකලා ප්‍රේරණ මෝටරයක් පණ ගැන්වීම සඳහා තරු සහ දැල් (star-delta) ආරම්භකයක් භාවිත කරනු ලැබේ. මෙම මෝටරය 400 V 50 Hz තෙකලා විදුලි සැපයුමකට සම්බන්ධ කර ඇත්නම් මෝටරය තරු සහ දැල් ආකාරයට සම්බන්ධ වන එක් එක් අවස්ථාවෙහි දී එහි දගරවල ඇතිවන කලා වෝල්ටීයතා අගයන් අනුපිළිවෙළින්,

6 / 10

6. ශ්‍රේණිගත එතුම් (series-wound) මෝටරයක, ආමේචර් ධාරාව (I) අනුව වේගය (N) සහ ව්‍යාවර්තය (T) වෙනස්වන අන්දම නිවැරදිව දැක්වෙන වක්‍ර අඩංගු ප්‍රස්තාරය කුමක් ද?

7 / 10

7. ලංකාවේ භාවිත කරන එකලා විදුලි සැපයුම් වෝලටීයතාව සහ එහි සංඛ්‍යාතය අනුපිළිවෙළින්,

8 / 10

8. සරල ධාරා ශ්‍රේණි එතුම් මෝටරයක (dc series wound motor) ආමේචර ධාරාවට (la) එදිරිව භ්‍රමණ වේගයේ (N) හැසිරීම නිවැරදිව නිරූපණය කොට ඇත්තේ පහත කුමන ප්‍රස්තාර සටහන මගින්ද?

9 / 10

9. පහත සඳහන් ශක්ති ප්‍රභව අතුරෙන් විදුලිය ජනනය කිරීම සඳහා පුනර්ජනනීය (renewable) ශක්ති ප්‍රභවයක් ලෙස සැලකිය හැකි වන්නේ කුමක්ද?

10 / 10

10. විදුලි මෝටරයක විදුලි ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කිරීම හා සම්බන්ධ නියමයක් වනුයේ,

Your score is

The average score is 0%

0%