මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 50ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

Mix Quiz 15

1 / 20

1. කේන්ද්‍රාපසාරී පොම්ප සම්බන්ධව වැරදි ප්‍රකාශය කුමක්ද?

2 / 20

2. රූපයේ දක්වා ඇති සරල ධාරා පරිපථය සලකා බලන්න. ඉහත පරිපථයේ I3 ධාරාව,

3 / 20

3. පහත සඳහන් යන්ත්‍ර සලකන්න.

A - පිස්ටන එන්ජිම (Piston Engine)

B - විදුලි විදුම් යන්ත්‍රය (Electric Drilling machine)

C - නිමැදුම් යන්ත්‍රය (Grinding machine)

D - යාන්ත්‍රික හැඩ තලන යන්ත්‍රය (Mechanical Forging machine)

E - හැඩගාන යන්ත්‍රය (Shaping machine)

ඉහත සඳහන් යන්ත්‍ර අතුරෙන් චලිත පරිවර්තන යාන්ත්‍රණ ඇතුළත් යන්ත්‍ර වනුයේ,

4 / 20

4. පහත රූපයෙහි දැක්වෙන්නේ තරල යන්ත්‍ර වල භාවිත වන තිරස් වෙන්චුරි නළයකි.

A සිට B දක්වා දුස්ස්‍රාවී නොවන ඝනත්වය 1000 kg/m වන අසම්පීඩ්‍ය තරලයක් අනවරතව ගලා යන විට A හි පීඩනය 2 x 105 Pa ද, A හරහා ද්‍රවයේ සාමාන්‍ය වේගය 10 m/s ද වෙයි. A හි නළයේ හරස්කඩ වර්ග ඵලය B හි මෙන් දෙගුණයක් නම් B හි දී ද්‍රවයේ පීඩනය Pa වලින්,

5 / 20

5. පාපැදිවල පසුපස රෝදයට සවිකරන එකත් රෝදයෙහි (free wheel) අඩංගු, ජව සම්ප්‍රේෂණය කිරීමට භාවිත වන විශේෂ උපාංගය වනුයේ,

6 / 20

6. මූර්ජණය හා සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

A - වාහක තරංගයේ සංඛ්‍යාතය සංඥාවේ සංඛ්‍යාතයට වඩා වැඩි ය.

B - සංඛ්‍යාත මූර්ජණයේ දී වාහක තරංගයේ සංඛ්‍යාතය සංඥාවේ විස්තාරයට අනුව වෙනස් කෙරේ.

C - විස්තාර මූර්ජණයේ දී වාහක තරංගයේ විස්තාරය සංඥාවේ සංඛ්‍යාතයට අනුව වෙනස් කෙරේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

7 / 20

7. රූපයේ පෙන්වා ඇති යන්ත්‍ර කොටස විෂ්කම්භය 63 mm වූ ලෝහ දණ්ඩකින් නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍යව ඇත. ඉහත කොටස නිෂ්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍ර වනුයේ,

8 / 20

8. පරිපථයේ දැක්වෙනුයේ ට්‍රාන්සිස්ටරය ස්විච්චියක් ලෙස යොදා ඇති භාවිතයකි. A ස්විච්චිය සංවෘත කළ විට ට්‍රාන්සිස්ටරයේ පාදම ධාරාව (Iβ) සහ සංග්‍රාහක ධාරාව (Ic) පිළිවෙළින්,

9 / 20

9. පරිපථයේ දැක්වෙනුයේ සන්ධි ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක් (JFET) වර්ධකයක් ලෙස භාවිත වන අවස්ථාවකි. සොරොව් ධාරාව (ID) 2 mA නම්, VGS හා VDS පිළිවෙළින්,

10 / 20

10. පහත දැක්වෙන කුමන වායු, දෙමං (two-way) උත්ප්‍රේරක පරිවර්තකයක් (catalytic converter) මගින් වෙනත් වායු බවට පරිවර්තනය කරයිද?

11 / 20

11. මෝටර් රථයක දකුණු පස ඉදිරි රෝදයේ පමණක් ඇතුළු දාරය අසාමාන්‍ය ලෙස ගෙවී ඇති බව නිරීක්ෂණය විය. මේ සඳහා හේතු විය හැක්කේ, දෝෂ සහිත

12 / 20

12. රූපයේ දැක්වෙන ඝර්ෂණය රහිත දම්වැල් එලවුමෙහි A එලවුම් රෝදයේ විෂ්කම්භය 100 mm වන අතර, B එලවෙන රෝදයේ විෂ්කම්භය 400 mm වේ. C යනු ආතති රෝදයකි. A රෝදයෙහි යොදා ඇති ව්‍යාවර්තය 200 N m නම්, B රෝදයට යෙදෙන ව්‍යාවර්තය කොපමණ ද?

