මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 50ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

Mix Quiz 22

1 / 20

1. පහත රූපයේ දක්වා ඇති ප්‍රදාන සංඥාව (V in ) සහ පරිපූර්ණ ඩයෝඩයක් සහිත පරිපථය සලකා බලන්න. ඉහත අවස්ථාවේ දී, ප්‍රතිදාන සංඥාව (V out ) දැක්වෙන රූප සටහන කුමක්ද?

2 / 20

2. රූපයේ දැක්වෙනුයේ දම්වැල් එළැවුමක කොටසකි. මෙහි, B හා C ද, D හා E ද දෘඪව සම්බන්ධ වී ඇත. A හි දැති ප්‍රමාණය 50 ක් වන අතර එය දක්ෂිණාවර්තව 1500 rpm ක වේගයෙන් කරකැවේ. B, C සහ D වල දැති ප්‍රමාණයන් පිළිවෙළින්, 100,90 සහ 150 වේ. රූපය පරිමාණයට ඇඳ නැත. E හි භ්‍රමණ වේගය සහ භ්‍රමණ දිශාව පිළිවෙළින්,

3 / 20

3. ප්‍රායෝගික ඩයෝඩයක ලාක්ෂණික වක්‍රය වඩාත් හොඳින් නිරූපණය කරන ප්‍රස්ථාරය කුමක්ද?

4 / 20

4. අවකර පරිණාමක පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - ඒවා ජාල උපපොළවල යොදා ගැනේ.

B - ඒවා විදුලි බලාගාර වලින් විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ දී වෝල්ටීයතාව වෙනස් කිරීමට යොදා ගැනේ.

C - ඒවායෙහි ද්විතීයික දඟරයේ වට ගණන ප්‍රාථමික දඟරයේ වට ගණනට වඩා අඩු වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශ වනුයේ,

5 / 20

5. සමමුහුර්තක මෝටරයක් (synchronous motor) හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - එහි නියත වේගයක් ඇති අතර එම වේගය භාරයෙන් ස්වායත්ත වේ.

B - එහි ස්ථායුක දඟරයට සරල ධාරා වෝල්ටීයතාවක් සැපයිය යුතු ය.

C - එය විදුලි පද්ධතිවල ජව සාධකය ඉහළ නැංවීම සඳහා යොදාගත හැකි ය.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

6 / 20

6. ප්‍රායෝගික සරල ධාරා වෝල්ටීයතා ප්‍රභවයක්, නියත සරල ධාරා වෝල්ටීයතාවයක (VS) හා ප්‍රතිරෝධයක (RS) ශ්‍රේණිගත සංයෝජනයක් ලෙස ආකෘති ගත කළ හැකිය. එවන් වෝල්ටීයතා ප්‍රභවයේ අග්‍ර (terminals) හරහා විවෘතපරිපථ වෝල්ටීයතාව 12.4 V ලෙස මැන ගන්නා ලදී. වෝල්ටීයතා ප්‍රභවයේ අග්‍ර හරහා 2 W ප්‍රතිරෝධක භාරයක් සම්බන්ධ කළ විට අග්‍ර අතර වෝල්ටීයතාව 12 V දක්වා පහළ වැටුණි. VS හා RS අගයයන් පිළිවෙළින් වනුයේ,

7 / 20

7. සමාන්තරගතව සම්බන්ධ කර ඇති 120 V, 100 W සූත්‍රිකා බල්බ දහයක් සඳහා විදුලිය, 1 : 2 එතුම් අනුපාතය සහිත එකලා විදුලි පරිණාමකයක ද්විතීයික දඟරය මගින් සැපයෙන විට, එම පරිණාමකයේ ප්‍රාථමික දඟරයේ ධාරාව කොපමණ ද?

8 / 20

8. රූපයේ දක්වා ඇති ට්‍රාන්සිස්ටර වර්ධක පරිපථයේ නැඹුරුම් ලක්ෂ්‍යයේ (Q-point) දී පාදම ධාරාව (IBQ), සංග්‍රාහක ධාරාව (ICQ) හා සංග්‍රාහකය හා විමෝචකය අතර වෝල්ටීයතාව (VCEQ) පිළිවෙළින්,

9 / 20

9. D වර්ගයේ පිළිපොළක් (D-flip-flop) සහ එයට දෙන ලද ප්‍රදාන සංඥා රූපයේ දැක් වේ. Q හි ප්‍රතිදාන සංඥාව කුමක්ද?

10 / 20

10. පරිපථයේ දැක්වෙනුයේ සන්ධි ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක් (JFET) වර්ධකයක් ලෙස භාවිත වන අවස්ථාවකි. සොරොව් ධාරාව (ID) 5 mA නම් VGS හා VDS පිළිවෙළින්,

11 / 20

11. සිසිල්ව ඇති පුලිගු ජීජ්වලන එන්ජිමක් පණ ගැන්වීමේ දී, දහනය පහසු කිරීම සඳහා සරු මිශ්‍රණයක් ලබාදිය යුතු ය. මේ සඳහා රියදුරු විසින් ක්‍රියාකරවිය යුතු උපාංගය වනුයේ,

12 / 20

12. රූපයේ දක්වා ඇති කාරකාත්මක වර්ධක පරිපථය සලකා බලන්න. මෙහි I ධාරාව හා R₂ ප්‍රතිරෝධය අතර සම්බන්ධය නිවැරදිව නිරූපණය කරන ප්‍රස්තාරය කුමක්ද?

13 / 20

13. තරල යන්ත්‍ර සම්බන්ධව පහත ප්‍රකාශ සලකා බලන්න.

A - යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණයට සාපේක්ෂව ද්‍රාව ජව සම්ප්‍රේෂණයේ දී සිදුවන ශක්ති හානිය අඩු වේ.

