මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 50ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

Mix Quiz 8

1 / 20

1. නිවසකට ජලය පොම්ප කිරීමේ සැලසුමක් රූපයේ දැක්වේ.

ජල පොම්පයේ ධාරිතාව තීරණය කිරීම සඳහා සැලකිය යුතු උස⁄ උසවල් වනුයේ,

2 / 20

2. වාහනයක භාවිත වන ඉන්ධන වල තාප ජනන අගය (calorific value) සඳහා නිවැරදි මිනුම් ඒකක මොනවාද?

3 / 20

3. නිවාස ඒකකයක් පිළිබඳව පහත දැක්වෙන පරාමිති සලකා බලන්න.
A - නිවාස ඒකකයේ මුළුතැන්ගෙයි ගෙබිම් වර්ග ඵලය
B - ගොඩනැගිල්ලක වාතාශ්‍රය
C - නිවාස ඒකකයේ උස
D කාමරයක වාසය කළ හැකි පුද්ගලයන් සංඛ්‍යාව
රජයේ 1986.03.10 දිනැති අතිවිශේෂ ගැසට්‌ නිවේදනයේ අඩංගු වන නාගරික සංවර්ධන අධිකාරියේ (UDA), සැලසුම් සහ ගොඩනැගිලි නියෝග මගින් පාලනය වනුයේ,

4 / 20

4. දෙන ලද ඛණ්ඩාංක පද්ධතියකට සාපේක්ෂව A නම් ලක්ෂ්‍යයක නැගෙනහිර සහ උතුර ඛණ්ඩාංක පිළිවෙළින් (1000 m, 1000 m) විය. උතුරු අක්ෂය 1000 m කින් නැගෙනහිර දිශාවට ද, නැගෙනහිර අක්ෂය 500 m කින් උතුරු දිශාවට ද විතැන් කරන ලද්දේ නම්, A ලක්ෂ්‍යයෙහි නව නැගෙනහිර සහ උතුරු ඛණ්ඩාංක පිළිවෙළින් වනුයේ.

5 / 20

5. දී ඇති සටහනේ මිනුම් පත්‍රයක කොටසක් මිනුම් සමඟ දැක්වේ. එමගින් දැක්වෙන මිනුම් ප්‍රමාණය කුමක්ද?

6 / 20

6. ජල පවිත්‍ර කරණ ක්‍රියාවලියේ දී ජලයට ඇලම් (Alum) එක් කිරීමේ ප්‍රධාන අරමුණ වනුයේ,

7 / 20

7. පූතික ටැංකියක ක්‍රියාකාරිත්වය සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න.

A - පූතික ටැංකියේ අපවාහ කෙළින් ම භූගත ජලයට නිදහස් කළ හැකි ය.

B - බොර සහ උඩ පාවෙන මංඩි පූතික ටැංකියේ රැඳේ.

C - පූතික ටැංකිය තුළ ඇති ඝන සහ ද්‍රව අපද්‍රව්‍ය බැක්ටීරියා මගින් වියෝජනය වෙයි.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,

8 / 20

8. අතින් සුසංහසනය කරන ලද (hand-compacted) කොන්ක්‍රීට් වල සම්පීඩන ප්‍රබලතාවය (y), ජල සිමෙන්ති අනුපාතයට (x) අනුව වෙනස්වීම නිවැරදිව දැක්වෙන ප්‍රස්තාරය කුමක්ද?

9 / 20

9. ඝන සිමෙන්ති බ්ලොක් ගල් (solid cement blocks) සහ කෝෂ සිමෙන්ති බ්ලොක් ගල් (cellular cement blocks) භාවිතයෙන් ඉදිකරන ලද බිත්ති සම්බන්ධයෙන් පහත දී ඇති ප්‍රකාශ සලකා බලන්න.

          A -කෝෂ සිමෙන්ති බ්ලොක් ගල් බිත්ති, ඝන සිමෙන්ති බ්ලොක් ගල් බිත්ති වලට වඩා හොඳ ශබ්ද සහ තාප පරිවාරක වේ.

          B - කෝෂ සිමෙන්ති බ්ලොක් ගල් බිත්ති, ඝන සිමෙන්ති බ්ලොක් ගල් බිත්තිවලට වඩා බරින් අඩුය.

          C - කෝෂ සිමෙන්ති බ්ලොක් ගල් භාවිතයේ දී කෝෂයේ විවර උඩු අතට සිටින පරිදි බිත්ති බඳිනු ලැබේ.

ඉහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වන්නේ කුමක්ද?

10 / 20

10. බිම් මැනුම සහ මට්ටම් ගැනීම සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.

       A - බිම් මැනුමේ දී, භූ ලක්ෂණ වල සාපේක්ෂ පිහිටීම නිර්ණය කරනු ලැබේ.

       B - කුඩා පරිමාණයේ සිතියම් නිර්මාණය සඳහා සිදු කරනු ලබන මැනුම් ක්‍රියාවලියේ දී පමණක් පුර්ණයේ සිට කොටස දක්වා මැනීමේ' මූලධර්මය භාවිත කරනු ලැබේ.

       C - මට්ටම් රේඛාව පිල් ලකුණකින් (BM) හෝ තාවකාලික පිල් ලකුණකින් (TBM) ආරම්භ සහ අවසාන කළ යුතුය.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,

11 / 20

11. A, B, C හා D ලෙස නම් කරන ලද වෝල්ට්ස්මාන හතරක විශ්වාසනීයත්වය පරීක්ෂා කිරීම සඳහා ඒවා එකිනෙක භාවිතයෙන් සම්මත 110 V සරල ධාරා (DC) වෝල්ටීයතාවයක් තුන්වර බැගින් මනින ලදී. ලබාගත් පාඨාංක පහතදැක්වේ.

