මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 50ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

Mix Quiz 19

1 / 20

1. උපපථ එතුම්, ශ්‍රේණිගත එතුම් සහ සංයුක්ත එතුම් මෝටර සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - උපපථ එතුම් මෝටරයක ආසන්න වශයෙන් නියත වේගයක් ඇත.

B - ශ්‍රේණිගත එතුම් මෝටරයක ආසන්න වශයෙන් නියත ව්‍යාවර්තයක් ඇත.

C - සංයුක්ත පථ එතුම් මෝටරයක ආසන්න වශයෙන් නියත වේගයක් හා නියත ව්‍යාවර්තයක් ඇත.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

2 / 20

2. AB රේඛාවේ දිගංශය 120° ක් වේ. වාමාවර්තව මනින ලද ABC අන්තර්ගත කෝණය 50° ක් නම්, BC රේඛාවේ දිගංශය,

3 / 20

3. කොන්ක්‍රීට් මනා ලෙස සුසංහසනය නොකිරීම නිසා,

4 / 20

4. ගොඩනැගිල්ලක පූතික ටැංකියක විශාලත්වය නිර්ණය කිරීමේ දී ඍජුවම සලකනු ලබන සාධක මොනවාද?

5 / 20

5. විවිධ සංකල්ප මත පදනම්ව බිම් මැනුම වර්ගීකරණය කළ හැකි ය. එසේ සිදු කරන ලද වර්ගී කරණ සඳහා උදාහරණ කිහිපයක් පහත දී ඇත. වගුවේ වර්ගී කරණ සංකල්පය සහ උදාහරණය නිවැරදිව දක්වා ඇත්තේ,

6 / 20

6. එක්තරා නිවසක ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධ නොවන (Off-grid) සූර්ය පැනල (Solar photovoltaic) පද්ධතියක් සවිකිරීමට අවශ්‍යව ඇත. එම නිවසේ දිනක සාමාන්‍ය විදුලි පරිභෝජනය 2.8 kWh කි. බැටරි සම්පූර්ණයෙන් ම විසර්ජනය කළ හැකි යැයි සලකා මෙම විදුලි අවශ්‍යතාව සැපයීම සඳහා 12 V, 120 Ah බැටරි කීයක් අවශ්‍ය වේ ද?

7 / 20

7. ගෘහස්ථ ජල සම්පාදන පද්ධතියේ සිට ප්‍රධාන ජල සැපයුමට ජලය නැවත ගමන් කිරීම වැළැක්වීමට යොදා ගන්නා කපාට වර්ගය වනුයේ,

8 / 20

8. නිවසක විදුලි සැපයුමට සම්බන්ධ කර ඇති තුන්කූරු පේනුවක් සහිත විදුලි කේතලයක ලෝහමය මතුපිට ස්පර්ශ කළ විට විදුලිසැර වැදී ශේෂ ධාරා පරිපථ බිඳිනය ක්‍රියාත්මක වී නිවසේ විදුලිය විසන්ධි වේ. මීට අමතර ව විදුලි කේතලය ක්‍රියාත්මක වන විට නිවසේ විදුලි සැපයුමට සම්බන්ධ කර ඇති තුන්කුරු පේනු සහිත අනෙකුත් විදුලි උපකරණ වල ලෝහමය මතුපිට ස්පර්ශ කළ විටදී ද විදුලිසැර වැදී ශේෂ ධාරා පරිපථ බිඳිනය ක්‍රියාත්මක වී විදුලිය විසන්ධි වේ. මේ ක්‍රියාදාමය හා සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

A - නිවසේ භූගත රැහැන විසන්ධි වී ඇත.

B - කේතලය දෝෂ සහිතය.

C - එම නිවසෙහි ශේෂ ධාරා පරිපථ බිඳිනය දෝෂ සහිතය.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

9 / 20

9. වැඩ අයිතමයක ශුද්ධ ඒකක මිල සහ දළ ඒකක මිල සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

A - ශුද්ධ ඒකක මිලෙහි, ද්‍රව්‍ය සඳහා පිරිවැය අඩංගු වන අතර දළ ඒකක මිලෙහි, ද්‍රව්‍ය හා උපකරණ සඳහා වන පිරිවැය අඩංගු වේ.

B - දළ ඒකක මිල යනු ශුද්ධ ඒකක මිලට උඩිස් වියදම් සහ ලාභය එකතු කළ විට ලැබෙන අගය වේ.

C - ශුද්ධ ඒකක මිල හා ලාභය එකතු කළ විට ලැබෙන අගය, දළ ඒකක මිල හා උඩිස් වියදම් එකතු කළ විට ලැබෙන අගයට සමාන වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

10 / 20

10. තෙකලා විදුලි පද්ධතියක් හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - සමබල තෙකලා විදුලි පද්ධතියක මුළු සක්‍රීය ජවය එක් කලාවක සක්‍රීය ජවය මෙන් 3 ගුණයකි.

B - සමබල තෙකලා විදුලි පද්ධතියක කලා දෙකක් අතර වෝල්ටීයතාවය එක් කලාවක වෝල්ටීයතාවය මෙන් √3 ගුණයකි.

C - සමබල තෙකලා විදුලි පද්ධතියක කලා වෝල්ටීයතාවයන් දෙකක් අතර කලා වෙනස 180° ක් වේ. ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

11 / 20

11. ගෘහස්ථ ජල සම්පාදන පද්ධති පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

A - ඍජු සිසිල් ජල සැපයුම්වල (Direct cold water supply) ජල ටැංකි අත්‍යවශ්‍ය අංගයක් නොවේ.

