මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 50ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

Mix Quiz 17

1 / 20

1. ස්වයං සැකබු සරල ධාරා ජනක යන්ත්‍රයක් ප්‍රමත වේගයෙන් ක්‍රියා කරනු ලැබේ. එහෙත් එයින් විදුලිය ජනනය නොවේ. කාර්මික නිලධාරියකු විසින් මෙම දෝෂය සඳහා හේතු ලෙස පහත කරුණු යෝජනා කර ඇත.

A - විදුලි ජනකයේ ශේෂ චුම්බකත්වය අඩු වීම

B - එතුම්වල පරිවරණ ප්‍රතිරෝධය අඩු වීම

C - එතුම් කැඩී තිබීම

ඉහත කරුණු අතුරෙන්, නිවැරදි කරුණ/කරුණු වනුයේ,

2 / 20

2. එකලා සීලිං විදුලි පංකාවක් මාස කිහිපයක් භාවිත නොකෙරිණි. පංකාව ක්‍රියාත්මක කිරීමට වහරුව වැසූ විට, පංකාව භ්‍රමණය ආරම්භ නොවූ අතර පංකා තටුවලට කුඩා තල්ලුවක් ලබා දුන් විට භ්‍රමණය වීම ආරම්භ විය. ඉන්පසු යම් වේලාවක් විදුලි පංකාව ක්‍රියාත්මක කිරීමෙන් පසු වහරුව විවෘත කොට එය අක්‍රිය කරන ලදී. එය ක්‍රියාත්මක කළ ඊළඟ අවස්ථාවේ දී ද පෙර පරිදිම විදුලි පංකාව භ්‍රමණය ආරම්භ නොවුණි. මේ සඳහා වඩාත්ම හේතු විය හැක්කේ,

3 / 20

3. දී ඇති කාරකාත්මක වර්ධක පරිපථයේ වෝල්ටීයතා ලාභය වනුයේ,

4 / 20

4. ජලයේ ගිල්වා ඇති ගිල්ලුම් තාපකයක් තුළින් ප්‍රත්‍යාවර්ථ ධාරාවක් ගැලීමට සැලැස් වූ විට, මිනිත්තු 2 කින්, ජලයේ උෂ්ණත්වය තාපාංකය දක්වා වැඩි විය. සමාන තත්ත්ව යටතේ 3 A වූ සෘජු ධාරාවක් එම තාපකය තුළින් ගලායාමට සැලැස් වූ විට මිනිත්තු 8 කින් ජලයේ උෂ්ණත්වය තාපාංකය දක්වා වැඩි විය. ජලයෙන් තාපය හානි නොවේ නම්, තාපකයේ ප්‍රතිරෝධකය හරහා ගලා ගිය ප්‍රත්‍යාවර්ථ ධාරාවෙහි වර්ග මධ්‍ය යන මූල අගය කොපමණද?

5 / 20

5. දී ඇති පරිපථ සටහන සලකන්න. ධාරිත්‍රකය සම්පුර්ණයෙන් ආරෝපණය වීම සඳහා ගතවන කාලය, ආසන්නව,

6 / 20

6. මුර්ජණය හා සම්බන්ධ පහත සඳහන් තරංග සලකන්න. සංඥාව, වාහකය, විස්ථාර මූර්ජිත සංඥාව හා සංඛ්‍යාත මුර්ජිත සංඥාව පිළිවෙළින් දැක්වෙනුයේ,

7 / 20

7. දිගු පල්ලමක් සහිත මාර්ගයක ධාවනයේ දී හදිසියේම වාහනයක තිරිංග පද්ධතිය නිසි ලෙස ක්‍රියා නොකරන බව සොයා ගැනුණි. මේ සඳහා හේතු වශයෙන් පහත ප්‍රකාශ යෝජනා කර ඇත.

A - අඩු ගියරයක ධාවනය නිසා එන්ජිමේ භ්‍රමණ වේගය අධික වීම.

B - නිතර තිරිංග යෙදීම නිසා තිරිංග ද්‍රවය රත් වී වාෂ්ප බුබුලු ඇති වීම.

C - එන්ජිමේ අධික වේගය නිසා තිරිංග පද්ධතියට ලැබෙන බල සහාය (brake boost) අඩු වීම.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි හේතුව/හේතු වනුයේ,

8 / 20

8. දෝෂ සහිත උෂ්ණත්ව පාලක කපාටයක් නිසා ඇති විය හැකි තත්ත්වයක් වනුයේ,

9 / 20

9. දී ඇති පරිපථ සටහනෙහි X යනු සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපථයකි. එහි A හා B යනු ප්‍රදානයන් වන අතර Z යනු ප්‍රතිදානය වේ. A හි සංඛ්‍යාංක අගය B හි සංඛ්‍යාංක අගයට වඩා වැඩි වූ විට ප්‍රතිදානය (Z) තර්ක '1' ගන්නා අතර අනෙක් සෑම අවස්ථාවක ම ප්‍රතිදානය (Z) තර්ක '0' ගනී. X සඳහා යෝජිත පහත පරිපථ සලකන්න. X හි ක්‍රියාකාරිත්වය හොඳින්ම විස්තර කරනුයේ කුමන පරිපථය/ පරිපථ ද?

