මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 50ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

Mix Quiz 6

1 / 20

1. ශ්‍රී ලංකාවේ ජාතික සැපයුම් ජාලයෙහි, තෙකලා විදුලි සැපයුමෙහි මං වෝල්ටීයතාව (Line voltage) සහ සංඛ්‍යාතය (Frequency) කොපමණ ද?

2 / 20

2. ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර පරිපථයක, ද්වාරය (Gate) සහ ප්‍රභවය (Source) අතර වොල්ටීයතාව (VGS) ශුන්‍යව පවතින විට, සොරොව් ධාරාව (ID) නියත අගයක් ලබනුයේ, සොරොව්ව (Drain) සහ ප්‍රභවය අතර වොල්ටීයතාවයේ (VDS) පහතදැක්වෙන කුමන සංඛ්‍යාත්මක අගයක් ඉක්මවා ගිය විට දීද?

3 / 20

3. ගෘහ විදුලි පිහිටැවුමක විදුලි කාන්දුවක් සිදු වූ විට විදුලි සැපයුම ක්ෂණිකව විසන්ධි වීම සඳහා යොදා ගැනෙන පරිපථ උපාංගය කුමක්ද?

4 / 20

4. රූපයේ දැක්වෙන කාරකාත්මක වර්ධක (op-amp) පරිපථයෙහි වෝල්ටීයතා ලාභය කොපමණ ද?

5 / 20

5. සාර්ථක ව්‍යාපාර බිහි වීම නිසා ලැබෙන වාසි කිහිපයක් පහත දැක් වේ.

A බදු ආදායම ඉහළ නැගීම

B - නව්‍යකරණය කරන ලද භාණ්ඩ සහ සේවා භාවිත කිරීමට හැකියාව ලැබීම

C - ඉහළ ආදායම් ඉපැයීමට අවස්ථා ලැබීම

D - විදේශ වෙළෙඳ පොළට බලපෑම් කිරීමට හැකි වීම

E - විරැකියාවට විසඳුමක් ලැබීම

ඉහත වාසි අතුරෙන් සමාජයට ලැබිය හැකි ඍජු වාසි තුන වනුයේ,

6 / 20

6. සාමාන්‍ය පුද්ගලයකුගේ ක්ෂණික මරණයට හේතු විය හැකි අවම ප්‍රත්‍යාවර්ත ධාරාවෙහි විශාලත්වය කොපමණද?

7 / 20

7. ශ්‍රී ලංකාවේ ජාතික විදුලි සැපයුම් ජාලයෙන් එකලා ගෘහ සැපයුමකට ලබා ගැනීමට අවසර දී තිබෙන උපරිම ධාරාව කොපමණ ද?

8 / 20

8. ශ්‍රේණිගත ලෙස සම්බන්ධ කර ඇති 6 pF වන ධාරිත්‍රක හයක සමක ධාරිතාව කොපමණ ද?

9 / 20

9. පහත සමාංශක ප්‍රක්ෂේපණය (isometric projection) මගින් දැක්වෙන වස්තුව දෙස A සහ B ඊතල දෙසින් බැලූ විට පෙනෙන සෘජු ප්‍රක්ෂේපණ (orthogonal projections) පෙනුම් දැක්වෙන රූප සටහන කුමක්ද? (රූපසටහන් ඇඳ ඇත්තේ පරිමාණයට නොවේ.)

10 / 20

10. වොට් - පැය මීටරයෙන් (Watt-hour meter) පසු ශේෂ ධාරා පරිපථ බිඳිනය (RCCB), සිඟිති පරිපථ බිඳිනය (MCB) සහ වෙන්කරනය (Isolator) සම්බන්ධ කළ යුතු නිවැරදි අනුපිළිවෙළ කුමක්ද?

11 / 20

11. චුම්බක ස්‍රාවය මනින සම්මත ඒකකය කුමක්ද?