B - වක්‍රාකාර සිසිල් ජල සැපයුම්වල (Indirect cold water supply), මුළුතැන්ගෙහි දෝවන (Kitchen sinks) ඍජුව ප්‍රධාන සැපයුමට සම්බන්ධ කරනු ලැබේ.

C - වක්‍රාකාර සිසිල් ජල සැපයුම් පද්ධතිවල ප්‍රධාන සැපයුම සම්බන්ධ කරනුයේ උඩිස් ටැංකියෙහි පතුල මට්ටමට මදක් ඉහළිනි.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

12 / 20

12. ලී වහල රාමුවක 'අට්ටවාල' (Purlins) කොටස යනු,

13 / 20

13. පහත රූපවල දක්වා ඇති ප්‍රදාන තරංගාකාරය සහ පරිපූර්ණ ඩයෝඩයක් සහිත පරිපථය සලකා බලන්න. ප්‍රදාන තරංගාකාරය Vin ලෙස වූ විට RL හරහා ප්‍රතිදාන තරංගාකාරය කුමක්ද?

14 / 20

14. මහා පරිමාණ ජල විදුලි බලාගාරයක් හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - ප්‍රධාන උමගේ කෙළවරේ සිට බලාගාරය තෙක් ශීඝ්‍ර බෑවුමක් ඔස්සේ ජලය ගෙන එන්නේ නළ වැල (Penstock) මගිනි.

B -කප්ලාන් (Kaplan) හා ෆ්‍රැන්සිස් (Francis) යනු ආවේග වර්ගයේ තල බමර වේ.

C - පද්ධතියේ සංඛ්‍යාතය නියමිත අගයේ පවත්වා ගැනීමට මහා පරිමාණ ජල විදුලි බලාගාරයක් භාවිතකළ හැකිය.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

15 / 20

15. දම්වැල් මැනුම පිළිබඳ ව පහත ප්‍රකාශ සලකා බලන්න.

A - මිනුම් ගැනීම සඳහා ඉඩම මත ත්‍රිකෝණ පිහිටුවා ගනු ලැබේ.

B - කුඩා පරිමාණයේ බිම් සැලසුම් පිළියෙළ කිරීමට යොදා ගත නොහැකි ය.

C - භූ ලක්ෂණ සඳහා මිනුම් ගැනීමට අනුලම්බ ක්‍රමය යොදා ගැනේ.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

16 / 20

16. ධාරිත්‍රකයක ධාරණාව පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - තහඩු අතර පරතරයට අනුලෝමව සමානුපාතික වේ.

B - තහඩුවල ක්‍රියාකාරී වර්ගඵලයට අනුලෝමව සමානුපාතික වේ.

C - මාධ්‍යයේ පාර වේද්‍යතාවට ප්‍රතිලෝමව සමානුපාතික වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

17 / 20

17. ප්‍රමාණ බිල්පත්‍රයක අවිනිශ්චිත (Provisional) වියදම් ලෙස ඇතුළත් කරනු ලබන වැඩ අයිතමයක් වන්නේ,

18 / 20

18. එක් මට්ටම් උපකරණ ස්ථානයක් යොදා ගනිමින් A සහ B ස්ථාන දෙක අතර උසෙහි වෙනස සෙවීමට මට්ටම් ක්‍රියාවලියක් සිදු කරන ලදී. A සහ B හි ඌනිත උස පිළිවෙළින් 100 m සහ 99.5 m ද, B හි මට්ටම් යටි පාඨාංකය 1.5 m ද වේ නම්, A හි මට්ටම් යටි පාඨාංකය විය යුත්තේ,

19 / 20

19. ගොඩනැගිලි ඉදිකිරීමේ දී බලපාන නීතිමය රෙගුලාසි කිහිපයක් පහත දක්වා ඇත.

A - ගොඩනැගිල්ල දෙමහල් ගොඩනැගිල්ලක් වන විට, එහි පිටුපස විවෘත ඉඩ ප්‍රමාණය සඳහා 2.25 m ට නොඅඩු පළලින් යුතු ඉඩක් වෙන් කළ යුතු ය.

B -ගොඩනැගිල්ල තුළ ඇති නාන කාමර සහ වැසිකිළිවල විවෘත කළ හැකි කවුළුවේ අවම වර්ග ඵලය 1 ඒවායේ බිමෙහි වර්ගඵලයෙන් ක් ක් විය යුතු ය.

C - ඇල වූ වහලයක් සහිත ගොඩනැගිල්ලක වැසිකිළි, නාන කාමර හා කොරිඩෝව හැරුණු විට අනෙකුත් කාමර සඳහා අවම උස 2.7 m ට වඩා අඩු නොවිය යුතු ය.

මේ අතුරෙන්, ගොඩනැගිල්ලක ආලෝකය හා වාතාශ්‍රය ලබා ගැනීමට අදාළ රෙගුලාසිය/රෙගුලාසි වන්නේ,

20 / 20

20. එක සමාන අගයෙන් යුතු ප්‍රතිරෝධක හතරක් නියත සරල ධාරා වෝල්ටීයතා ප්‍රභවයක් හරහා සම්බන්ධ කළ හැකි ආකාර හතරක් රූප සටහන්වල දැක්වේ. එක් එක් අවස්ථාවේ දී පරිපථයේ ගලායන ධාරාව I1, I2, I3 සහ I4 ලෙස දක්වා ඇත. I1, I2, I3 සහ I4 අතර නිවැරදි සම්බන්ධතාව වනුයේ,

Your score is

The average score is 0%

0%