මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

05 - මූලික විදුලි විද්‍යාව

1 / 10

1. ගෘහ විදුලි රැහැන් ස්ථාපනය කිරීමේ දී, ශේෂ ධාරා පරිපථ බිඳිනයක් (RCCB) භාවිතා කරනුයේ,

2 / 10

2. ප්‍රමත වෝල්ටීයතාව 12 V හා ක්ෂමතාවයන් පිළිවෙළින් 3 W, 6 W, 12 W, 18 W, සහ 24 W වන A, B, C, D, සහ E සූත්‍රිකා විදුලි බුබුළු පහක් 12 V සරල ධාරා ප්‍රභවයකට පහත දැක්වෙන පරිපථයෙහි ආකාරයට සම්බන්ධ කර ඇත. ඉහත බුබුළු අතුරෙන් වැඩිම දීප්තියකින් දැල්වෙන බුබුල වනුයේ,

3 / 10

3. ජව සාධකයෙහි අගය එක (1) වන විදුලි පරිපථයක් හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - ප්‍රභවයෙන් අවශෝෂණය කරගන්නා සම්පූර්ණ ශක්තිය ඵලදායි කාර්යයක් සඳහා යොදා ගනියි.

B - පරිපථය පුර්ණ වශයෙන් ප්‍රතිරෝධී විය හැකි ය.

C - ප්‍රේරක සහ ධාරිත්‍රක ප්‍රතිබාදන සමාන විය හැකිය.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

4 / 10

4. 15 pF ලෙස දක්වා ඇති ධාරිත්‍රකයක, ධාරිතාව වනුයේ,

5 / 10

5. පහත දක්වා ඇති ප්‍රදාන සංඥාව (Vin) සහ පරිපූර්ණ ඩයෝඩයක් සහිත පරිපථය සලකා බලන්න. එහි ප්‍රතිදාන සංඥාව (Vout) දැක්වෙන රූප සටහන කුමක්ද?

6 / 10

6. ප්‍රමත අගයන් 3.2 V/100 Ah වන කෝෂ 16 ක් ශ්‍රේණිගත ව සම්බන්ධ කර බැටරියක් සාදා එය ජාලයට සම්බන්ධ නොවූ (off-grid) සූර්ය පැනල පද්ධතියක භාවිත කිරීමට නියමිත ය. ඉහත බැටරිය හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - බැටරියේ වෝල්ටීයතාව 51.2 V වේ.

B - බැටරියේ ගබඩා කළ හැකි උපරිම ධාරිතාව 100 Ah වේ.

C - බැටරියෙන් ලබාගත හැකි උපරිම ජවය 5.12 kW වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

7 / 10

7. පරිපූර්ණ පරිණාමකයක ප්‍රාථමික එතුමේ පොටවල් 100 ක් ද ද්විතීයික එතුමේ පොටවල් 200 ක් ද ඇත. පරිණාමකයේ ප්‍රදාන (input) වෝල්ටීයතාව 230 V ක් වේ. ඉහත පරිණාමකය හා සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකන්න.

A - පරිණාමකයේ ප්‍රතිදාන වෝල්ටීයතාව 460 V වේ.

B - ප්‍රාථමික සහ ද්විතීයික එතුම්වල ධාරාව සමාන වේ.

C - ප්‍රාථමික සහ ද්විතීයික එතුම්වල ජවයන් සමාන නොවේ.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

8 / 10

8. සරල ප්‍රතිරෝධක ධාරිත්‍රක (RC) පරිපථයක කාල නියතය (T) හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - R සහ C හි ගුණිතය කාල නියතයට සමාන වේ.

B - කාල නියතය, ධාරිත්‍රකයක් බිංදුවේ (0) සිට ප්‍රභව වෝල්ටීයතාවයෙන් 63% දක්වා ආරෝපණය වීමට ගතවන කාලය නිරූපණය කරයි.

C - ධාරිත්‍රකය සම්පූර්ණයෙන් ආරෝපණය වීමට ගතවන කාලය, කාල නියතය මෙන් පස් ගුණයකි.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

9 / 10

9. සමාන්තරගතව සම්බන්ධ කර ඇති 120 V, 100 W සූත්‍රිකා බල්බ දහයක් සඳහා විදුලිය, 1 : 2 එතුම් අනුපාතය සහිත එකලා විදුලි පරිණාමකයක ද්විතීයික දඟරය මගින් සැපයෙන විට, එම පරිණාමකයේ ප්‍රාථමික දඟරයේ ධාරාව කොපමණ ද?

10 / 10

10. රූපයේ දැක්වෙන පරිපථ සටහනෙහි ආකාරයට දඟරයක් හරහා වායු පරතරයකින් වෙන් කරන ලද ඉලෙක්ට්‍රෝඩ යුගලයක් සම්බන්ධ කර ඇත. බැටරිය මගින් ලබාදෙන වෝල්ටීයතාව 12 V කි. පරිපථයෙහි ප්‍රතිරෝධය (R) 5 Ω හා ප්‍රේරතාව (L) 20 mH කි. පරිපථයේ වහරුව (S) වසා පරිපථය ස්ථාවර තත්ත්වයට පත් වූ පසු 2 µs කාලයක දී වහරුව විවෘත කරන ලදී. මෙම දත්තවලට අනුව, දඟරය ස්ථාවර තත්ත්වයට පත්වීමට ගතවන අවම කාලය හා ඉලෙක්ට්‍රෝඩ යුගලය හරහා ගොඩනැගෙන වෝල්ටීයතාව, පිළිවෙළින් වනුයේ,

Your score is

The average score is 0%

0%