මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 50ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

Mix Quiz 13

1 / 20

1. මෝටර් වාහන එන්ජින් සඳහා ලිහිසි තෙල් තෝරාගැනීමේ දී බහුලව භාවිත වන ප්‍රමිතිය නිරූපණය කරන කෙටි නාමය කුමක්ද?

2 / 20

2. A, B සහ C යනු තියඩොලයිට්ටු පරික්‍රමණ සම්බන්ධ ප්‍රකාශ කිහිපයකි.

A - විවෘත පරික්‍රමණ යොදාගතහොත් මැනුමේ දෝෂය සොයා ගත හැකිය.

B - පාලන ලක්ෂ්‍ය දෙකක් අතර සිදු කරන පරික්‍රමණයක්, සංවෘත පරික්‍රමණයක් වේ.

C - පරික්‍රමණයේ හැඩය ඉඩමේ හැඩයට සමාන වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍ය වනුයේ,

3 / 20

3. සම්ප්‍රදායික ඖෂධීය නිෂ්පාදන දේශීයව නිපදවීම පිළිබඳ ව පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න.

A - ඖෂධීය නිෂ්පාදන නිපදවීම සඳහා නව තාක්ෂණය යොදාගත යුතුව ඇත.

B - කාර්යබහුල ජීවන රටාවට ගැළපෙන ආකාරයෙන් සම්ප්‍රදායික ඖෂධීය නිෂ්පාදන වෙළෙඳ පොළට ඉදිරිපත් කළ යුතුව ඇත.

C - නිෂ්පාදනවල ඖෂධීය ගුණය වැඩිදියුණු කිරීම සඳහා පර්යේෂණ කළ යුතුව ඇත.

ඉහත ප්‍රකාශ අතුරෙන් දේශීයව නිපදවන සම්ප්‍රදායික ඖෂධීය නිෂ්පාදන සඳහා අපනයන වෙළෙඳ පොළක් ගොඩනගා ගැනීමට වඩාත් ම අදාළ වන ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

4 / 20

4. තද පසින් යුතු භූමියක මහල් දෙකකින් සමන්විත ගොඩනැගිල්ලක් කොන්ක්‍රීට් රාමු සකසා ඉදිකිරීමේ දී කොන්ක්‍රීට් කුළුණු සඳහා ප්‍රමාණවත් වන අත්තිවාරම් වර්ගය වනුයේ,

5 / 20

5. පහත දැක්වෙන කළමනා කරණ ක්‍රියාකාරකම් සලකා බලන්න.

A - ගිණුම් කරණය

B - තරගකාරීත්ව විශ්ලේෂණය

C - නිෂ්පාදන සැලසුම්කරණය

ව්‍යාපාර සැලැස්මක් පිළියෙළ කිරීම සඳහා භාවිත කළ යුතු ක‍්‍රියාකාරකම/ක්‍රියාකාරකම් වනුයේ,

6 / 20

6. මැනුම් රේඛාවකට (AB) සාපේක්ෂව කිසියම් ස්ථානයක (C) පිහිටීම සෙවීම සඳහා θ1, θ2, θ3, d, d1, d2, d3 සහ d4 මිනුම් ගැනීමේ දී යොදා ගත නොහැකි ක්‍රමයක් දැක්වෙන රූප සටහන වනුයේ කුමක්ද?

 

7 / 20

7. ගිනි නිවීමේ දී භාවිත කෙරෙන ද්‍රව්‍ය සමහරක් පහත දැක් වේ.

A – ජලය (water)

B - පෙණ (foam)

C - කාබන් ඩයොක්සයිඩ් (CO₂)

D - තෙත් රසායනික ද්‍රව්‍ය (wet chemicals)

ඉහත ද්‍රව්‍ය අතුරෙන්, ද්‍රව ඉන්ධන නිසා ඇති වන ගින්නක් නිවීමේ දී භාවිතයට සුදුසු වන්නේ,

8 / 20

8. SLS ප්‍රමිතියට අනුව, ඉංජිනේරු ගඩොලක දිග සහ අනෙකුත් අදාළ මාන අතර නිවැරදි සම්බන්ධය වනුයේ,

9 / 20

9. ප්‍රමාණ බිල්පත් සඳහා අරය 2 mක් සහ උස 1 m ක් වන සිලින්ඩරාකාර ටැඹ පහක පරිමාව සඳහා මිනුම් ගැනීමේ නිවැරදි ආකාරය කුමක්ද?