10 / 20

10. පහත දැක්වෙනුයේ ඉලෙක්ට්‍රොනික පරිපථයක ප්‍රදානය සඳහා යොදා ඇති ආරක්ෂක පරිපථ සටහනක කොටසකි. පහත කුමන තරංග/තරංගයක් V₂ ප්‍රතිදානය ලෙස ලැබිය නොහැකි වේද?

11 / 20

11. තියඩොලයිට්ටු පරික්‍රමණ පිළිබඳව නිවැරදි ප්‍රකාශය කුමක්ද?

12 / 20

12. දී ඇති පරිපථ සටහනේ දැක්වෙනුයේ සංධි ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක් වර්ධකයක් ලෙස භාවිතවන අවස්ථාවකි. සොරොව් විභවය (VD) 6 V ද, සොරොව් ධාරාව (lD) 0.5 mA ද, ද්වාරය හා ප්‍රභවය අතර විභවය (VGS) -147 mV නම් RD හා පිළිවෙළින්,

13 / 20

13. පහත දක්වා ඇති විදුලි උපාංග වර්ග අතුරෙන් වඩාත් ම කාර්යක්ෂම විදුලි උපාංග වර්ගය කුමක්ක්ද?

14 / 20

14. දී ඇති පරිපථ සටහන සලකන්න. මෙහි, R ප්‍රතිරෝධයෙහි අගය,

15 / 20

15. පහත රූපයෙහි දක්වා ඇති කාරකාත්මක වර්ධක පරිපථය සලකා බලන්න. රූපයෙහි දක්වා ඇති සංඥාව ප්‍රදානය ලෙස ලබාදුන් විට ප්‍රතිදාන සංඥාව නිවැරදිව දක්වා ඇති ප්‍රස්තාරය කුමක්ද?

16 / 20

16. මෝටර් රථ බල සම්ප්‍රේෂණ පද්ධතියක අවරපෙති කඳෙහි රූටන මූට්ටුවක් භාවිත කිරීමට හේතුව වනුයේ.

17 / 20

17. මට්ටම් ක්‍රියාවලියක දී ලබාගත් මට්ටම් යටියෙහි පාඨාංක සහ එම පාඨාංක ලබාගත් ස්ථාන පිළිබඳව විස්තරයක් පහත දැක් වේ.

පාඨාංකය | ස්ථානය

1.5 m  |  ඌනිත උස 55.0 m වන පිල් ලකුණ මත

2.0 m  |  A මත

2.5 m  | B මත

B ස්ථානය මත ඌනිත උස 54.5 m වන මට්ටම් තලයක් නිර්මාණය කළ යුතු ව ඇත. එම තලය ලබා ගැනීම සඳහා, B ස්ථානය,

18 / 20

18. ට්‍රාන්සිස්ටරයක ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ පහත සඳහන් ගණිතමය ප්‍රකාශ සලකා බලන්න.

A - VCE < 0.2 V B - VCE ≥ 0.2 V CE

C - IC < βIB

D - IC ≥ βIB

ඉහත ප්‍රකාශ අතුරෙන්, සංතෘප්ත කලාපයේ ක්‍රියා කරන ට්‍රාන්සිස්ටරයක් හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය/ ප්‍රකාශ වනුයේ,

19 / 20

19. ජල විදුලි ජනන පද්ධතියක උපාංගයක් නොවනුයේ,

20 / 20

20. පුළිඟු ජීජ්වලන එන්ජිමක, පණගැන්වුම් මෝටරය ක්‍රියාත්මක වුවද, එන්ජිම ක්‍රියාත්මක නොවන බව නිරීක්ෂණය විය. මේ සඳහා හේතු කිහිපයක් යෝජනා කර ඇත.

A - පුළිඟු පේණු පරතරය නියමිත අගයට වඩා අඩු වීම.

B - චූෂණ ඉන්ධන වාත මිශ්‍රණය ස්ටොයි කියොමිතික අනුපාතයෙන් යුක්ත වීම.

C - පිස්ටන හිස මත කාබන් තැන්පත් වීම.

ඉහත යෝජිත හේතු අතුරෙන්, නිවැරදි හේතුව/ හේතු වනුයේ,

Your score is

The average score is 0%

0%