මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

01 - චලිත පාලන යාන්ත්‍රණ

1 / 10

1. දඟර කඳ සහ කැමිදණ්ඩ අතර මුහුර්තනය පවත්වා ගැනීම සඳහා භාවිත නො වන්නේ කුමක්ක්ද?

2 / 10

2. රූපයේ දැක්වෙන ගියර පද්ධතියේ A ගියරයේ දැති 45 ක් ද, B ගියරයේ දැති 10 ක් ද C ගියරයේ දැති 15 ක් ද ඇත. A ගියරයේ භ්‍රමණ වේගය 450 rpm නම් C ගියරයේ භ්‍රමණ වේගය කොපමණ ද?

3 / 10

3. එක්තරා යන්ත්‍රයක මෝටරයක් සමඟ ගියර පෙට්ටියක් පැතලි පටි එළවුමක ආධාරයෙන් සම්බන්ධ කර ඇත. පටි එළවුම මගින් ජව සම්ප්‍රේෂණය සිදු කිරීමේ දී,

A - මෝටරය සහ ගියර පෙට්ටිය අතර නියත සම්ප්‍රේෂණ අනුපාතයක් පවත්වා ගැනෙයි.

B - පටිය මගින් අධිහාරය හේතුවෙන් මෝටරයට සිදුවිය හැකි හානිය අඩු කරයි.

C - එළවුම් පටියේ පළල වැඩි කිරීමෙන් පටිය මගින් සම්ප්‍රේෂණය කළ හැකි උපරිම ජවය වැඩි කර ගත හැකි ය.

D - පටි එළවුම මගින් ඝර්ෂණ ක්ලවයකින් සිදු කරනු ලබන කාර්යභාරය ඒ ආකාරයෙන් ම ලබාගත හැකි ය.

ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වනුයේ,

4 / 10

4. පහත ප්‍රකාශ සලකා බලන්න.

A - රූටන දඟර යාන්ත්‍රණය (slider crank mechanism) අනුවැටුම් චලිතය භ්‍රමණ චලිතයකට පරිවර්තනය කිරීමට යොදා ගැනේ.

B - ගැඩවිලාව සහ දව රෝදය (worm and wheel) කුඩා ප්‍රමාණයන්ගෙන් භ්‍රමණ වේගය වෙනස් කිරීමට අවශ්‍ය විට දී යොදා ගැනේ.

C - පට්ටම් ගියර (bevel gears) ලම්බක වූ දිශාවකට භ්‍රමණය සම්ප්‍රේෂණය කිරීම සඳහා පමණක් යොදා ගැනේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,

5 / 10

5. පාපැදිවල පසුපස රෝදයට සවිකරන එකත් රෝදයෙහි (free wheel) අඩංගු, ජව සම්ප්‍රේෂණය කිරීමට භාවිත වන විශේෂ උපාංගය වනුයේ,

6 / 10

6. නියත වේග අනුපාතයකින් යුතුව, එකිනෙකට ඉතා දුරස්ව පිහිටි සමාන්තර අක්ෂ දෙකක් අතර ජවය සම්ප්‍රේෂණය කිරීම සඳහා වඩාත් යෝග්‍ය වන්නේ,

7 / 10

7. හැඩගාන (shaping) යන්ත්‍රයක භාවිත වන චලිත පරිවර්තනය වන්නේ,

8 / 10

8. පහත දැක්වෙන චලිතයන් අතුරෙන් මූලික චලිත ආකාරයක් නො වන්නේ කුමක්ද?

9 / 10

9. පහත සඳහන් යන්ත්‍ර සලකන්න.

A - පිස්ටන එන්ජිම (Piston Engine)

B - විදුලි විදුම් යන්ත්‍රය (Electric Drilling machine)

C - නිමැදුම් යන්ත්‍රය (Grinding machine)

D - යාන්ත්‍රික හැඩ තලන යන්ත්‍රය (Mechanical Forging machine)

E - හැඩගාන යන්ත්‍රය (Shaping machine)

ඉහත සඳහන් යන්ත්‍ර අතුරෙන් චලිත පරිවර්තන යාන්ත්‍රණ ඇතුළත් යන්ත්‍ර වනුයේ,

10 / 10

10. රූපසටහනෙහි පෙන්වා ඇති පරිදි කතිර ජැක්කුවක් භාවිත කර 250 kg භාරයක් ඔසවා ස්ථාවර ලෙස තබා ඇත. එහි A ඉස්කුරුප්පුවෙහි අක්ෂය ඔස්සේ ක්‍රියා කරන බල වර්ගය කුමක්ක්ද?

Your score is

The average score is 0%

0%