මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

01 - මිනුම් සහ මිනුම් උපකරණ

1 / 10

1. දිග මනින උපකරණයක ක්‍රමාංකන දෝෂයක් ඇත. එය සෑම සත්‍ය සෙන්ටිමීටරයක් ම 1 mm ක් අඩුවෙන් පෙන්වයි. මෙම උපකරණය මගින් පාදයක සත්‍ය දිග 20 cm වූ සමචතුරස්‍රයක පාදයක දිග මනින ලදී. මෙම මිනුම් ඇසුරින් ගණනය කළ විට සම චතුරස්‍රයේ වර්ගඵලය වනුයේ,

2 / 10

2. වෘත්තාකාර සිලින්ඩරයක බාහිර විෂ්කම්භය නිර්ණය කිරීමේ දී පහත දැක්වෙන දෝෂ බලපෑ හැකි ය.

A - මිනුම් උපකරණයේ මූලාංක දෝෂය

B සිලින්ඩරයේ වෘත්තාකාර භාවයේ තිබිය හැකි දෝෂ

C - මිනුම් ලබා ගන්නා ආකාරය නිසා ඇති විය හැකි දෝෂ

පාඨාංක කිහිපයක් ලබාගෙන සාමාන්‍ය අගය ගණනය කිරීම මගින් අවම කරගත හැකි දෝෂය හෝ දෝෂ මොනවාද?

3 / 10

3. මීටර කෝදුවක් මගින් යම් දිගක් මනින ලද අතර එම මිනුම 5m විය. පසුව සොයා බැලීමේ දී කෝදුවෙහි සැබෑ දිග 0.05 m කින් අඩු බව සොයා ගන්නා ලදී. ඒ අනුව මනින ලද දිගෙහි සැබෑ දිග වනුයේ,

4 / 10

4. මිලිමීටර වලින් ක්‍රමාංකනය කර ඇති වානේ කෝදුවක් භාවිතයෙන් දිග මැනීමේ දී පාඨාංකය කියවිය යුතු ආසන්නතම අගය වන්නේ,

5 / 10

5. A, B, C හා D ලෙස නම් කරන ලද වෝල්ට්ස්මාන හතරක විශ්වාසනීයත්වය පරීක්ෂා කිරීම සඳහා ඒවා එකිනෙක භාවිතයෙන් සම්මත 110 V සරල ධාරා (DC) වෝල්ටීයතාවයක් තුන්වර බැගින් මනින ලදී. ලබාගත් පාඨාංක පහතදැක්වේ.

        A - 107 V, 109 V, 111 V

        B - 107 V, 108 V, 109 V

        C - 108 V, 112 V, 116 V

        D - 104 V, 107 V, 110 V

ඉහත වෝල්මාන අතුරින් වඩාත්ම නිරවද්‍ය (accurate) සහ වඩාත්ම යථාතථ්‍ය (precise) වන වෝල්ට්මාන දෙක පිළිවෙළින්,

6 / 10

6. වර්නියර කැලිපරයක මූලාංක දෝෂයක් ඇති බැවින්, 10 mm ක සත්‍ය දිගක් මැනීමේ දී එය 10.10 mm ලෙස දක්වයි. එමගින් සත්‍ය දිග 20 mm වූ මිනුමක් ගැනීමේ දී දක්වන පාඨාංකය කුමක්ද?

7 / 10

7. යම් නිෂ්පාදනයක්, SLS හෝ ISO වැනි ප්‍රමිති වලට අනුකූල වීම නිසා අත්වන ප්‍රධානතම වාසිය වනුයේ,

8 / 10

8. මිනුම් කෝදුවක් 0.5 mm දක්වා ක්‍රමාංකනය කර ඇත. එය භාවිතයෙන් දිග මැනීමේ දී එහි ක්‍රමාංකනය අනුව අපේක්ෂා කළ හැකි උපරිම දෝෂය,

9 / 10

9. මිනුම් ලබා ගැනීමේ දී සම්මත ක්‍රමවේද භාවිතයෙන් (Standard methods of measurements) අත්වන වාසියක් වන්නේ,

10 / 10

10. නැව් නිෂ්පාදන සමාගමක භාවිතයට ගන්නා දොඹකරයකට දැරිය හැකි උපරිම භාරය 5 Mt වේ. නමුත් මෙම දොඹකරය මගින් එසවීමට නිෂ්පාදකයා විසින් අනුමත කර ඇති භාරය 2 Mt ලෙස සඳහන් කර ඇත. එහි නිරාපද සාධකය කොපමණ ද?

Your score is

The average score is 0%

0%