මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 50ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

Mix Quiz 14

1 / 20

1. වර්තමානයේ දී කසළ කළමනාකරණය සඳහා භාවිත වන උපායමාර්ග කිහිපයක් පහත දක්වා ඇත.

A - ප්‍රසිද්ධ ස්ථානවල ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමට බඳුන් තබා තිබීම.

B - ආහාර, මල නොබැඳෙන වානේ භාජනවල ගෙන ඒමට උනන්දු කිරීම.

C - ඉවතලන අපද්‍රව්‍ය අතුරෙන් ජීර්ණය වන කොටස් කොම්පෝස්ට් පොහොර සෑදීම සඳහා වෙන් කර ගැනීම.

ඉහත A, B සහ C උපායමාර්ග මගින් ක්‍රියාත්මක කිරීමට අදහස් කෙරෙන කසළ කළමනා කරණ ක්‍රම වන්නේ, පිළිවෙළින්,

2 / 20

2. ගොඩනැගිලි ඉදිකිරීමේ රෙගුලාසිවලට අනුව, ගොඩනැගිලි භාවිත කරන්නන්ට සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීමට අදාළ කරුණක් නොවනුයේ,

3 / 20

3. කොන්ක්‍රීට් තාක්ෂණයට අදාළ ප්‍රකාශ කිහිපයක් පහත දී ඇත.

A - කොන්ක්‍රීට් බාල්කවල එක් එක් කෙළවර පිහිටි බාල්කයේ දිගින් 1/3 ප්‍රමාණයක දුර වලට ව්‍යාකෘතික වැරගැන්වුම්, එකිනෙකට ආසන්නව යෙදිය යුතු ය.

B - වැරගැන්වුම් කම්බිවල දිග වැඩිකර ගැනීමේ දී කම්බි මුට්ටු කිරීම සඳහා ප්‍රමාණවත් අමතර දිගක් තැබිය යුතු අතර එම කොටස අතිවැස්ම (lap) ලෙස හැඳින් වේ.

C - කොන්ක්‍රීට් මිශ්‍රණයක ජලය හා සිමෙන්ති අතර අනුපාතයේ නිවැරදි බව තහවුරු කරගැනීම සඳහා සිදු කෙරෙන පරීක්ෂණය බැහුම් පරීක්ෂාව (slump test) ලෙස හැඳින් වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

4 / 20

4. සරල ධාරා ශ්‍රේණි එතුම් මෝටර පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - ආරම්භක ව්‍යාවර්තය අනෙකුත් සරල ධාරා මෝටර වලට සාපේක්ෂව ඉහළ ය.

B - මෝටරය ක්‍රියාත්මකව පවතින විට භාරය ඉවත් නොකළ යුතු ය.

C - ප්‍රත්‍යාවර්ත ධාරා ජව සැපයුමකින් ද ක්‍රියාත්මක කළ හැකි ය.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

5 / 20

5. A, B, C, D හා E මගින් ප්‍රතිරෝධක පහක් නාමික අගය සමග දක්වා ඇත. මෙහි එක් එක් ප්‍රතිරෝධකය හරහා මනින ලද විභව අන්තරය සහ පරිපථ ධාරාව රූපයෙහි දැක්වේ. ඉහත පරිපථයේ ඇති දෝෂ සහිත ප්‍රතිරෝධකය,

6 / 20

6. විදුලිබලය සම්ප්‍රේෂණයේ දී ඉහළ වෝල්ටීයතා භාවිත කිරීම හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - විදුලිය සම්ප්‍රේෂණයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගත හැකි ය.

B - ජනන වෝල්ටීයතාවය සාමාන්‍යයෙන් සම්ප්‍රේෂණ වෝල්ටීයතාවයට වඩා වැඩිය.