B - ද්‍රාව ජව සම්ප්‍රේෂණයේ දී ද්‍රාව දිශානතිය, සහන කපාට මගින් පාලනය කළ හැකි ය.

C - අවශ්‍ය විට දී ද්‍රවය පීඩනයට ලක් කරමින් ද්‍රාව පොම්පය ක්‍රියාත්මක වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

14 / 20

14. විදුලි කේතලයක්, දිගුවන් රැහැනක (extension cord) ආධාරයෙන් කෙවෙනි පිටුවානකට (socket outlet) සම්බන්ධ කර එහි වහරුව ක්‍රියාත්මක කරන ලදි. ඉන්පසු විදුලි කේතලයේ ලෝහ ආවරණය ස්පර්ශ කළ විට විදුලි සැර වැදීමක් ඇති විය.

පුද්ගලයකු මෙම සිදු වීම හා සම්බන්ධව පහත හේතු දක්වා ඇත.

A - කෙවෙනි පිටුවාන සහිත ගෘහස්ථ විදුලි පරිපථයට සම්බන්ධ සිඟිති පරිපථ බිඳිනය දෝෂ සහිත වීම

B - දිගුවන් රැහැන විවිධ උපාංග එකවර සම්බන්ධ කිරීම සඳහා මීට පෙර කිහිප වතාවක් භාවිත කර තිබීම

C - දිගුවන් රැහැන සම්බන්ධ කළ කෙවෙනි පිටුවාන නිසි ලෙස භූගත නොකර තිබීම

ඉහත හේතු අතුරෙන්, නිවැරදි හේතුව/හේතු වනුයේ,

15 / 20

15. මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක දී භාවිත කරන ලද වගුවක් පහත දැක්වේ. ඉහත වගුවේ, A සහ B ස්ථාන වලට අදාළ පාඨාංක පිළිවෙළින් වනුයේ,

16 / 20

16. රූපයේ දැක්වෙන පරිපථ සටහනෙහි ආකාරයට දඟරයක් හරහා වායු පරතරයකින් වෙන් කරන ලද ඉලෙක්ට්‍රෝඩ යුගලයක් සම්බන්ධ කර ඇත. බැටරිය මගින් ලබාදෙන වෝල්ටීයතාව 12 V කි. පරිපථයෙහි ප්‍රතිරෝධය (R) 5 Ω හා ප්‍රේරතාව (L) 20 mH කි. පරිපථයේ වහරුව (S) වසා පරිපථය ස්ථාවර තත්ත්වයට පත් වූ පසු 2 µs කාලයක දී වහරුව විවෘත කරන ලදී. මෙම දත්තවලට අනුව, දඟරය ස්ථාවර තත්ත්වයට පත්වීමට ගතවන අවම කාලය හා ඉලෙක්ට්‍රෝඩ යුගලය හරහා ගොඩනැගෙන වෝල්ටීයතාව, පිළිවෙළින් වනුයේ,

17 / 20

17. ABC ත්‍රිකෝණාකාර ඉඩමක් සඳහා ලබාගත් අනුලම්භ මිනුම් ඇතුළත් ක්ෂේත්‍ර පොත් සටහනක් රූපයේ දැක්වේ. සියලු මිනුම් මීටර වලිනි. ඉඩමේ වර්ග ඵලය කොපමණ ද?

18 / 20

18. රූපයේ දැක්වෙන පරිදි විෂ්කම්භය 0.5 m වූ සිලින්ඩරයකට ලණුවක් එතීම මගින් ජලය පිරි පනිට්ටුවක් ඉහළට එසවීමට යන්ත්‍රයක් නිර්මාණය කර ඇත. සිලින්ඩරයේ භ්‍රමණ වේගය 120 rpm නම්, පනිට්ටුව එසවෙන වේගය කුමක්ද?

19 / 20

19. දී ඇති පරිපථ සටහනෙහි, X යනු සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපථයකි. එහි P හා Q යනු ප්‍රදානයන් වන අතර, Y හා Z යනු ප්‍රතිදානයන් වේ. P හා O මගින් නිරූපණය කරන සංඛ්‍යාංක අගයෙ හි එකතුව YZ මගින් නිරූපණය කරයි. Y යනු ද්විමය සංඛ්‍යාවේ විශාලතම ස්ථානීය අගයයි. X සඳහා යෝජිත පරිපථ තුනක් A, B සහ C මගින් දක්වා ඇත. A, B සහ C පරිපථ අතුරෙන් කුමන පරිපථය/පරිපථ X සඳහා සුදුසු ද?

20 / 20

20. සූර්ය පැනල පද්ධති සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - ගෘහස්ථ සූර්ය පැනල පද්ධති මහා පරිමාණයෙන් සම්බන්ධ කිරීම නිසා දිවා කාලයේ දී අඩු වෝල්ටීයතා බෙදා හැරීමේ මාර්ගවල වෝල්ටීයතාව, නාමික අගය ඉක්මවා ඉහළ යා හැකි ය.

B - සුර්ය පැනල පද්ධතියක ප්‍රත්‍යාවර්ත ධාරා (AC) වෝල්ටීයතා ප්‍රදානය, අපවර්තකයක් (inverter) ආධාරයෙන් සරල ධාරා (DC) වෝල්ටීයතා ප්‍රතිදානයක් බවට පරිවර්තනය කර විදුලි බල ජාලයට සම්බන්ධ කරනු ලැබේ.

C - විදුලි පද්ධතියේ සංඛ්‍යාතය 50 Hz අගයෙහි පාලනය කිරීම සඳහා සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ විශාල පරිමාණයේ සූර්ය බලාගාර භාවිත කළ හැකිය.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

Your score is

The average score is 0%

0%