12 / 20

12. වෘත්තාකාර සිලින්ඩරයක බාහිර විෂ්කම්භය නිර්ණය කිරීමේ දී පහත දැක්වෙන දෝෂ බලපෑ හැකි ය.

A - මිනුම් උපකරණයේ මූලාංක දෝෂය

B සිලින්ඩරයේ වෘත්තාකාර භාවයේ තිබිය හැකි දෝෂ

C - මිනුම් ලබා ගන්නා ආකාරය නිසා ඇති විය හැකි දෝෂ

පාඨාංක කිහිපයක් ලබාගෙන සාමාන්‍ය අගය ගණනය කිරීම මගින් අවම කරගත හැකි දෝෂය හෝ දෝෂ මොනවාද?

13 / 20

13. සංඛ්‍යාත මූර්ජනයේ දී, සංඥාවේ විස්තාරය අනුව වෙනස් කෙරෙන පරාමිතිය/පරාමිති මොනවා ද?

14 / 20

14. පහත දක්වා ඇත්තේ කේන්ද්‍රාපසාරී පොම්පයක් හා සම්බන්ධ පරාමිති තුනකි.

A - පොම්ප කරණ තරලයේ ගැලීම් ශීඝ්‍රතාව

B - පොම්පකරණ හිස

C - පොම්ප කරණ තරලයේ ඝනත්වය

ඉහත පරාමිති අතුරෙන් කේන්ද්‍රාපසාරී පොම්පයක් පරිභෝජනය කරන ජව ප්‍රමාණය රඳා පවතිනුයේ,

15 / 20

15. රූපයේ දැක්වෙන පරිපථයේ ද්වාරය (Gate) සහ ප්‍රභවය (Source) අතර වොල් ල්ටීයතාව (VGS) වැඩි කළ විට සොරොව් ධාරාවේ (ID) සහ සොරොව්ව (Drain) හා ප්‍රභවය අතර වොල්ටීයතාවයේ (VDS) හැසිරීම විස්තර වන නිවැරදි ප්‍රකාශනය තෝරන්න.

16 / 20

16. ප්‍රදාන තරංගාකාරය Vin වූ විට, රූපයේ දැක්වෙන පරිපථයෙහි ප්‍රතිදාන තරංගාකාරය කුමක්ද?

17 / 20

17. සංඛ්‍යාංක (digital) පරිපථ තුනක් රූපවල දැක්වේ.

ඒවා අතුරෙන් Y = P’Q + (PQ)’ බුලියානු ප්‍රකාශනය නිරූපණය කරන පරිපථය/පරිපථ වනුයේ,

18 / 20

18. ප්‍රදාන තරංගාකාරය Vin වූ විට, රූපයේ දැක්වෙන පරිපථයෙහි RL ප්‍රතිරෝධකය හරහා ඇතිවන වොල්ටීයතා තරංගාකාරය කුමක්ද?

 

19 / 20

19. විදුලි සංඥා සම්ප්‍රේෂණ මාර්ගයක (signal transmission line) ප්‍රාථමික සාධකයක් නොවන්නේ කුමක්ද?

20 / 20

20. පවතින විදුලි ඉංජිනේරු ආයතනීය රැහැන් ඇදීම පිළිබඳ නියෝග වලට (Institute of Electrical Engineers-IEE-Regulations) අනුකූලව මුදු පරිපථ (ring circuits) සඳහා පහත සඳහන් කුමන වගන්ති නිවැරදි වේද?

2 A - යොතෙහි (cable) හරස්කඩ වර්ග ඵලය 2.5 mm² විය යුතු ය.

B - මුදු පරිපථයෙන් ආවරණය වන වර්ගඵලය 100 m' නොඉක්ම විය යුතු ය.

C - කෙවෙනි පිටවාන ධාරා ප්‍රමාණනය 13 A විය යුතු ය.

D - අධිබැර ආරක්ෂණ උපාංගයේ (overload protection device) ධාරා ප්‍රමාණනය 32 A විය යුතු ය.

Your score is

The average score is 0%

0%