        A - 107 V, 109 V, 111 V

        B - 107 V, 108 V, 109 V

        C - 108 V, 112 V, 116 V

        D - 104 V, 107 V, 110 V

ඉහත වෝල්මාන අතුරින් වඩාත්ම නිරවද්‍ය (accurate) සහ වඩාත්ම යථාතථ්‍ය (precise) වන වෝල්ට්මාන දෙක පිළිවෙළින්,

12 / 20

12. භාණ්ඩයක සැපයුම් වක්‍රයෙහි ඇති විය හැකි හැසිරීම් රූප සටහනේ දැක්වේ.

ඒ අනුව සැපයුම් වක්‍රය S0 සිට S1 දක්වා විතැන්වීමට හේතුවක් සහ එය S0 සිට S2 එය S සිට දක්වා විතැන්වීමට හේතුවක් පිළිවෙළින්,

13 / 20

13. විදුලි බලයෙන් ක්‍රියා කරන මෝටර් රථ සම්බන්ධව පහත දැක්වෙන කරුණු සලකා බලන්න.

A - අමතර කොටස් හිඟවීම

B - බැටරි නැවත ආරෝපණය කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතා

C - ඒකක දුරක් ගමන් කිරීමේ පිරිවැය වැඩිවීම

ඉහත දැක්වෙන කරුණු අතුරින්, ශ්‍රී ලංකාව තුළ විදුලි මෝටර් රථ අඩු වශයෙන් ජනප්‍රිය වීමට බලපාන හේතුව/ හේතු වනුයේ,

14 / 20

14. සිවිල් ඉංජිනේරු ඉදිකිරීමේ ව්‍යාපෘතියක ප්‍රමාණ බිල් පත්‍රයේ (BOQ) ප්‍රාථමික (Preliminaries) ගණයට අයත් මිල අයිතම මොනවාද?

15 / 20

15. සිව් පහර (four stroke) පුළිඟු දහන (spark ignition) එන්ජිමක පහර හතර අනුපිළිවෙළින්,

16 / 20

16. පහත රූපයේ දැක්වෙනුයේ මට්ටම් ගැනීමේ අභ්‍යාසයක දී ලබා ගත් මට්ටම් පාඨාංක කිහිපයකි.

තෝරාගත් මට්ටම් තලයකට සාපේක්ෂව තාවකාලික මට්ටම් ස්ථානයේ (TBM) ඌනිත උස (reduced level) 100 m නම්, A සහ B ස්ථාන වල ඌනිත උස වනුයේ පිළිවෙළින්,

17 / 20

17. තියොඩොලයිටුවක් භාවිත වන මැනුම් ක්‍රියාවලියක දී මනින ලද මැනුම් රේඛාවක සිරස් කෝණය 120° ද, එහි ඇල දිග 50 m ද විය. එම රේඛාවේ තිරස් දිග කොපමණ ද?

18 / 20

18. ඝන වස්තුවක සමාංශක පෙනුමක් රූපයේ දැක්වේ. එය දෙස A ඊතලය දිශාවෙන් සහ B ඊතලය දිශාවෙන් බැලූ විට පෙනෙන ආකාර නිවැරදිව නිරූපණය වන්නේ, (රූප පරිමාණයට ඇඳ නැත.)

19 / 20

19. ඉදිකිරීම් කම්කරුවකුගේ වැටුප් පතෙහි සඳහන් අයිතම කිහිපයක් පහත දැක්වේ.

       A - සේවාදායකයා විසින් ගෙවනු ලබන සේවක අර්ථසාධක අරමුදලේ (EPF) දායකත්වය

       B - සේවාදායකයා විසින් ගෙවනු ලබන සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ (ETF) දායකත්වය

       C - සේවාදායකයා විසින් ගෙවනු ලබන සේවක රක්ෂණ ගාස්තු

       D - සේවාදායකයා විසින් සේවකයාගේ වැටුපෙන් අඩු කර ගන්නා ණය වාරික

       E - සේවාදායකයා විසින් සේවකයාගේ වැටුපෙන් අඩු කර ගන්නා ආදායම් බදු

ඉහත අයිතම අතුරෙන් සේවකයකුට ශ්‍රමය සඳහා සියල්ල අඩංගු මිල (All in labour rate) ගණනය කිරීමේ දී ඇතුළත් වන අයිතම වනුයේ,

20 / 20

20. ව්‍යාපාරයක වර්තමාන වෙළෙඳපොළ තත්ත්වය අධ්‍යයනය කිරීම පිළිබඳ පහත දැක්වෙන අරමුණු සලකා බලන්න.
A - වෙළෙඳ පොළෙහි පවතින තත්ත්වය පාලනය කිරීම
B - වෙළෙඳ පොළට සුදුසු අලෙවිකරණ උපායමාර්ග තීරණය කිරීම
C - අලෙවිකරණය සඳහා ව්‍යාපාරය සතු හැකියාවන් හඳුනා ගැනීම
D - පාරිභෝගිකයන්ගේ රුචි අරුචිකම් හඳුනා ගැනීම
ඉහත අරමුණු අතරින් ව්‍යාපාරය සඳහා අලෙවිකරණ සැලසුමක් සකස් කිරීමේ දී වර්තමාන වෙළෙඳ පොළ අධ්‍යයනය කිරීමේ ප්‍රධාන අරමුණු දෙකක් වනුයේ,

Your score is

The average score is 5%

0%