4. පුළිඟු ජීජ්වලන එන්ජිමක, පණගැන්වුම් මෝටරය ක්‍රියාත්මක වුවද, එන්ජිම ක්‍රියාත්මක නොවන බව නිරීක්ෂණය විය. මේ සඳහා හේතු කිහිපයක් යෝජනා කර ඇත.
A - පුළිඟු පේණු පරතරය නියමිත අගයට වඩා අඩු වීම.
B - චූෂණ ඉන්ධන වාත මිශ්‍රණය ස්ටොයි කියොමිතික අනුපාතයෙන් යුක්ත වීම.
C - පිස්ටන හිස මත කාබන් තැන්පත් වීම.
ඉහත යෝජිත හේතු අතුරෙන්, නිවැරදි හේතුව/ හේතු වනුයේ,
A ප්‍රකාශය නිවැරදියි: ප්රළිගු පේණු පරතරය නියමිත අගයට වඩා අඩු වුවහොත්, පුළිගුවක් ඇති වීමට අවශ්‍ය විද්‍යුත් විභව අන්තරය ප්‍රමාණවත් නොවීම හෝ පුළිගුව දුර්වල වීම නිසා එන්ජිම ක්‍රියාත්මක නොවිය හැක.
B ප්‍රකාශය වැරදියයි: ස්ටොයිකියෝමිතික අනුපාතයෙන් යුක්ත වීම යනු ඉන්ධන-වාත මිශ්‍රණය නිසි පරිදි සැදී තිබීමයි.
C ප්‍රකාශය වැරදියයි: පිස්ටන් හිස මත කාබන් තැන්පත් වීම සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධාවක් වුවද, ප්‍රධාන වශයෙන්ම ස්ටාටර් මෝටරය ක්‍රියාත්මක වුවද එන්ජිම නොපැණ නැගීමට එය සෘජු හේතුවක් නොවේ.