C - විදුලි රැහැන් සඳහා පිරිවැය අවම කර ගත හැකිය.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

7 / 20

7. රූපයේ පෙන්වා ඇති X පරිපථය හා සම්බන්ධ පහත සඳහන් නිරීක්ෂණ සලකා බලන්න.

--> සරල ධාරා ජව සැපයුමකට සම්බන්ධ කළ විට 100 mA ධාරාවක් අඛණ්ඩව ගලා යයි.

--> ප්‍රත්‍යාවර්ත ධාරා ජව සැපයුමකට සම්බන්ධ කර සංඛ්‍යාතය නියතව පවත්වා ගනිමින් වෝල්ටීයතාවය වැඩි කරන විට, ගලායන ධාරාව වැඩි වේ.

--> ප්‍රත්‍යාවර්ත ධාරා ජව සැපයුමකට සම්බන්ධ කර වෝල්ටීයතාවය නියතව තබාගනිමින් සංඛ්‍යාතය වැඩි කරන විට, ගලායන ධාරාව අඩු වේ.

ඉහත නිරීක්ෂණ වලට අනුව X පරිපථය විය හැක්කේ,

8 / 20

8. පල්දොරු නළ පද්ධතිවල ජල උගුල් භාවිතයේ, ප්‍රධාන අරමුණ වනුයේ,

9 / 20

9. ධාරිත්‍රකයක් එහි සැපයුම් වෝල්ටීයතාවය (VS) තෙක් ප්‍රතිරෝධකයක් හරහා ආරෝපණය වීම සහ එම ආරෝපණය වූ ධාරිත්‍රකය ප්‍රතිරෝධකය හරහා විසර්ජනය වීම අනුපිළිවෙළින් දක්වන රූපසටහන කුමක්ද?

10 / 20

10. තෙකලා ප්‍රේරණ මෝටර පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - ආරම්භක ධාරාව අඩු කර ගැනීමට තරු දැල් ආරම්භක යොදා ගැනේ.

B - විදුලි සැපයුමේ ඕනෑම කලා දෙකක් හුවමාරු කිරීමෙන් මෝටරයේ භ්‍රමණ දිශාව වෙනස් කළ හැකි ය.

C - ආරම්භක ව්‍යාවර්තය ධාරිත්‍රක මගින් ලබාදිය යුතු ය.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

11 / 20

11. මට්ටම් ක්‍රියාවලියක දී එක් උපකරණ ස්ථානයක සිට A, B සහ C නම් ස්ථාන තුනකට ගන්නා ලද මට්ටම් යටි පාඨාංක පිළිවෙළින් 3.0 m, 1.5 m සහ 2.5 m වේ. B සහ C ස්ථාන, A ස්ථානය මගින් නිරූපිත මට්ටම් තලය මතවන සේ පොළොව සකස් කළ යුතුව ඇත. ඒ සඳහා සිදු කළ යුතු ක්‍රියාකාරකම් වනුයේ,

12 / 20

12. බිම් මැනුම් ස්ථාන පිහිටුවා ගැනීමේ දී පහත දැක්වෙන සාධක සලකා බැලෙයි.

A - ඕනෑම යාබද ස්ථාන දෙකක් අතර අන්තර් දෘෂ්‍යතාවය

B - ඉඩම මත සුදුසු පරිදි ත්‍රිකෝණ පිහිටුවීමට හැකි වීම

C - භූ ලක්ෂණ සඳහා අනුලම්බ ලබා ගැනීමේ පහසුව

ඉහත සාධක අතුරෙන් පරික්‍රමණ ආශ්‍රිත තියඩොලයිට්ටු මැනුමක් සඳහා බිම් මැනුම් ස්ථානයක් තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු වනුයේ,

13 / 20

13. ප්‍රමාණ සමීක්ෂණයේ දී භාවිත වන ඒකක මිල ගණනය කිරීම හා සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

A - අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ දී ලැබෙන වට්ටම අඩු වන විට අදාළ ඒකක මිල වැඩි වේ.

