පරිමාණයක් ඉදිරිපත් කිරීමේදී එය එකම ඒකකයකින් ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව 1km සෙන්ටිමීටර කළ යුතුය. 1km සඳහා මීටර් 1000ක් ද 1m සඳහා සෙන්ටිමීටර 100ක් ඇත. එබැවින්,
1km = 1000m x 100 = 100000cm වේ.
ඒ අනුව පරිමාණය 1cm : 100000cm වේ. පරිමාණ දැක්වීමේදී ඒකකය ලියා නොදක්වන බැවින් 1 : 100000 ලෙස දැක්විය හැකිය.