මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

03 - ගොඩනැගිලි ඉදිකිරීම්

1 / 10

1. ගොඩනැගිල්ලක වහලයක් පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - වැහි පිළි සවිකිරීම සඳහා බාජු ලෑල්ල (barge board) ආධාර වේ.

B - වඩිම්බු ලෑලි (valance board) මගින් පරාල නෙත්ති තෙතමනයෙන් ආරක්ෂා වේ.

C - වහල ආවරණය සවිකිරීම සඳහා පරාල මත රීප්ප සවි වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,

2 / 10

2. ඝන සිමෙන්ති බ්ලොක් ගල් (solid cement blocks) සහ කෝෂ සිමෙන්ති බ්ලොක් ගල් (cellular cement blocks) භාවිතයෙන් ඉදිකරන ලද බිත්ති සම්බන්ධයෙන් පහත දී ඇති ප්‍රකාශ සලකා බලන්න.

          A -කෝෂ සිමෙන්ති බ්ලොක් ගල් බිත්ති, ඝන සිමෙන්ති බ්ලොක් ගල් බිත්ති වලට වඩා හොඳ ශබ්ද සහ තාප පරිවාරක වේ.

          B - කෝෂ සිමෙන්ති බ්ලොක් ගල් බිත්ති, ඝන සිමෙන්ති බ්ලොක් ගල් බිත්තිවලට වඩා බරින් අඩුය.

          C - කෝෂ සිමෙන්ති බ්ලොක් ගල් භාවිතයේ දී කෝෂයේ විවර උඩු අතට සිටින පරිදි බිත්ති බඳිනු ලැබේ.

ඉහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වන්නේ කුමක්ද?

3 / 10

3. අතින් සුසංහසනය කරන ලද (hand-compacted) කොන්ක්‍රීට් වල සම්පීඩන ප්‍රබලතාවය (y), ජල සිමෙන්ති අනුපාතයට (x) අනුව වෙනස්වීම නිවැරදිව දැක්වෙන ප්‍රස්තාරය කුමක්ද?

4 / 10

4. නිවාස ඒකකයක් පිළිබඳව පහත දැක්වෙන පරාමිති සලකා බලන්න.
A - නිවාස ඒකකයේ මුළුතැන්ගෙයි ගෙබිම් වර්ග ඵලය
B - ගොඩනැගිල්ලක වාතාශ්‍රය
C - නිවාස ඒකකයේ උස
D කාමරයක වාසය කළ හැකි පුද්ගලයන් සංඛ්‍යාව
රජයේ 1986.03.10 දිනැති අතිවිශේෂ ගැසට්‌ නිවේදනයේ අඩංගු වන නාගරික සංවර්ධන අධිකාරියේ (UDA), සැලසුම් සහ ගොඩනැගිලි නියෝග මගින් පාලනය වනුයේ,

5 / 10

5. ගොඩනැගිලි සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

        A - පදිංචිය සඳහා වූ ඒකකයක, කාමර එකකට වඩා ඇති විට සියලු ම කාමරවල අවම අභ්‍යන්තර බිම් වර්ග ඵලය 8.5m2 විය යුතු ය.

        B - වීථි දෙකක් හමුවන මංසන්ධියක කොනක පිහිටා ඇති අධි උසැති (high-rise) ගොඩනැගිල්ලක උස තීරණය වනුයේ වඩා පළල් විථිය මගිනි.

        C - වාසස්ථානයක ඒකාබද්ධ නාන කාමරය සහ වැසිකිලිය සහිත ඒකකයක අවම අභ්‍යන්තර පළල 0.9 m විය යුතුය.

දැනට බලපවත්වන 2009 සංශෝධනයට යටත්ව 1986 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ ගොඩනැගිලි නියෝග වලට (රෙගුලාසි) අනුව ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,

6 / 10

6. කොන්ක්‍රීට් මිශ්‍රණ සකස් කිරීමේ දී භාවිත වන බැඳුම්කාරකය (binding agent) යනු,

7 / 10

7. රූප වලින් දැක්වෙනුයේ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ තුනකි. (රූප එකම පරිමාණයට ඇඳ නැත.)

A, B හා C හි නාම පිළිවෙළින් වනුයේ,

8 / 10

8. ඝන වස්තුවක සමාංශක පෙනුමක් රූපයේ දැක්වේ. එය දෙස A ඊතලය දිශාවෙන් සහ B ඊතලය දිශාවෙන් බැලූ විට පෙනෙන ආකාර නිවැරදිව නිරූපණය වන්නේ, (රූප පරිමාණයට ඇඳ නැත.)

9 / 10

9. බිත්ති ඉදිකිරීමේ දී ගඩොල් භාවිතයට ගැනීමට පෙර, ඒවා ජලයේ පොඟවා භාවිත කිරීම අවශ්‍ය වනුයේ,

10 / 10

10. ගඩොල් වරි හතරකින් බැඳි බැම්මක ත්‍රිමාන පෙනුමක් රූපයේ දැක්වේ. බැම්ම පිළිබඳ තොරතුරු කිහිපයක් A සිට F දක්වා අක්ෂර වලින් දැක්වේ.

A - මෙය ඉංග්‍රීසි බැම්මකි.

B - අති වැස්ම (lap length) මෙහි දිස් වේ.

C - බඩගල් වරි (stretcher course) හා ඔලුගල් වරි (header course) දෙකම දක්නට ඇත.

D - එක් කෙළවරක් පඬි පැන්නුම (racking back end) සහිතය.

E - බඩගල් වරිය (stretcher course) පමණක් දිස් වේ.

F - ආනබාන්දුවක් (queen closer) මෙහි යොදා ඇත.

මෙම ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,

Your score is

The average score is 0%

0%