13 / 20

13. රූපයේ දැක්වෙන ද්‍රාව ජව සම්ප්‍රේෂණ සංකේතය මගින් නිරූපණය වනුයේ,

14 / 20

14. තඹ සතු කුමන ගුණාංගයක් කම්බි ඇදීමේ නිෂ්පාදන ක්‍රියාවලියේ දී ප්‍රයෝජනයට ගැනේ ද?

15 / 20

15. ඩීසල් එන්ජිමක් සම්බන්ධව පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න.

A - ක්ෂණික ත්වරණයේ දී කළු දුම පිට වේ.

B - සිසිල් අවස්ථාවේ පණගැන්වූ විට සුදු දුම පිටවේ.

C - ධාවනයේ දී නිල් දුම පිට වේ.

මේ අතුරෙන් පිස්ටන වළලු ගෙවීයාම හේතු කොට ගෙන දැකිය හැකි නිරීක්ෂණය/නිරීක්ෂණ වනුයේ,

16 / 20

16. පහත සඳහන් නිෂ්පාදන ක්‍රම සලකා බලන්න.

A - පෑස්සීම

B - මිටියම් කිරීම

C - ඇලවීම

ඉහත ක්‍රම අතුරෙන් ලෝහමය කොටස් ස්ථිරව එකලස් කිරීම සඳහා සුදුසු නිෂ්පාදන ක්‍රමය/ ක්‍රම වනුයේ,

17 / 20

17. වාහන එන්ජින්වල භාවිත වන ස්නේහක තෙල්වල ගුණාංග කිහිපයක් පහත දැක්වේ.

A - දුස්ස්‍රාවිතාව

B - තාප සන්නායතාව

C - පෘෂ්ඨ තෙත් කිරීම

D - ජ්වලන අංකය

ඉහත ඒවා අතුරෙන් ස්නේහනය සඳහා වඩාත් ම බලපාන ගුණාංග වන්නේ,

18 / 20

18. දීර්ඝ කෝරිඩෝවක සවිකර ඇති විදුලි බුබුලක් (Z) ස්ථාන තුනක පිහිටි ස්විච (P, Q සහ R) භාවිතයෙන් පාලනය කිරීම සඳහා යෝජිත පහත තාර්කික පරිපථ සලකා බලන්න. කුමන පරිපථයක්/පරිපථ ඉහත අවශ්‍යතාව සඳහා භාවිත කළ හැකි ද?

19 / 20

19. ප්‍රමිති සහ පිරිවිතර සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

A - පිරිවිතර යනු යම් ආයතන විශාල සංඛ්‍යාවකට අදාළ වන සේ බලාත්මක කරන ලද ක්‍රියාවලියකි.

B - යම් නිෂ්පාදකයෙකු තනනු ලබන භාණ්ඩයක ජ්‍යාමිතික, යාන්ත්‍රික, විද්‍යුත්, රසායනික යනාදී පරාමිති පිරිවිතර වශයෙන් හැඳින්විය හැකි ය.

C - ප්‍රමිති සෑමවිටම මුදුන් පමුණුවාගත හැකි පරාමිති වන අතර පිරිවිතර එසේ නොවේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

20 / 20

20. ප්‍රතිසම හා සංඛ්‍යාංක සංඥා සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

A - දෙන ලද අවස්ථාවක දී සංඛ්‍යාංක සංඥා නියත අගය දෙකකින් ඕනෑම එක් අගයක් ගන්නා අතර ප්‍රතිසම සංඥා යම් පරාසයක් තුළ ඕනෑම එක් අගයක් ගනී.

B - ප්‍රතිසම සංඥා වලට සාපේක්ෂව සංඛ්‍යාංක සංඥා වලට විද්‍යුත් ඝෝෂාවේ බලපෑම අඩු වේ.

C - සංඛ්‍යාංක සංඥා, ප්‍රතිසම සංඥා වලට සාපේක්ෂව පහසුවෙන් ගබඩා කළ හැක.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

Your score is

The average score is 0%

0%