B - අමුද්‍රව්‍ය භාවිතයේ දී සිදු වන නාස්තිය වැඩිවීමත් සමග ඒකක මිල වැඩි වේ.

C - යන්ත්‍රෝපකරණ සඳහා වැය වන කුලිය වැඩිවීමත් සමග ඒකක මිල වැඩි වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

14 / 20

14. ගංගා ජලය පිරිපහදුවේ දී සිදු කෙරෙන පියවර කිහිපයක් පහත දක්වා ඇත.

A - ජලයේ දියවී ඇති වායුමය ද්‍රව්‍ය ඉවත් කිරීම.

B - ජලයේ අඩංගු බැක්ටීරියා ඉවත් කිරීම.

C - ජලයේ අවලම්භිත ද්‍රව්‍ය ඉවත් කිරීම.

ඉහත A, B සහ C පියවරවල දී භාවිත කරන වඩාත් සුදුසු ක්‍රම අනු පිළිවෙළින්,

15 / 20

15. ඉදිකිරීම් කර්මාන්තයේ දී විවිධ හැඩතල නිර්මාණය කිරීම සඳහා කොන්ක්‍රීට් ඉතා ප්‍රචලිත වීමට බලපාන කොන්ක්‍රීට් සතු ගුණාංගය වනුයේ,

16 / 20

16. 1:10 000 පරිමාණයට අඳින ලද සිතියමක් මත පිහිටන A සහ B ස්ථාන දෙක අතර දුර 10 cm නම්, 1:50 000 සිතියමක් මත එම ස්ථාන දෙක නිරූපණය කළහොත් ඒවා අතර දුර,

17 / 20

17. ප්‍රමාණ සමීක්ෂකයකු භාවිත කරන ලියකියවිලි හා සම්බන්ධ පහත දක්වා ඇති ප්‍රකාශ සලකා බලන්න.

A - ගැටලු පත්‍රය (query sheet) යනු වැඩබිමෙහි ඇති වන ප්‍රමාද වීම් පිළිබඳ වාර්තා තබන ලියවිල්ලයි.

B - ලුහුඬු පත්‍රය (abstract sheet) යනු මිනුම් පත්‍රයේ (taking-off sheet) සාරාංශය වාර්තා කර තබන ලියවිල්ලයි.

C - ප්‍රමාණ බිල්පතෙහි (BOQ) පළමු කොටස වන්නේ මිල නියම කිරීමේ පූර්විකාවයි (pricing preamble).

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

18 / 20

18. රූපයේ දක්වා ඇත්තේ හානි රහිත අවකර පරිණාමකයකි. මෙම පරිණාමකයේ ප්‍රාථමික දඟරයේ ගලන ධාරාව,

19 / 20

19. නිසග අර්ධ සන්නායක සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - කාමර උෂ්ණත්වයේ දී නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හා සමාන කුහර සංඛ්‍යාවක් ඇත.

B - ගලා යන ධාරාවට නිදහස් ඉලෙක්ට්‍රෝන පමණක් දායක වේ.

C - තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය හා මාත්‍රණය කිරීමෙන් N වර්ගයේ අර්ධ සන්නායක සැකසේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

20 / 20

20. දම්වැල් මැනුමේ දී ත්‍රිකෝණ කරණය ප්‍රායෝගිකව යෙදෙන ආකාරය පිළිබඳ පහත ප්‍රකාශ දෙක සලකා බලන්න.

A - මනාව සැකසූ ත්‍රිකෝණ පමණක් යොදා ගත යුතු ය.

B - සරල රේඛීය දිග පමණක් මනිනු ලබන අතර දිග මිනුම්වලින් පමණක් ඇඳිය හැකි එකම ජ්‍යාමිතික හැඩ තලය ත්‍රිකෝණය වේ.

ඉහත ප්‍රකාශ දෙක අතුරෙන්,

Your score is

The average score is 0%

0%