10 / 20

10. කොන්ක්‍රීට් නිෂ්පාදනයේ දී අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගන්නා රළු සමාහාරකවල පොදු ලක්ෂණයක් වනුයේ,

11 / 20

11. පතුල රහිත කුහර කේතුවක පාදමේ විෂ්කම්භය එහි ඇල උසට සමාන නම් එහි නිවැරදි විකසන රූපය වන්නේ කුමක්ද?

12 / 20

12. ගොඩනැගිල්ලකින් නිවැසියන්ට, අසල් වැසියන්ට සහ පරිසරයට ලැබිය යුතු ආරක්ෂාව හා සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කර ගැනීම සඳහා ගත යුතු අත්‍යවශ්‍යම ක්‍රියාමාර්ගය වනුයේ,

13 / 20

13. කොන්ක්‍රීට් මිශ්‍රණ සකස් කිරීමේ දී භාවිත වන බැඳුම්කාරකය (binding agent) යනු,

14 / 20

14. ගඩොල් වරි හතරකින් බැඳි බැම්මක ත්‍රිමාන පෙනුමක් රූපයේ දැක්වේ. බැම්ම පිළිබඳ තොරතුරු කිහිපයක් A සිට F දක්වා අක්ෂර වලින් දැක්වේ.

A - මෙය ඉංග්‍රීසි බැම්මකි.

B - අති වැස්ම (lap length) මෙහි දිස් වේ.

C - බඩගල් වරි (stretcher course) හා ඔලුගල් වරි (header course) දෙකම දක්නට ඇත.

D - එක් කෙළවරක් පඬි පැන්නුම (racking back end) සහිතය.

E - බඩගල් වරිය (stretcher course) පමණක් දිස් වේ.

F - ආනබාන්දුවක් (queen closer) මෙහි යොදා ඇත.

මෙම ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,

15 / 20

15. වගුවෙහි දැක්වෙනුයේ මට්ටම් ක්‍රියාවලියක දී ලබා ගන්නා ලද පාඨාංක වලින් සමහරකි. X සහ Y පාඨාංක පිළිවෙළින් වනුයේ,

16 / 20

16. බිම් මැනුමේ (land surveying) මූලික අරමුණ වනුයේ,

17 / 20

17. වර්නියර කැලිපරයක මූලාංක දෝෂයක් ඇති බැවින්, 10 mm ක සත්‍ය දිගක් මැනීමේ දී එය 10.10 mm ලෙස දක්වයි. එමගින් සත්‍ය දිග 20 mm වූ මිනුමක් ගැනීමේ දී දක්වන පාඨාංකය කුමක්ද?

18 / 20

18. ව්‍යාපාරයකට මුහුණදීමට සිදු විය හැකි අවදා නම් අවම කරගැනීම සඳහා ව්‍යවසායකයකු විසින් වැඩිදියුණු කරගත යුතු වඩාත් ම වැදගත් කළමනා කරණ කුසලතාවය කුමක්ද?

19 / 20

19. විශාල කර්මාන්ත ශාලාවක් සඳහා ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ දී මිනිස් ශ්‍රමය මගින් පමණක් කාර්ය කිරීම අපහසු බැවින්,

A - අත්තිවාරම කැපීම

B - කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම

C - කොන්ක්‍රීට් සුසංහසනය කිරීම

වැනි කාර්ය සඳහා යන්ත්‍ර උපයෝගී කර ගැනීමට අවශ්‍ය ය.

A, B, C යනුවෙන් දක්වා ඇති කාර්ය සඳහා සහාය ලබා ගත හැකි යන්ත්‍රෝපකරණ පිළිවෙළින්,

20 / 20

20. පහත දක්වා ඇති රූප අතුරෙන් ඉංජිනේරු ඇඳීම සඳහා වූ SLS සම්මතයට අනුව නිවැරදිව මාන දක්වා ඇති රූපය කුමක්ද?

Your score is

The average score is 0%

0%